හින්දු ධර්මය සහ ඉස්ලාම් ධර්මය අතර සමානකම්

හින්දු ධර්මය හැඳින්වීම

ඈත අතීතයේදී හින්දු යන වචනය පළමුව ප්‍රදේශයක් අර්ථ දැක්වීමට යොදාගත් වචනයකි. අතීතයේ හින්දු යන වචනය සින්දු නදිය ආශ්‍රිතව හෝ ඉන්දු නදියෙන් පෝෂණය වූ ප්‍රදේශයන් අවට ජීවත්වූ ජනතාව ආමන්ත්‍රනය කිරීමට යොදාගත් යෙදුමකි. ඉතිහාසඥයින් පවසන ආකාරයට හින්දු යන වචනය පළමුව වයඹ දිගින් ඉන්දියාවට පැමිණි පර්ශියානු ජාතිකයින් විසින් භාවිතා කරන ලදි. හින්දු යන වචනය අරාබි වරුන් විසින්ද භාවිතා කරන ලදි. Encyclopedia of Religions and Ethics (6:690) ග්‍රන්ථයට අනුව මුස්ලිම් වරුන් ඉන්දියාවට පැමිණෙන්නට පෙර හින්දු ආගමික මූලාශ්‍ර වල කිසි තැනක හින්දු නම් වචනය භාවිතා වී නැත. ශ්‍රීමත් ජවහර්ලාල් නේරු විසින් රචිත ‘Discovery of India’ නම් ග්‍රන්ථයේ පිටු අංක 74 සහ 75 සඳහන් කර ඇති පරිදි හින්දු නම් වචනය භාවිතාකළ පැරණිම ලියවිල්ල වනුයේ 8 වන සියවසේ තාන්ත්‍රිකයකි. එහි හින්දු යනු යම් මනුෂ්‍ය කොට්ඨාෂයක් යන්නෙන් අර්ථ දක්වා ඇති අතර ආගමක් පිළිබඳ සඳහනක් නොමැත.

හින්දු ධර්මය පිළිබඳ විශේෂඥයින් පවසන ආකාරයට හින්දු ධර්මයේ සත්‍ය නාමය සනතන ධර්මය හෙවත් සදාකාලික ධර්මය හෝ වේද ධර්මය ලෙස හැඳින්විය යුතු බවයි. ස්වාමි විවේකානන්ද සඳහන් කරන පරිදි මෙම ධර්මය අදහන පිරිස වේදන්තිකයින් යන්නෙන් හැඳින්විය යුතු බවයි.

හින්දු ආගමට අනුව දෙවියන් අර්ථදැක්වීම

යම් හින්දු භක්තිකයකුගෙන් නුඹලා දෙවියන් කීදෙනෙකු අදහන්නේදැයි ඇසූවිට සමහරු 3ක් යැයි කියති. අතැම්හු 33ක් යැයි කියති. තවත් සමහරු 1000ක් යැයි කියන අතර බොහෝ දෙනා 33 කෝටියක් යැයි කියති. නමුත් මෙම ප්‍රශ්ණය හින්දු ආගමේ මූලාශ්‍ර පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයෙකුගෙන් අසුවහොත් ඔහු පවසන්නෙ හින්දු භක්තිකයින් ඇදහිය යුත්තේ එක් දෙවියකුට පමණක් බවය.

හින්දු ආගමේ මූලාශ්‍ර

හින්දු ආගමේ මූලාශ්‍ර නැතිනම් ශුද්ධවූ ග්‍රන්ථයන් කොටස් 4කි. මෙම කොටස් පිළිගත් අනුපිළිවෙලින් පහත දක්වා ඇත.

මුහම්මද් නබිතුමා ඉපදෙන්නට බොහෝ කළකට පෙර පහළ වූ මෙම ශුද්ධවූ ග්‍රන්ථ වල බොහෝ ස්ථාන වල මුහම්මද් නබිතුමාගේ පැමිණීම පිළිබඳව අනාවැකි පළ කර ඇත.

චන්දෝග්‍ය උපනිෂද් පරිච්ඡේදය 6 කොටස 2 වාක්‍යය 1

“එකම් එවද්විතියම්”

“ඔහු එක්කෙනෙකි දෙවැන්නෙකු නැති.”

ශ්වේතාශ්වතාරා උපනිෂද් පරිච්ඡෙදය 6 වාක්‍යය 9

“නාකස්‍ය කස්සිජ් ජනිත නා කදීප”

“ඔහු හට මවු පියවරුන්ද නොමැත. ඔහුට ඉහලින් කිසිදු දෙවියෙක් නැත.”

