හින්දු ආගමේ මූලාශ්‍ර නැතිනම් ශුද්ධවූ ග්‍රන්ථයන් කොටස් 4කි. මෙම කොටස් පිළිගත් අනුපිළිවෙලින් පහත දක්වා ඇත
මේ සියළු ග්‍රන්ථ හින්දු ධර්මයේ ශුද්ධවූ භාෂාව වන සංස්කෘත භාෂාවෙන් රචනා වී ඇති අතර මේවායෙහි මුහම්මද් නබි තුමාගේ පැමිණීම පිළිබඳව අනාවැකි සඳහන් වී තිබේ.
"මලිච්ඡා (එනම් විදේශික භාශාවක් කථා කරන විදේශිකයකු) ශුද්ධවූ ගුරුවරයකු ඔහුගේ සගයන් සමග පැමිණෙනු ඇත. ඔහුගේ නම මුහම්මද් වනු ඇත. රාජ භෝජ් විසින් මහාදෙව් (අරාබි ජාතිකයා හට) පංච ගව්‍ය සහ ගංගා වතුරෙන් ස්නානය කරවා ඔහු හට ත්‍යාගයක් වශයෙන් ඔහුගේ සේවය ප්‍රදානය කොට ඔහුට සෑම ගෞරවයක්ම පිරිනමා මා ඔබට නමස්කාර කරමියි පැවසූ සේක. මනුෂ්‍ය වර්ගයාගේ ආඩම්බරය වන නුඹ අරාබියේ පදිංචිකරුවානනි! නුඹ නපුර විනාශ කිරීම පිණිස විශාල හමුදාවක් ඒකරාශි කළෙහුය. තවද නුඹම මලිච්ඡ විරුද්ධ වාදීන්ගෙන් ආරක්ෂා වී සිටින්නෙහුය.
ඉහත අනාවැකිය මගින් පහත සඳහන් දෑ පැහැදිළිවම සඳහන් කර ඇත.
ඊජිප්තුවේ රජු පාරෝ ලෙස හඳුන්වනවා සේ, රෝමයේ රජු සීසර් නමින් හඳුන්වනවා සේ එවකට භාරතයේ රජු භෝජ් නමින් හැඳින්විය.
"මලිච්ඡා ප්‍රසිද්ධ අරාබි දේශයේ භූමිය නරක් කර ඇත. එම දේශයේ ආර්ය ධර්මය නැතිවී ගොසිනි. මීට කලින්ද වැරදි මාර්ගයේ නිරතවූ හතුරකු මා විසින් මරා දැමුවෙමි. දැන් ඔහුව වඩා බලවත් හතුරෙකු විසින් නැවතත් යවා ඇත. මෙම සතුරන් යහ මාර්ගයට ගැනීම පිණිස ප්‍රසිද්ධ මුහම්මද් මෙම පිශාචයින් යහ මග ගැනීම පිණිස බොහෝ කාර්ය බහුල වී සිටියි. රජතුමනි! නුඹ ඒ මෝඩ පිශාචයින්ගේ රටට යන්නට අවශ්‍ය නැත. නුඹට මගේ අනුකම්පාවෙන් මෙහිදීම ශුද්ධත්ත්වයට පත් විය හැක. රාත්‍රියේදී එම කරුණාවන්ත චරිතය, විචක්ෂණ පුද්ගලයා, පිශාචාගේ ස්වරූපයෙන් මෙලෙස පැවසුවේය. "
"රජතුමෙනි! නුඹේ ආර්ය ධර්මය අනෙක් සෑම ධර්මයකටම ඉහලින් පවතී. නමුත් ඊශ්වර් පර්මත්මගේ අණට අනුව මා මස් අනුභව කරන්නන්ගේ බලවත් දහම මෙහි ස්ථාපනය කරමි. මාගේ අනුගාමිකයින්ගෙන් පිරිමින් චර්මච්ඡේදනය කරනු ලබයි. හිසෙහි නකුටක් නොතබයි. රැවුලක් තබාගනී. අදාන් (මුස්ලිම් පල්ලි වල දිනකට 5 වථාවක් කරන ඇමතීම) මගින් විප්ලවයක් ඇති කරයි. ඔවුන් අනුමත දෑ පමණක් අනුභව කරයි. ඔවුන් ඌරන් හැර බොහෝ සත්ත්වයින් අනුභව කරයි. ඔවුන් ශුද්ධවූ පඳුරු වලින් ශුද්ධත්ත්වය අපේක්ෂා නොකරයි. ඔවුන් සටන් මගින් ශුද්ධත්ත්වය අපේක්ෂා කරයි. ඔවුන් අධර්මිශ්ඨයින් සමග සටන් කරයි. ඔවුන් මුසල්මාන් නමින් හඳුන්වයි. මම මෙම මස් අනුභව කරන සමාජයේ ආරම්භකයා වන්නෙමියි පැවසූ සේක."
