හලාල් යනු කුමක්ද?

හලාල් යනු අනුමත යන්නට අරාබි වචනයයි. එහි විරුද්ධ පදය හරාම් වේ. ශ්‍රීලංකාව වැනි රටවල මෙම පදය බොහෝ විට අසන්නට ලැබෙන්නේ අහාර පාන සම්බන්ධයෙනි. ඊට හේතුව නම් මුස්ලිම් ජනතාව විසින් වෙළෙඳපොළෙන් හෝ අවන්හලකින් ආහාර පාණ මිලදී ගැනීමේදී හලාල් සහතිකයක් තිබේදැයි පරීක්ෂා කර බලන්නට පුරුදු වී තිබෙන නිසා මෙමගින් මුස්ලිම් නොවන ජනයා තුළ යම් කුතුහලයක්, සැකයක්, බියක් සහ වෛරයක් ජනිත කර තිබීමයි. මේ නිසා අපි හලාල් යනු මොනවද? හලාල් සහතිකයක් අවශ්‍ය වන්නේ ඇයි කියා විමසා බලමු.

ඉස්ලාම් ආගම තුළ ආහාරයක් හලාල් වීමට හෙවත් අනුභව කිරීමට අනුමත වීමට කොන්දේසි කිහිපයක් ඇත. මේවායින් කොන්දේසි කිහිපයක් පහත දැක්වේ.

ඔබ දන්නවා ඕනෑම ව්‍යාපාරයක පරමාර්ථය උපරිම ලාභයක් ලබාගැනීමයි. අද වෙළෙඳපොළේ ඇති තෙල් වලින් ලාභදායීම තෙල් වර්ගය ඌරු තෙල් ය. මේ නිසා උපරිම ලාභයක් ලබාගැනීමට නම් ව්‍යාපාර විසින් තම නිෂ්පාදන වලට යොදාගත යුත්තේ ඌරු තෙල්ය.

එලෙසම කුකුළු මස් හෝ ඕනෑම මස් සම්බන්ධ අහාර නිෂ්පාදන කම්හලක් එම සත්ත්වයා ඝාතනය කිරීම පිණිස යප්‍රවාහණය කිරීමේදී හෝ ගබඩා කිරීමේදී එම සතුන්ගෙන් යම් ප්‍රතිශතයක් යටිතල පහසුකම්වල දෝෂ නිසා හෝ යම් යම් අසනීප තත්ත්ව නිසා හෝ ඝාතනයට පෙර මරණයට පත්විය හැක. එවැනි අවස්ථාවක එම සත්ත්වයාගේ රුධිරය පිට නොවීම හේතුවෙන් එම මස් විස විය හැක. නමුත් ලාභය මූලික කරගත් ව්‍යාපාර විසින් උපරිම ලාභය භුක්ති විඳීම පිණිස මෙලෙස මරණයට ලක්වූ සත්ත්වයින්ද තම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබයි. මෙවැනි ආහාර ඉස්ලාම් ආගමේ තහනම් වේ.

වර්තමානයේ බොහෝ රටවල රතු පැහැති වර්ණකය සඳහා ස්ත්‍රී කොචිනීක් කෘමීන් වැනි කෘමීන් පොඩිකර ලබාගන්නා සාරය භාවිතා කරයි. මෙය ඉස්ලාම් ආගමේ තහනම් වේ. තවද ජෙලටින් වැනි ආහාර සඳහා සත්ත්ව ඇටකටු සහ හම් වලින් ලබාගන්නා ඇතැම් ද්‍රව්‍ය භාවිතා කරයි. මේවාද ලබාගන්නාවූ සත්ත්වයාට අනුව ඉස්ලාම් ආගමේ තහනම් විය හැක.

මුස්ලිම් ජනයා වර්තමානයේ ආහාර පාණ මිලදීගැනීමේදී හලාල් සහතිකයක් අවශ්‍ය වීමට හේතු කිහිපයක් ඇත.

