ඉස්ලාම් ආගමට අනුව |
ක්රිස්තියාණි ආගමට අනුව |
---|---|
ඉස්ලාම් ආගමට අනුව දෙවියන් අර්ථ දැක්වීම (අල්කුරාණ් 112 :1 සිට 4) "පවසවු. ඇත්ත වශයෙන්ම අල්ලාහ් එක්කෙනෙකි. |
ක්රිස්තියාණි ආගමට අනුව දෙවියන් අර්ථ දැක්වීම (ද්විතීය කථාව 6: 4) "එම්බා, ඉශ්රායෙල්, අසාපන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය." (මාර්ක්:12:29) "යේසුස්වහන්සේ උත්තරදෙමින්: ප්‍රධාන එක නම්-අහෝ ඉශ්රායෙල්, අසාපන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය උන්වහන්සේ එකම (දෙවියන්වහන්සේ)ය. " |
ඉස්ලාම් ආගමට අනුව විශාලම පාපය අල්ලාහ් හැර වෙනත් දෙවිකෙනෙක් නැමදීමයි (අල්කුරාණ් 4:48) "සැබැවින්ම අල්ලාහ් තමන්ට ආදේශ තබනු ලැබීමට සමාව නොදෙන්නේමය. එය නොවන දෑ සඳහා ඔහු කාහට අභිමත කරන්නේද ඔහුට සමාව දෙන්නේය. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේද ඔහු මහත් වූ පාපයක් ඇති කළෙහිය. " |
ක්රිස්තියාණි ආගමට අනුව විශාලම පාපය අල්ලාහ් හැර වෙනත් දෙවිකෙනෙක් නැමදීමයි (නික්මයාම 20: 1 සිට 5) "දෙවියන්වහන්සේ කථාකොට මේ සියලු වචන වදාරනසේක්: මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් තා පිටතට ගෙනාවාවූ තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. මා හැර අන් දෙවිවරුන් තට නොසිටුවවු. කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පහත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදානොගනු. ඊට නමස්කාර නොකරවු, සේවය නොකරවු. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්තීන් නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නෙහුය. |
ඉස්ලාම් ආගමට අනුව ජේසුස් වහන්සේ දෙවියන් නොවේ (අල්කුරාණ් 5:72) "සැබවින්මය අල්ලාහ්, ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යන්නෙන් පැවසූ අය සැබවින්ම ප්රතික්ෂෙප කළවුන්ය. ඊස්රායිල්ගේ දරුවනි! මාගේද නුඹලාගේද පරමාධිපති වන අල්ලාහ්ට නුඹලා නමදිවු යැයි මසීහ් පැවසුවේය. සැබවින්ම කවරෙකු අල්ලාහ්ට ආදේශ තැබුවේද ඔහු කෙරෙහි අල්ලාහ් ස්වර්ගය තහනම් කර ඇත. තවද ඔහු ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. තවද අපරාධකරුවන්ට උදව් කරන්නන්ගෙන් කිසිවෙකු නැත. " |
ක්රිස්තියාණි ආගමට අනුව ජේසුස් වහන්සේ දෙවියන් නොවේ (යොහාන් 14 :28) "මම අහක්ව ගොස් නුඹලා ළඟට නැවත එමියි මා නුඹලාට කී බව නුඹලා ඇසුවහුය. නුඹලා මට ප්‍රේමකළහු නම්, පියාණන්වහන්සේ ළඟට මා යන බැවින් නුඹලා සන්තෝෂවන්නහුය. මක්නිසාද පියාණන්වහන්සේ මට වඩා උතුම්ය." (යොහාන් 10: 29) "ඔවුන්(ජේසුස්වහන්සේගේ අනුගාමිකයින්) මට දුන්නාවූ මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය. " ."