අද වන විට දශක අටක් තිස්සේ ජීවිත දස දහස් ගණනක් බිලි ගත් ඊශ්‍රායල සහ පලස්තීන ගැටුමට හේතු ලෙස බොහෝ දෙනා මෙය බෙහෙවින් සංකීර්ණ ගැටළුවක් බව පවසා සත්‍යය වසං කිරීමට උත්සාහ දරන බවක් පෙණෙන්නට තිබේ. විශේෂයෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන් විසින් පාලනය වන ජනමාධ්‍ය ආයතන විසින් එලි දක්වන කරුණු වල ඒකපාර්විෂ්වික භාවය හේතුවෙන් මෙම ගැටුමෙහි සුළ මුල සහ සත්‍යය අවබෝධ කිරීම ඉතාමත් දුෂ්කරව පවතී.
බොහෝ මාධ්‍ය ආයතන ඊශ්‍රායල නිරූපණය කරමින් ලෝක මතය හසුරුවන්නට උපක්‍රමශීලීව සකස් කළ වචන මාලාවක් භාවිතා කරති. පීඩිතයන්ගේ හඬ අවුරනවමින් මෙලෙස සකස් කරන ලද කතාමාලාව නැවත නැවත ඔප දමමින්, පලස්තීනුවන් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ත්‍රස්තවාදීන් ලෙස ඉදිරිපත් කරති. එනමුත් යථාර්තය නම් අවතැන්වීම, දුක් කම් කටොළු, අසාධාරණත්වය, පීඩාව ඇතුලු මානුෂික අපරාධ ය. මේ නිසා අප ඊශ්‍රායලය නිරූපණය කරන මාධ්‍ය ප්‍රකාශකයින් බහුලව භාවිතා කරන බොරු ප්‍රචාර කිහිපයක් ගැඹුරින් අධ්‍යයනය කොට සත්‍යය අවබෝධ කරගනිමු.
ඊශ්‍රායල මාධ්‍ය ප්‍රකාශකයින් නිතර පවසන්නේ, ගාසාහි ගුවන් ප්‍රහාර හෝ බටහිර ඉවුරේ මෙහෙයුම්, හමාස් රොකට් ප්‍රහාරවලට හෝ "ත්‍රස්තවාදයට" එරෙහිව ආරක්ෂක පියවර බවයි.
ආත්මාරක්ෂාව යනු මානව අයිතියකි. එනමුත් මෙහි ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ආත්මාරක්ෂාව ද?. ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය හුදෙක්ම ප්‍රතිචාර නොව. උදාහරණයක් ලෙස 1948 නක්බාව හෙවත් ඛේදවාචකය ලෙසින් හඳුන්වන පලස්තීනුවන් 750,000ක් බලහත්කාරයෙන් අවතැන් කරනු ලැබූ මෙහෙයුම සහ 1967 හි සිදු වූ දින 7 යුද්ධයෙන් පසුව නක්සා ලෙසින් හඳුන්වන නක්බා හි ඉදිරි පියවරින් පස්තීනුවන් 400,000ක් පමණ අවතැන් කරනු ලැබූ අතර ඔවුන්ගෙන් 120,000ක් නක්බාවෙන් කළින් වතාවක් අවතැන් වූවන් ය. මෙපමණක් නොව, 1967 සිට දිගින් දිගටම ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ගේ භූමිය ක්‍රමක්‍රමයෙන් බලහත් කාරයෙන් අත්පත් කරගනිමින් පලස්තීනුවන් අද වන තුරු ක්‍රමක්‍රමයෙන් අවතැන් කරමින් සිටී.
තව ද ගාසා නම් කුඩා ඉඩම් තීරය, 2007 සිට ආහාර, බෙහෙත්, සහ ගමනාගමනය පමණක් නොව ජලය පවා පාලනය කරමින්, එක්සත් ජාතීන් විසින් "ජීවත්විය නොහැකි" තත්ත්වයක් ලෙස හඳුන්වන ආකාරයේ බාධකයන්ට යටත්ව පවතී. පලස්තීනුවන්ගේ විරෝධතාවයන් හෝ රොකට් ප්‍රහාර ඔවුන් දශක ගණනාවක් තිස්සේ ලක්වූ අසාධාරණත්වයන් හේතුවෙන් සිදුකරන බලවත් ප්‍රතිචාරයක් මිස මෙය ආක්‍රමණයක් හෝ ත්‍රස්තවාදයක් නොව.