ශ්වේතාශ්වතාරා උපනිෂද් පරිච්ඡෙදය 4 වාක්‍යය 19

“නා තස්‍ය ප්‍රතිමා අස්ථි”

“ඔහුට සමාන කිසිවකු නැත”

ශ්වේතාශ්වතාරා උපනිෂද් පරිච්ඡෙදය 4 වාක්‍යය 20

“නා සම්දර්සි තිස්තති රූපම් අස්යා, නා කක්සුසා පස්යති කස් කනෛනම්”

“ඔහුගේ හැඩරුව බලන්නට බැරිය. කිසිවකුට තම දෑස්වලින් ඔහුව බලන්නට බැරිය”

භග්වද් ගීතා පරිච්ඡෙදය 7 ශ්ලෝකය 20

"ලෞකික ආශාවන් වලට යටත් වුණු පුද්ගලයින් කවරහුද, ඔවුන් ඩමී දෙවියන් දෙවියන් අදහයි."

භග්වද් ගීතා පරිච්ඡෙදය 10 ශ්ලෝකය 3

"ඔහු මා ඉපදීමක් නොමැත්තා, ආරම්භයක් නොමැත්තා, සියළු විශ්වයේම පරම මහෝත්තමයා බව දන්නෙහුය."

යජුර්වේදය පරිච්ඡේදය 32 වාක්‍යය 3

“නා තස්‍ය ප්‍රතිමා අස්ථි”

“ඔහුට සමාන කිසිවකු නැත”

යජුර්වේදය පරිච්ඡේදය 40 වාක්‍යය 8

"ඔහු ශරීරයක් රහිතයි. ශුද්ධයි."

යජුර්වේදය පරිච්ඡේදය 40 වාක්‍යය 9

"අන්ධාත්ම ප්‍රවිශන්ති යේ අසම්භුති මුපාස්ති

"ස්වාභාවික දෑ වන්දනා කරන අය ඔවුහු අන්ධකාරය වෙත පිවිසෙති

අතර්වා වේදය පොත 20 හිම්න් (පරිච්ඡේදය) 58 වාක්‍යය 3

"දෙව් මහ ඕසි"

"දෙවියන් අතිශ්‍රේෂඨය (මෙහි අරාබි පරිවර්තනය අල්ලාහු අක්බර් වේ)"

රිග්වේදය පොත 1 හිම්න් (පරිච්ඡේදය) 164 වාක්‍යය 46

"එකම් සත් විප්‍ර බහුද්ධ වදන්ති"

"සත්‍යය එකයි. දෙවියන් එක්කෙනෙකි. පූජකවරු එකම දෙවියන් විවිධ නම් වලින් ආමන්ත්‍රනය කරයි."

රිග්වේදය පොත 2 හිම්න් (පරිච්ඡේදය) 1 වාක්‍යය 3 හි දෙවියන් බ්‍රහ්මා හෙවත් මැවුම්කරු ලෙස ආමන්ත්‍රනය කරයි. මෙහි අරාබි පරිවර්තනය ක්හාලික් වන අතර මෙය මුස්ලිම්වරු අල්ලාහ්ව ආමන්ත්‍රනය කරන තවත් නමකි.

රිග්වේදය පොත 2 හිම්න් (පරිච්ඡේදය) 1 වාක්‍යය 3 හි දෙවියන් විශ්නු හෙවත් පෝෂකයා ලෙස ආමන්ත්‍රනය කරයි. මෙහි අරාබි පරිවර්තනය රබ් වන අතර මෙය මුස්ලිම්වරු අල්ලාහ්ව ආමන්ත්‍රනය කරන තවත් නමකි.

රිග්වේදය පොත 8 හිම්න් (පරිච්ඡේදය) 1 වාක්‍යය 1

"මා චිදන්යද්වි ශන්සතා"

"ඔහුට හැර වෙන කිසිවකුට වන්දනා නොකරන්න. ඔහු ශුද්ධවන්තයාය. ඔහුව පමණක් ප්‍රශංසා කරන්න."

රිග්වේදය පොත 5 හිම්න් (පරිච්ඡේදය) 81 වාක්‍යය 1

"ඇත්තෙන්ම ශුද්ධවූ මැවුම්කරුවාගේ තේජසය අතිවිශිෂ්ඨය"

රිග්වේදය පොත 6 හිම්න් (පරිච්ඡේදය) 45 වාක්‍යය 16

"යා ඒක ඉට්ටමුශ්තුහි"

"ඔහුව ප්‍රශංසාකරන් ඔහුට සමානයක් නැත. ඔහු එක්කෙනෙකි."

හින්දු වේදන්තයේ බ්‍රහ්මසූත්‍රය

"ඒකම් බ්‍රහම් දිවිතිය නස්ති නෙහ් නා නස්ති කින්චන්"

"දෙවියන් එක්කෙනෙකි. දෙවැන්නෙකු නැත. දෙවැන්නෙකු නැත්තේමය."

ඔබේ අදහස කොමෙන්ට් කරන්න.