වර්තමානයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද මතභේදාත්මක මාතෘකාවකි ෂරියා නීතිය. මේ හේතුවෙන් අප ෂරියා නීතියේ සත්‍ය තේරුම, ඒ තුල අඩංගු දෑ, එහි ආරම්භය සහ එහි ව්‍යාප්තිය ගැන දැන සිටීම බෙහෙවින් වැදගත් වනු ඇත.
ෂරියා යන අරාබි වචනයෙහි සිංහල තේරුම දිනපතා ජලය පානය කිරීම පිණිස සියලු සත්ත්වයින් රැස් වන වතුර වලකි. නමුත් අල් කුරාණයෙහි මෙම වචනය සියල්ලෝම අනුගමනය කිරීමට එක් රැස් විය යුතු යහ මාර්ගය නැතිනම් නිවැරදි මාර්ගය හැඳින්වීමට භාවිතා කර ඇත. කෙසේ වෙතත් වර්තමානයේ මෙම වචනය සමස්ථ ඉස්ලාමීය නීති පද්ධතිය හැඳින්වීම පිණිස භාවිතා වේ.
මෙම නීති පද්ධතිය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.
අල් කුරානය යනු මෙම විශ්වයේ නිර්මාතෘ සහ පරිපාලක විශ්වයේ පරමාධිපති අල්ලාහ් විසින් මිනිස් වර්ගයා හට යහ මාර්ගය පෙණ්වා දීම පිණිස ඔහුගේ අවසාන දූතයා වන මුහම්මද් නබිතුමා වෙත වර්ෂ 1400 කට පථ්‍රම වසර වසි තුනක පමණ කාලයක් මුළුල්ලේ විටින් විට අනාවරණය කරන ලද දිව්‍ය වාක්‍යයන් වල එකතුවයි. දිව්‍ය වාක්‍යයන් 6000 කට අධික සංඛ්‍යාවකින් යුක්ත මෙම කුරාණය පහළ වූ මුල් වකවානුවේ මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයින් විසින් මෙම සමස්ථ කුරාණයම වනපොත් කරගන්නා ලදි. එදා සිට අද දක්වා මෙම සමස්ථ කුරාණයම මුස්ලිම්වරුන් විසින් වනපොත් කරගැනීම හේතුවෙන් එය අනාවරණය වූ කාලයේ සිට අද දක්වා මෙම කුරාණය අනාවරණය වූ අයුරින්ම කිසිදු වෙනසක් නොමැතිව ආරක්ෂා වී තිබේ. ලොව පුරා බිලියනයකට අධික මුස්ලිම් බැතිමතුන් තම ආගමික අදහස් වල කෙතරම් වෙනස්කම් තිබුණ ද, ඔවුන් සියලු දෙනා එකම කුරාණය පාරායනය කිරීම මගින් මේ බව තහවුරු වේ. ඉස්ලාම් දහමේ ආරම්භයේ සිට මුස්ලිම්වරුනට එල්ල වන ලද විවිධ ප්‍රහාර හමුවේ කුරාණය මෙලෙස සුරක්ෂිත වී තිබීම ප්‍රාතිහාර්යයක් ලෙස සලකන මුස්ලිම්වරු ලොව මැවුම්කරු අල්ලාහ් පිලිගන්නා එකම ආගම ඉස්ලාම් බවට මෙය වැදගත් සාධකයක් බව විශ්වාස කරති. මේ හේතුවෙන් ෂරියා නීතියේ වැදගත්ම අංගය සහ අඩිතාලම අල් කුරාණයයි.