තව ද මෙහි දී පලස්තීනුවන්ගේ භූමිය ආක්‍රමණය කර ඇත්තේ ඊශ්‍රායලය මිසක් ඊශ්‍රායල් භූමිය පලස්තීනුවන් ආක්‍රමණයක් කර නැත. මේ හේතුවෙන් ඊශ්‍රායලයට පලස්තීනුවන්ගෙන් ආත්මාරක්ෂාවීමේ කිසිදු අයිතියක් නැත.
ඊශ්‍රායලය නිදහස් මැතිවරණයක් සහ මාධ්‍ය නිදහසක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පෙන්වවා, එය මැදපෙරදිග එකම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හුවා දැක්වීම.
1948 දී නක්බාවෙන් පසුව ඊශ්‍රායල දේශසීමාව තුළ, ජනගහනයෙන් 20%ක් ව සිටි පලස්තීනු පුරවැසියන්ට, ඉඩම් හිමිකමේ සිට පවුල් සමග එක්වීම දක්වා අයිතිවාසිකම් බොහෝමයක් සීමා කරන නීති 60කට වඩා ඊශ්‍රායලය විසින් පමුණුවන ලදි. ආක්‍රමණය කරන ලද දේශසීමාව තුළ, මිලියන 5ක පලස්තීනුවන් හමුදා පාලනයට යටත්ව, ඡන්දයක්, ගමන් කිරීමේ නිදහසක්, හෝ ඔවුන් පාලනය කරන නීතිවලට එරෙහිව හඬක් නැගීමේ නිදහසක් පවා නොමැත. අනවසර පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය, මාර්ග බාධක සහ තාප්ප ඔවුන්ගේ යථාර්ථය විය, ඡන්ද නොව. එක්සත් ජාතීන් සහ Amnesty International වැනි මානව හිමිකම් සංවිධාන, මේ ක්‍රමය apartheid ලෙස හඳුන්වනවයි. එය Ehud Barak වැනි හිටපු ඊශ්‍රායල නිලධාරීන්ද තහවුරු කර ඇත. මිලියන ගණනක ජනතාවගේ හිමිකම් අහිමි කරමින් ගොඩනැගුනු ප්‍රජාතන්ත්‍රවාදයක් ප්‍රජාතන්ත්‍රවාදයක් නොවෙයි—එය ප්‍රජාතන්ත්‍රවාදය බැහැර කිරීම මත ගොඩනැගුණු වරප්‍රසාදයකි.
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් අහිමි වූවන් මතින් ගොඩනැගිය නොහැක. ඊශ්‍රායලය පුරසාරම් කරන ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පලස්තීනුවන්ට ද සමානව ලැබිය යුතුය. එතෙක්, "එකම ප්‍රජාතන්ත්‍රවාදය" යන මන්ත්‍රාව කිසිදු සත්‍යයක් නොමැති යථාර්තය සඟවන හිස් වචන කිහිපයක් පමණයි.
ඊශ්‍රායල මාධ්‍ය ප්‍රකාශකයන් පවසන්නේ පලස්තීනුවන් නිතරම 2000 වර්ෂයේ Camp David වැනි සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම මගින් සාම සාකච්ඡා වලට අකමැති බව කියනවා.