  1. වෙළෙඳපොලේ ඇති ආහාර පාන වල අන්තර්ගතය සඳහන් කර තිබුණද, සත්ත්ව ආහාර සම්බන්ධයෙන් එය ප්‍රමාණවත් නොවීම. උදාහරණයක් ලෙස වෙළඳපොලෙන් කුකුඵමස් පැකට් එකක් ගත්විට එම කුකුළා ස්වාභාවිකවම අසනීප වී මැරුණාද, පොලේ ගසා මැරුවාද, වෙනත් සත්ත්වයෙකු සැපීම නිසා මැරුණාද යන්න දැනගැනීමට හැකියාවක් නැත.
  2. අද වෙළඳපොලේ භාවිතාකරන ඊ-සංඛේත නිසා.

ඊ- සංඛේත (E-Codes) යනු කුමක්ද?

අද යුරෝපය ඇතුළු සෑම බටහිර රටකම පාහේ ප්‍රියතම ආහාරය ඌරු මස් ආශ්‍රිත ආහාර වේ. මෙම සත්ත්වයා ඇති කිරීමට මෙම රටවල ගොවිපොලවල් බොහෝමයක් ඇත. ප්‍රංශයේ පමණක් මෙම සත්ත්වයා ඇති කිරීමට ගොවිපොලවල් 42000කට අධික සංඛ්‍යාවක් ඇත.

මස් ජාති අතුරින් ඌරු මස් වල මේදය බොහෝ වැඩිය. නමුත් මෙම මේද වල සිරුරට ඇති අහිතකර ගුණ හේතුවෙන් මෙම රටවල වැසියෝ මෙම මේදය රහිතව මස් මිලට ගැනීමට කැමතිය. මේ හේතුවෙන් වර්ෂ 80කට පමණ ඉහතදී මෙම අතිරික්ත මේදය පුළුස්සා දමන ලදි. පසු කළක ඔවුන් මෙම මේදය උපයෝගී කිරීමට විවිධ ක්‍රම පිළිබඳ පර්යේෂණ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස පළමුව ඔවුන් මෙම මේදය භාවිතයෙන් සබන් නිෂ්පාදනය කළහ. මෙය ඉතාමත් සාර්ථක ව්‍යාපාරයක් බවට පත්විය.

පසු කළක මෙම ඌරු මේදය ඔවුන් විසින් විවිධ උපක්‍රම යොදා වෙනත් බොහෝ නිෂ්පාදන වලට යොදාගත් අතර මෙම මේදයෙහි ලාභදායීබව නිසා මෙයින් බොහෝ සෙයින් ඔවුන් ලාභ ඉපැයීය. පසු කලෙක එක්සත්ජාතීන්ගේ එකඟතාවයකට අනුව සියළු යුරෝපානු රටවල් ආහාර පාන වල අන්තර්ගතය එහි කවරයේ සඳහන් කළයුතු බවට නීති පැනවීය. මේ නිසා බොහෝ නිෂ්පාදන වල අන්තර්ගත එක් අමුද්‍රව්‍යයක් ලෙස ඌරු තෙල් සඳහන් කිරීමට ඔවුනට සිදුවිය. වර්ෂ 60කට ඉහත යුරෝපානු රටවල ජීවත්වූ ජනතාවට මේ පිළිබඳව මතක ඇති.