යොහාන් 10: 30 පදයෙහි මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක " යන්න බොහෝ දෙනා ජේසුස් වහන්ස සහ දෙවියන් වහන්ස දෙදෙනාම එක්කෙනෙක් බව වැරදියට තේරුම් ගෙන තිබේ. නමුත් මෙයින් ඇත්තෙන්ම ජේසුස් වහන්සේ අදහස්කළේ ඔහු මෙන්ම දෙවියන්වහන්සේගේද අරමුණ එකමයි යන්නයි. එනම් ඔවුන් දෙදෙනාගේම අරමුණ ජේසුස්වහන්සේගේ අනුගාමිකයින්ට සදාකාලික ජීවිතය ලබාදීමයි. මෙම පරිච්ඡේදයේ 25 වන වාක්‍යයේ සිට කියවන විට මේ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. (මතිවු 12:28) "නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ. " (ලූක් 11:20) "නුමුත් මම දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරුකරම් නම්, සැබවින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කෙරෙහි පැමිණ තිබේ. " (යොහාන් 5: 30-32) "මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි. මම මා ගැනම සාක්ෂිදෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ. මා ගැන සාක්ෂිදෙන්නේ වෙන කෙනෙක්ය; උන්වහන්සේ විසින් මා ගැන දෙන සාක්ෂිය සැබෑ බව දනිමි. " |
ඉස්ලාම් භක්තිකයින් දෙවියන් අල්ලාහ් නමින් අමතති. |
ජේසුස් වහන්සේ විසින් දෙවියන් ඇමතීමට අල්ලාහ් නම් වචනය භාවිතා කර තිබුණි
(මාර්ක් 15:34) (මතිවු 27:46) "එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. " |
ඉස්ලාම් ආගමේ සලාතය හෙවත් දෙවියන් නැමදීම අනිවාර්ය වේ. මුස්ලිම්වරු මෙන් මුහුණින් වැටී දෙවියන් වඳිති. |
බයිබලයට අනුවද වක්තෘවරුන් මුහුණින් වැටී සලාතයේ යෙදී ඇත. (උත්පත්ති 17 3) "මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය. "
(ගණන් කථාව 20: 6) "එවිට ආබ්‍රම් මුහුණින් වැටුණේය. " (යොෂුවා 5:14) "එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාර කොට " (මතිවු 26: 39) "උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: " |
ඉස්ලාම් ආගමේ උපවාසයෙහි යෙදීම අනිවාර්යවේ. |
බයිබලයට අනුවද උපවාසයෙහි යෙදිය යුතුය (මාර්ක් 9 :29)"යාච්ඤාවෙන් සහ නිරාහාරයෙන් සිටීම මිස වෙන ආකාරයකින් මේ ජාතිය දුරුකරන්ට නුපුළුවනැයි ඔවුන්ට කීසේක. " |
ඉස්ලාම් ආගමේ ඌරුමස් අනුභව කිරීම තහනම් වේ |
බයිබලයට අනුවද ඌරුමස් තහනම් (ලෙවී කථාව 11 7-8) (ද්වීතීය කථාව 14 : 8-9) "ඌරා, කුරය බෙදී වෙන්ව තිබෙන නුමුත් වමාරානොකන නිසා ඌ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මාංස නොකල්ලා, උන්ගේ මළකුණු ස්පර්ශනොකරල්ලා; උන් නුඹලාට අපවිත්‍රය. " |
ඉස්ලාම් ආගමේ කාන්තාවන් හිසකෙස් ආවරණය කළ යුතුය |
බයිබලයට අනුවද කාන්තාවන් හිසකෙස් ආවරණය කළ යුතුය (1 කොරින්ති 11 5:-6) "නුමුත් හිස නොවසා යාච්ඤා කරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය. මක්නිසාද ස්ත්‍රියෙක් හිස වසා නොගනිතොත් හිසකේ කපාගනීවා. නුමුත් ස්ත්‍රියකට හිසකේ කැපීමවත් මුඩුකිරීමවත් ලජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇතුව සිටීවා. " |
ඉස්ලාම් ආගමට අනුව පිරිමින් චර්මඡෙදනය කළ යුතුය |
බයිබලයට අනුවද පිරිමින් චර්මච්ඡේදනය කළ යුතුය (ක්‍රියා 7:8) "උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජ්යෙෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය " (යොහාන් 7:22) "මෝසෙස් චර්මඡේදනය නුඹලාට දී තිබේ; (නුමුත් ඒක මෝසෙස්ගෙන් නොව පියවරුන්ගෙන්ය.) නුඹලා සබත් දවසේදී මනුෂ්‍යයෙකු චර්මඡේදනයකරති. " (ලූක් 2: 21) "උන්වහන්සේ චර්මඡේදනයකිරීමට අට දවස සම්පූර්ණවූ කල, උන්වහන්සේ කුසෙහි පිළිසිඳෙන්ට පළමුවෙන් දේවදූතයා විසින් කියනලද යේසුස් යන නාමය උන්වහන්සේට තබනලද්දේය. " |