පලස්තීනුවන් ප්‍රතික්ෂේප කරන ලද "පරිත්‍යාගශීලී යෝජනා" නමින් හඳුන්වන මෙම සාම සකච්ඡා වැදගත් විස්තර බොහොමයක් යටපත් කරයි. Camp David හිදී, යෝජිත පලස්තීන රාජ්‍යය බෙදී විසිරී ගිය දේශ සීමා සහිත, ගුවන් අවකාශ, සහ ජලය වැනි තීරණාත්මක සම්පත් ඊශ්‍රායල විසින් පාලනය කරන යෝජනාවකි. පලස්තීනුවන්ගේ අනන්‍යතාවයට හිමිකම් කියන නැගෙනහිර ජෙරුසලම පිළිබඳව කිසිදු යෝජනාවක් එහි අඩංගු නොවීය. එක්සත් ජාතීන්ගේ තීරණ අංක 194 න් තහවුරු කරන ලද පලස්තීනුවන්ගේ ඉල්ලීමක් වන සරණාගතයින්ගේ ආපසු පැමිණීමේ අයිතිය එමගින් ලබා දී නැත. 2008 හි පසුකාලීන සාකච්ඡාවලදී ද, පලස්තීනු ස්වෛරීභාවය අර්ථවත් ලෙස ආමන්ත්‍රණය කර නැත. යටත් විජිතය තහවුරු කරන ගිවිසුමක් ප්‍රතික්ෂේප කිරීම සාම සකච්ඡා ප්‍රතික්ෂේප කිරීමක් නොව—එය ගෞරවය රැකගැනීමකි. ඒ අතර, ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ව්‍යාප්තිය—2025 වන විට පලස්තීනයට අයත් භූමිය වන බටහිර ඉවුරේ පදිංචිකරුවන් 700,000 දක්වා වර්ධනය වීම පලස්තීන රාජ්‍යයකට ඇති බලාපොරොත්තු සියල්ල බිඳලමින් ඇත.
දොර ජනෙල්, වහලක්, හෝ අඩිතාලමක් නොමැති නිවසක් ඔබට ලබා දුන හොත්, ඔබ එය සාම යෝජනාවක් ලෙස පිලිගන්නවා ද? පලස්තීනුවන් ප්‍රතික්ෂේප කරන්නේ සහජීවනය නොව—ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ යටත්වීම ය.
ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට චෝදනා කරන්නේ, ඔවුන් හමුදා මෙහෙයුම් සිවිල් ප්‍රදේශ අතර සිට සිදු කරන බවත් එමගින් පාසල් හෝ රෝහල්වලට එල්ල කරන ප්‍රහාර වැළකිය නොහැකි බවත් ය.
"මිනිස් පලිහ" යන තර්කය සංකීර්ණ යථාර්ථය සරල කර දැක්වීමකි. ගාසා යනු වර්ග සැතැපුම් 140කට ජනතාව මිලියන 2.3ක් වෙසෙන ලෝකයේ ජන ඝනත්වයෙන් වැඩිම ස්ථානයකි. හමුදා කඳවුරු සඳහා විශාල හිස් ඉඩම් එහි නැත. නිවාස, පාසල්, සහ රෝහල් එකිනෙකට බැඳී ඇත. Human Rights Watch සහ Amnesty International ඊශ්‍රායලයට චෝදනා කරන්නේ, ජන ඝනත්වෙයන් වැඩි ප්‍රදේශවලට විනාශකාරී ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතිවල මූලධර්ම උල්ලංඝනය කරන බවය. නමුත්, ඊශ්‍රායලය විසින් තමන්ගේ හමුදා කඳවුරු ඊශ්‍රායලයේ සිවිල් ප්‍රදේශවල තබා ගැනීම හෝ මෙහෙයුම්වලදී පලස්තීනු සිවිල් වැසියන් පලිහක් ලෙස භාවිතා කිරීම (B’Tselem විසින් ලේඛනගත කර ඇත) වැනි කාරණා කිසිදු ප්‍රතිවිපාකයක් නොමැතිව සිදුවෙමින් පවතී. දෙපාර්ශවයම සිවිල් ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු නමුත්, හමාස්ට පමණක් දොස් පවරමින්, ඊශ්‍රායලයේ තම අධික බලය උපයෝගී කරගනිමින් සියලු වගකීම් පැහැර හරී.
ගාසා වැනි තදබදයෙන් පිරි සිර ගෙයක, සිවිල් වැසියන්ට යාමට තැනක් තිබබේ ද? පාසල් දරුවන් මත බෝම්බ හෙලන විට, ප්‍රශ්න කළ යුත්තේ එහි කවුරු සැඟව සිටියේ ද කියා නොව. එම ම්ලේච්ඡ ක්‍රියාව ඇයි කලේ කියලයි. අහිංසකයින්ගේ ලෙයට, මනුෂ්‍යත්වයට වඩා බලය ප්‍රමුඛ කරගත් සයලු දෙනා වග කිව යුතුය.
