අල් තක්යා යන අරාබි පදයේ තේරුම ආත්මාරක්ෂාව යන්නයි. මෙම වචනය කුරාණයේ සඳහන් නොවුවද මුහම්මද් නබිතුමාගේ කාළයේ සිදුවූ වැදගත් එෙතිහාසික සිදුවීමක් පසුබිම් කොටගෙන බිහිවී ඇති බව පෙණේ. එම පසුබිම මෙසේය.
මුහම්මද් නබිතුමාගේ සගයකු වූ අම්මාර්ගේ දෙමව්පියන් යාසිර් සහ සුමෙයියා විය. මොවුන් ඉස්ලාම් දහම වැළඳගත් හෙයින් එවක සිටි ඉස්ලාම් විරෝධීන් විසින් ඔවුන්ව කුරිරු වධ හිංසාවලට ලක් කොට මරණයට පත් කරන ලදි. පසුව ඔවුන්ගේ පුත් අම්මාර්ටද මරණ තර්ජනය කරමින් ඉස්ලාම් දහම අත්හරිනමෙන් බල කළෝය. ඔවුන්ට බිය වූ අම්මාර් විසින් කිසිවක් කරකියාගන්නට නොහැකිව ඔවුන් ගේ ඉල්ලීම පරිදි ඔහු ඉස්ලාම් ආගම වැළඳ නොගත් බවට බොරු කීවේය. මෙම සිද්ධියෙන් දැඩි සිත් තැවුලට පත්වූ අම්මාර් මුහම්මද් නබිතුමා වෙත ගොස් සිදුවූ සිද්ධිය විස්තර කළේය.
මෙවිට පහත කුරාණ වාක්‍යය පහළ විය.
"කවරෙකු විශ්වාස කිරීමෙන් පසු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේද (ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ කෝපය ඇත). කවරෙකු තම හදවත වීශ්වාසයෙන් සැනසුමට පත්ව තිබියදී (විශ්වාසයෙන් බැහැර වන මෙන් ) බල කරනු ලබන්නේද ඔහු හැරය. "(අල්කුරාණ් 16:106)
ශ්‍රීලංකාවේ අපරාධ නීතියට අනුව "අපරාධ කරුවකු කිසිවකුගේ බලපෑමක් මත, බල කිරීමක් මත, කළ නොහැකි තත්ත්වයක් නොමැති අවස්ථාවක කරන ලද අපරාධයක් සම්බන්ධව වැරදි කරුවකු ලෙස උසාවිය නොපිළිගනී. "(අපරාධ විද්‍යාව - මහාචාර්ය දයා අමරසේකර - 10 වන පිටුව )
මේ සම්බන්ධයෙන් වැඩි දුර කියවීමට ACJU සංවිධානය විසින් රචිත ඉස්ලාමයට එරෙහි පදනම් විරහිත චෝදනාවන්ට පිළිතුරු ගොනුව මෙම ලිංක් එක ඔස්සේ කියවන්න.