"කාෂි හි නගර 7ක දූෂණය සහ වධ හිංසාව ව්‍යාප්ත වී ඇත. මලිච්ඡාගේ භූමියේ මලීච්ඡ ධර්මයේ අනුගාමිකයින් බොහේ නුවනක්කාර සහ නිර්භීතය. මුසල්මානුවන් සතුව සෑම යහගුණයක්ම දක්නට ලැබෙන අතර ආර්ය භූමියේ සෑම වැරදි ගුණයක්ම දක්නට ලැබේ. ඉස්ලාම් ඉන්දියාව සහ එහි දූපත් පාලනය කරනු ලබයි. මේ බව දන්නා නිසා එම්බල මුණි නුඹේ ස්වාමියාගේ නම ගෞරවයට පත් කරන්න."
"ඔහු නරශංසා (ප්‍රශංසා ලැබූ තැනැත්තා නොහොත් අරාබි භාෂාවෙන් මුහම්මද්) වෙයි. ඔහු කවුරමා (සාමයේ කුමරා, විගාමිකයා) වෙයි. සතුරන් 60,090 ක් පැමිණියත් ඔහුව කිසිවක් කළ නොහැක."
"ඔහු රිශි (ඔටු පිට ගමන් කරන තැනැත්තා) වෙයි. ඔහුගේ රථය දිව්‍යලෝකයටද ලඟාවෙයි." (අල් කුරාණයේ ද මුහම්මද් නබිතුමා බුරාක් නම් රථයේ දිව්‍යලෝකයට ගමන් කළ බව පවසයි)
"ඔහු මමාහ් රිෂි. ඔහුට රත්‍රං කාසි 100ක් මාල 10ක් අශ්වයින් 300ක් සහ එළදෙනුන් 10000ක් පිරිනමන ලදි."
"වච්යසිව් රෙබ් (ප්‍රශංසාකරන්නානෙණි!)"
මෙය අරාබි භාෂාවට පරිවර්තනය කළවිට අහ්මද් නම් වේ. අහ්මද් යනු මුහම්මද් නබිව අමතන ලද තවත් නමකි.
"අහ්මද්ට ඔහුගේ ස්වාමියාගෙන් සදාකාලික නීතිය පිළිබඳ ඥානය ලැබීය. හිරුගෙන් ආලෝකය ලැබෙන්නාසේ මට ඔහුගෙන් ආලෝකය ලැබුණි. "
මුහම්මද් නබිතුමාගේ තවත් නමක් වන අහමද් යනු අරාබි වචනයක් වන හෙයින් බොහෝ හින්දු ආගම පිළිබඳ විශේෂඥයින් අහ්මද් යන නම වරදවා අහ්ම් අත් හි (මාගේ පියාගේ සත්‍ය ඥානය මට පමණයි ලැබුණේ) යන්නෙන් අර්ථකතනය කර ඇත.
ඉන්දියාවේ පිලිගත් හින්දු ධර්මය පිළිබඳ විශේෂඥයකු වන ශ්‍රී ශ්‍රී රවිශංකර් විසින්ද මේ පිළිබඳව පිලිගෙන ඇත.