මෙය ඊශ්‍රායලය නම් සංකල්පයේ පුරුකයි. හොලෝකෝස්ට් නමින් හඳුන්වන සමූල ඝාතනයෙන් අවසන් වූ සියවස් ගණනාවක පීඩනයෙන් පසු යුදෙව් ජනතාවට රටක් අවශ්‍ය බව මෙමගින් අවධාරණය කරයි.
යුදෙව් ජනතාවට ආත්මාරක්ෂාව සහ ස්වයං-නිර්ණයේ අයිතිය ගැන කිසිවෙකු විවාද නොකරයි. එනමුත් 1948 දී ඊශ්‍රායලය පලස්තීනුවන්ගේ භූමිය තුල ස්ථාපිත කිරීම, යුරෝපානුවන්ගේ අපරාධවලට කිසිදු සම්බන්ධයක් නැති පලස්තීනුවන්ට කරන විශාල අපරාධයකි. නක්බාවේදී පලස්තීනුවන්ගේ ගම්මාන මුළුමනින්ම විනාශ විණි. පවුල් විසිරිණි. ජන සමූහයක් අවතැන් වුණි. අදටත් මෙය සුව නොවන තුවාලයකි. ඊශ්‍රායලයේ ස්ව පැවැත්මේ අයිතිය පිළිගැනීම නම් කාරණය කිසි සේත්ම, පලස්තීනුවන්ට යුක්තිය ලබා දීම සහ සරණාගතයින්ට ආපසු පැමිණීමට ඉඩ දීම හෝ වන්දි ගෙවීමේ අවශ්‍යතාවය බැහැර කරන්නේ නැත. ප්‍රශ්නය ඊශ්‍රායලයේ පැවැත්ම නොව, එය නිදහස් පලස්තීනයක් සමඟ සහජීවනයෙන් කළ නොහැකිද යන්නයි. අනවසර පදිංචිකරුවන් සහ තාප්ප වලින් බෙදුණු දේශයක නොව. රාජ්‍යයක පැවැත්මේ අයිතිය, තවත් සමූහයකට එම අයිතිය අහිමි කිරීම සාධාරණය නොකරයි.
එක් ජන සමූහයක ආරක්ෂාව, තවත් ජන සමූහයක විනාශය තුළින් ලබාගත යුතු නැත. සහජීවනයේ සිහිනය නගා සිටුවන්නට නම්, 1948 ඛේදවාචකය සහ පලස්තීනුවන්ගේ වේදනාව පිළිගෙන දෙපිරිසම සහයෝගයෙන් සමෘද්ධිය කරා යා යුතුයි. එක් පාර්ෂවයක් අනෙකාගේ පිටින් නොවෙයි.
ඊශ්‍රායල මාධ්‍ය ප්‍රකාශකයන් නිතර ගෙනෙන තවත් තර්කයක් නම් හමාස් ආයුධ අත්හරින තුරු දිගුකාලීන විසඳුමක් හෝ සාමයක් ඇති විය නොහැකි බවයි. හමාස්ගේ ආයුධ සන්නද්ධභාවය සාමයට බාධාවක් ලෙස ඉදිරිපත් කරමින් මේ සියලු ගැටුම් සහ ගැටලු වලට හේතුව හමාස් බව පවසයි.
මෙලෙස හමාස් මත සියලු චෝදනා පමුණුවමින් කරන බොරු ප්‍රචාරය මෙම ගැටලු සියල්ලේම මුලාරම්භයන් වන 1948 අවතැන් කිරීම්, 1967 ආක්‍රමණයන් සහ එක්සත් ජාතීන් පවා විනාශකාරී මානුෂීය ඛේදවාචකයක් ලෙස පිලිගන්නා 2007 සිට ක්‍රියාත්මක වන ගාසාවෙහි ආක්‍රමණය සහ වැටලීම සහමුලින්ම යටපත් කිරීමකි. ඊශ්‍රායලය සිදු කරන ආක්‍රමණය සහ දශක දෙකක වැටලීම පිළිබඳ කථා නොකර හමාස් යටත්විය යුතු බව පැවසීම සාමය ගැන උනන්දු වීමක් නොව. තව දුරටත් යටත් කරගැනීමට දරන ප්‍රයත්නයකි.