මෙම ඌරු තෙල් සහිත ද්‍රව්‍ය සියල්ල ඉස්ලාම් ආගම අදහන රටවල් සියල්ල තහනම් කරන ලදි. මේ හේතුවෙන් යුරෝපානු රටවලට බොහෝ විදේශ විනිමය අහිමි විය. මෙම තත්ත්වය මර්ධනය කිරීමේ උපක්‍රමයක් ලෙස මෙම රටවල් ඌරු තෙල් ලෙස සඳහන් කිරීම වෙනුවට සත්ත්ව මේදය ලෙස සඳහන් කරන්නට පටන් ගත්හ. 1970 දශකයේ යුරෝපයේ විසූ පුද්ගලයින් මේ පිළිබඳව දනී. නමුත් ප්‍රශ්ණය විසඳුනේ නැත. ඊට හේතුව සත්ත්ව මේදය නම් කුමණ සත්ත්වයින් දැයි මුස්ලිම් රටවල් ප්‍රශ්ණ කරන්නට වූහ. මේවා බැටළු හෝ හරක් මේදය යැයි පැවසුවද මේවාද ඉස්ලාම් ආගමට අනුව මරණ ලද සත්ත්වයින්දැයි නොදන්නා හේතුවෙන් තහනම් විය.

ඩොලර් බිලියන ගණනක ආදායමක් මුස්ලිම් රටවලින් මෙම හලාල් ප්‍රශ්ණය නිසා යුරෝපානු රටවලට අහිමි වීම හේතුවෙන් ඔවුන් ඉතාමත් දක්ෂ නව උපක්‍රමයක් යෙදූහ. මෙම රටවල ආහාර පාලන අධිකාරියට පමණක් හඳුනාගත හැකි අයුරින් ඌරු තෙල් සැඟවීමට ඔවුන් විසින් ඊ-සංඛේත භාවිතා කළහ.

මේ අයුරින් මෙම විශාල යුරෝපානු බහුජාතීය සමාගම් දන්තාලේප, චුවිං ගම්, චොකොලට්, සීනි බොල, කොන් ෆලේක්ස් ඇතුළු බොහෝ නිෂ්පාදන වල ඌරු තෙල් සහිත අමුදුව්‍ය මිශ්‍ර කර පොදුජනයා දක්ෂ අනදමින් නොමග යැවීමට හැකි විය.

පහත සඳහන් ඊ-සංඛේත ඌරු තෙල් ආශ්‍රිත නිෂ්පාදනයන්ය.

E100, E110, E120, E 140, E141, E153.

E210, E213, E214, E216, E234, E252, E270, E280.

E325, E326, E327, E334, E335, E336, E337.

E422, E430, E431, E432, E433, E434, E435, E436, E440, E470, E471, E472, E473, E474, E475, E476, E477, E478, E481, E482, E483, E491, E492, E493, E494, E495, E542.

E570, E572, E631, E635, E904.​​

පහත සඳහන් ඊ-සංඛේත වෙනත් තහනම් සත්ත්ව ආහාර සම්බන්ධව යොදාගනිති

E120 ස්ත්‍රී කොචිනීල් කෘමියාගෙන් ලබාගන්නා රතු වර්ණකය

E441 ඌරන් හෝ වෙනත් සත්ත්වයින්ගේ කටු හෝ හම් වලින් නිෂ්පාදිත ජෙලටින්

E542 ඇට කටු පොස්පේට් වගයක්

E904 ලැක් කෘමියාගෙන් ලබාගන්නා ශෙලැක් නම් රෙසිනය

බහුජාතීය සමාගම් වල මෙම කූට උපක්‍රමය තේරුම් ගත් මුස්ලිම් ජනතාව පසු කළෙක බහුජාතික සමාගම් වලින් නිෂ්පාදනය කරල ලද භාණ්ඩ බැහැර කිරීමට උත්සාහ කළහ. මේ හේතුවෙන් ඌරු තෙල් නිෂ්පාදන වලට යොදාගන්නා සමාගම් මෙන්ම ඌරු තෙල් යොදා නොගන්නා සමාගම් දිහාද මුස්ලිම් ජනයා සැක කරන්නට විය. මීට පිළියමක් ලෙස ඉස්ලාම් ආගමේ අනුමත ආහාර පාණ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හලාල් ආහාර නිෂ්පාදනය කරන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන වලට හලාල් සහතික ලබාගැනීමට පෙළඹුනහ.

ඔබේ අදහස කොමෙන්ට් කරන්න.