තව ද හමාස් සතුව සැලකිය යුතු බලයක් නොමැති බටහිර ඉවුරේ වුව ද, පලස්තීනුවන්ට කිසිදු සාමයක් හෝ ආරක්ෂාවක් නැත. අනවසර පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය, ගෙවල් මංකොල්ල කෑම සහ විනාශ කිරීම, සහ හමුදා වැටලීම් බහුලව දැකිය හැක. 2023 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා පමණක් පලස්තීනුවන් 600කට වඩා මරා දමා තිබෙන බව එක්සත් ජාතීන් වාර්තා කරයි. තව ද 1987ට පෙර හමාස් නම් සංවිධානයක් නොතිබුනි. එනමුත් 1948 නක්බා ඛේදවාචකය ඇතුලු තවමත් පවතින ආක්‍රමණ සහ වැටලීම් හේතුවෙන් පලස්තීනු අරගලය බිහි විය. 1980 දශකෙය් ලෞකික මතවාදයක් සහිත පලස්තීනු දේශපාලන සංවිධානයක් වන PLO සංවිධානය අඩපණ කිරීමේ සහ පලස්තීනුවන්ගේ එකමුතුකම බිඳ දැමීමේ අරමුණ ඇතුව හමාස් සංවිධානය පෝෂණය කළේ ඊශ්‍රායලය මගිනි. මේ බව Avner Cohen වැනි හිටපු ඊශ්‍රායල නිලධාරීන් මෙන්ම ඊ්‍ශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ම පිළිගෙන ඇත. ඇමරිකානුවන්ගේ ඩොලර් බිලියන ගණනක හමුදා ආධාරවලින් සහාය ලබන ඊශ්‍රායලයේ ආයුධ තොග, හමාස්ගේ ආයුද සමඟ සැසඳිය නොහැක. සත්‍ය සාමයක් බිහිකරීමට නම් අන්‍යෝන්‍ය පිලිගැනීම, ආක්‍රමණ වැටලීම් අවසන් කිරීම, සහ පලස්තීනු අයිතිවාසිකම් පිලිගැනීම අත්‍යවශ්‍යය. එක පාර්ශවික යටත්වීමක් කිසි විටක ස්ථිර සාමයක් බිහි නොකරයි. ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ තීරණ ද, ආක්‍රමණයට එරෙහිව නැගී සිටීමේ අයිතිය තහවුරු කරයි. නමුත් ඊශ්‍රායලයේ බොරු ප්‍රචාර මගින් මේ සියලු කාරණා මඟහරිමින් ඔවුනගේ සියලු අපරාධ සාධාරණීකරණය කරමින් සිටිති.
ගාසා සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් යටත් වන ලෙස ඉල්ලීම කූඩුවක සිරගතව සිටින කුරුල්ලන්ගේ තටු අත් හරින ලෙස කරන ඉල්ලීම වැනි ය. සාමය ආරම්භ වන්නේ යුක්තියෙන් මිස ආක්‍රමණයෙන් නොවේ.
ඊශ්‍රායලයෙහි තවත් තර්කයක් වන්නේ හමාස් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් ප්‍රචණ්ඩත්වය නතර වන බවයි. ගැටලුව අවසන් කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පලස්තීනුවන් මත මෙමගින් පවරයි.
මෙම බොරු චෝදනාව මගින් ඊශ්‍රායලයේ ප්‍රචණ්ඩත්ව චක්‍රය තවදුරටත් පවත්වාගෙන යාමේ භූමිකාව උපායශීලීව සහමුලින්ම නොසලකා හරියි. හමාස් තබාගත් ප්‍රාණ ඇපකරුවන් මෙම ඛේදවාචකයේ ප්‍රතිඵලයක් මිස පුරුක නොව. නමුත් ඊශ්‍රායලය විසින්, ළමුන් සහ කාන්තාවන් ඇතුළුව පලස්තීනුවන් දහස් ගණනක් චෝදනා රහිතව පරිපාලන රැඳවුම්කරණය මුවාවෙන් දශක ගණනාවක් තිස්සේ සිර ගත කොට දැඩි වධ හිංසා මධ්‍යයේ තබාගෙන සිටියි. මොවුන් ද ප්‍රාණ ඇපකරුවන් ය. ගාසාහි ආක්‍රමණය සහ වැටලීම, දිගින් දිගටම පවත්වාගෙන යන අනවසර පදිංචිකරුවන්ගේ ව්‍යාප්තිය, සහ බටහිර ඉවුරේ දෛනික වැටලීම් මෙම ප්‍රශ්නය උත්සන්න වීමට හේතු වෙයි. නමුත් ඊශ්‍රායලය මේ සියල්ලට හමාස්ට චෝදනා කරමින් වින්දිතයන් සේ රඟපාමින් සිටියි. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යනු එක් පියවරක් පමණි. නමුත් මේ සියල්ලටම මූලික හේතු වන ආක්‍රමණය, අවතැන්වීම, සහ ක්‍රමාණුකූලව සිදු කරන පීඩනය ආමන්ත්‍රණය නොකළහොත් මෙම ගැටුම් කිසිවක් සමනය නොවෙයි.
දෙපාර්ශවයේම ප්‍රාණ ඇපකරුවන් නිදහස් විය යුතුය. හමාස්ට පමණක් දෝෂාරෝපණය කිරීමෙන් කිසිදු පලක් නැත. සාමය සනිටුහන් වන්නේ යුක්තියෙන් මිස, එක් පාර්ෂවයකගේ ඉල්ලීම් පමණක් සපුරාලීමෙන් නොව.
ඊශ්‍රායල මාධ්‍ය ප්‍රකාශකයින් නිතර පවසන තවත් චෝදනාවක් නම් ඊශ්‍රායලයේ අසල්වැසි රටවලින් ඊශ්‍රායලයේ පැවැත්මට නිතර තර්ජන එල්ල වන බවත් ඊශ්‍රායලය විනාශ කිරීමට උත්සාහ කරන සතුරු රාජ්‍යයන්ගෙන් වටවූ එකම වින්දිතයා ඊශ්‍රායලය බවත් ය.
මැදපෙරදිග කලාපයේ එකම නිර්දෝෂී වින්දිතයා ලෙස ඊශ්‍රායලය මනාව රඟ දක්වයි. එනමුත් යථාර්තය නම් මෙම කලාපයේ සිටින ලෝක බලවතුන්ගේ පූර්ණ සහය සහිත එකම ආක්‍රමණශීලී බලවේගය ඔවුන් බව අප සියල්ලෝම දනිමු. තව ද ඊශ්‍රායලය තම අසල්වැසි රටවල් වන ඊජිප්තුව, ජෝර්දානය, සහ තවත් රටවල් සමග සාම ගිවිසුම් අත්සන් කර ඇත. සියලු අසල්වැසියන් සතුරන් යන බොරු චෝදනාව මෙම රාජ්‍යතාන්ත්‍රික යථාර්ථයන් නොසලකා හරියි. ඓතිහාසිකව ගත් කල, මැද පෙරදිග ඇතැම් රටවල් ඊශ්‍රායලය සමග ගැටුම් ඇති කරගත්තේ ඊශ්‍රායලයේ ක්‍රියාකාරකම් හේතුවෙනි.
ඊශ්‍රායල් මාධ්‍ය ප්‍රකාශකයින් නිතර උදාහරණ ලෙස ගන්නේ 1948 නිදහස් යුද්ධය, 1967 දින හයේ යුද්ධය, සහ 1973 යොම් කිපූර් යුද්ධය වැනි අරාබි ප්‍රහාරයන් ය. නමුත් මේ සියල්ලෙහි පසුබිම එක්සත් ජාතීන්ගේ 1947 අසාධාරණ දේශ සීමා බෙදීමේ සැලැස්මට සෘජු ප්‍රතිචාරයක් බව ඔවුන් නොසලකා හරී. ඓතිහාසික පලස්තීන භූමියෙන් 56%ක් අසාධාරණ ලෙස ජනගහනයෙන් 32%ක් පමණක් වූ සහ ඉඩම් හිමිකමින් 7%ක් පමණක් හිමි වූ යුදෙව් සමූහයකට එවක බලවේග විසින් ලබා දෙන ලදි.
එම ඓතිහාසික ගැටුම් අරාබි ජාතිකයින් ට සිදුවූ අසාධාරණය නිසා පැන නැගුනු ඒවා මිස යුදෙව්වන් සමග ඇති වෛරයක් හේතුවෙන් පැන නැගුනු ගැටුම් නොවේ. තව ද වර්තමානයේ එම අරාබි රටවල් සියල්ලම පාහේ ඊශ්‍රායලය සමග ගිවිසුම් ඇති කරගෙන සිටින අවධියක තවමත් ඊශ්‍රායලය දිගින් දිගටම පලස්තීනුවන්ට වෙන්කර දුන් භූමි ප්‍රදේශ ද ක්‍රමාණුකූලව ආක්‍රමණය කර අත්පත් කරගෙන යාමට කිසිදු නිදහසට කාරණයක් නොමැත. වර්තමානයේ ඊශ්‍රායලය සිදුකරගෙන යන ක්‍රියා කාරකම් සියලු ජාත්‍යන්තර නීති මෙන්ම මානව හිමිකම් ද කඩ කිරීමකි.
ඊශ්‍රායලයේ මාධ්‍ය ප්‍රකාශකයින් තවමත් භාවිතා කරන තවත් එක් ප්‍රකාශයකි ඊශ්‍රායලය වර්ෂ 3000කට ප්‍රථමයෙන් දෙවිඳුන් යුදෙව්වන් හට පොරොන්දු වූ වග.
හාස්‍යයට කාරනය නම් ලෝකය කෙතරම් දියුණු වී තිබුන ද, දෙවිඳුන් විසින් ඊශ්‍රායලය වර්ෂ 3000ට පථමයෙන් යුදෙව්වන් හට පරිත්‍යාග කළ බව පැවසීම සහ තවමත් මෙවන් තර්ක පිලිගන්නා අයත් සිටීම ය. මෙය කෙතරම් මෝඩ තර්කයක් දැයි කියතොත් තරමක හෝ බුද්ධියක් ඇති අයෙකුට වුව ද මෙම ප්‍රකාශයේ ඇති මෝඩ කම පැහැදිලි වනු ඇත. ලෝකයේ සියලු පුද්ගලයින් මෙලෙස පවසා ඔවුනොවුනට හිමිකම් නොමැති භූමි ප්‍රදේශ අයත් කරගැනීමට උත්සාහ දැරුවේ නම් කුමක් සිදු වනු ඇත්දැයි ඔවුන් කල්පනා නොකරේ ද?
තව ද පලස්තීනය යනු ශතවර්ෂ ගණනාවක් තිස්සේ මැද පෙරදිග ජනයා ජීවත් වූ රටකි. නමුත් අද වන විට පලස්තීනය ආක්‍රමණය කර ඊශ්‍රායලය නම් රටට හිමිකම් පවසන යුදෙව්වන් බහුතරය යුරෝපානු සම්භවයක් සහිත අයයි. මේ හේතුවෙන් ඔවුන් ඊශ්‍රායලට හිමිකම් ඇත යන බොරුව ආරක්ෂා කිරීම පිණිස ඔවුන් අද වන වට තම ජාන පරීක්ෂණ සිදු කිරීම පවා ඊශ්‍රායලෙය් නීතියෙන් තහනම් කර ඇත.
වර්ෂ 3000කට පෙර තම මුතුන් මිත්තන් විසූ බවට පදනම් විරහිත ප්‍රකාශ කරමින් තම උපන් නිවෙස් වලට ඔප්පු තිරප්පු සහ යතුරු සමග හිමිකම් ඇති පලස්තීනුවන් ඔවුන්ගේ උපන් ගෙයින් නෙරපා දැමීම කුමන දෙවියෙක් අනුමත කරයි ද?