මුහම්මද් නබිතුමාගේ අවවාද, අනුමත කිරීම් සහ ආදර්ශ වල එකතුව හදීත් නම් වේ. අල් කුරාණයේ නීති රීති තේරුම් ගැනීම පිණිස සහ ඒවා ක්‍රියාත්මක කරන අයුරු අවබෝධ කරගැනීම පිණිස මෙම හදීත් ඉතාමත්ම වැදගත් වේ. උදාහරණයක් ලෙස අල් කුරාණයේ දිනපතා නැමදුම හෙවත් සලාතය මුස්ලිම්වරුනට අනිවාර්ය කර ඇත. නමුත් මෙම නැමදුම ඉටු කළ යුතු අයුරු සහ ඉටු කළ යුතු වේලාවන් ඇතුළු සියලු විස්තර සඳහන් වන්නේ හදීත් වලය. අල් කුරාණය මෙන්ම මෙම හදීත් ද මුල් අවදියෙහි දී ග්‍රන්ථාරූඪ වී නොතිබුණු අතර මෙම සියලු හදීත් මුහම්මද් නබිතුමාගේ සහචරයින් විසින් ඔවුන්ගේ මතකයන් වල තබා ගනිමින් පරම්පරාවෙන් පරම්පරාවට කටින් කට සහ ක්‍රියාවන් මගින් පෙණ්වනු ලැබිණ. නමුත් අල් කුරාණය මෙන් නොව, හදීත් වල බොහෝ අඩු පාඩු සහ වෙනස්කම් මෙන්ම බොරු හදීත් ද සමාජය තුළ පැතිරෙන්නට විය. මෙම හදීත් සියල්ල එකතු කර ග්‍රන්ථාරූඨ කර සත්‍ය හදීත් බොරු හදීත් වලින් වෙන් කර හඳුනාගැනීමේ ව්‍යාපෘති ආරම්භ වූයේ මුහම්මද් නබිතුමා අපවත් වී සතවර්ෂ දෙකකට පමණ පසුවය.
ෂරියා නීතියට අමතරව ලොව පුරා ක්‍රියාත්මක වන තවත් ඉස්ලාමීය නීතියකි ෆික්හ්. ෆික්හ් යන අරාබි වචනයෙහි තේරුම අදහස් කළ දෑ හි සත්‍ය අර්ථය යන්නයි. නමුත් ප්‍රායෝගිකව ගත් කළ ෆික්හ් යනු ඉස්ලාමීය මූලාශ්‍ර ආශ්‍රයෙන් ඉස්ලාමීය නීති උකහාගන්නා විද්‍යාත්මක ක්‍රමවේදයයි. තව ද එලෙස උකහාගන්නා ලද නීති එකතුව ද ෆික්හ් ලෙස හඳුන්වයි.
වෙනත් අයුරකින් කියන්නේ නම් ෂරියා යනු අල් කුරාණය සහ හදීත් වල එකතුව වන අතර, ෆික්හ් යනු ෂරියා නීතියෙන් යම් යම් අවස්ථාවන් වල දී ඍජු පිළිතුරක් නොලද විට ෂරියා නීතිය අර්ථකතනය කර උකහා ගන්නා ලද අවස්ථානුකූල පිළියමයි.
ෆික්හ් එහි නිර්මාතෘවරුන්ගේ පාසැල් වල නම් හෙවත් මද්හබ් ආශ්‍රයෙන් නම් විය. මෙම මද්හබ් මුල් කාලයේ බොහෝ තිබුණ ද වර්තමානයේ මූලික වශයෙන් ලොව පුරා ෆික්හ් මද්හබ් හතරක් පමණක් දැකිය හැක. ඒවා නම් හනෆී මද්හබය, මාලිකී මද්හබය, ෂාෆිඊ මද්හබය සහ හන්බලී මද්හබය නම් වේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා ෂාෆිඊ ෆික්හ් මද්හබයට අනුව ජීවත් වන අතර ලොව විවිධ රටවල් මෙම මද්හබ් හතර අතුරින් යම් මද්හබයක් අනුගමනය කරති.
ෂරියා නීතිය තුල එදිනෙදා ජීවිතයට අදාල නීති මෙන්ම අපරාධ නීති වැනි පොදු නීති ද අඩංගු වේ. එදිනෙදා ජීවිතයට අදාල නීති වලට නිදසුන් ලෙස අනිවාර්ය නැමදුම හෙවත් සලාතය, අනිවාර්ය වාර්ෂික දන් දීම හෙවත් සකාතය, වාර්ෂිකව උපවාසයේ යෙදීම හෙවත් සවුම් පමණක් නොව, සත්‍යවන්තව ජීවත් වීම, දෙමවුපියන්ට කීකරු වීම, අසල් වැසියන්ට උදවු කිරීම වැනි දෑ ද අඩංගු වේ.
නමුත් ඇතැම් නීති අප රට තුල ආන්දොලනයකට ද තුඩු දී ඇති බව පෙණේ. මෙලෙස ආන්දොලනයකට තුඩු දුන් නීති කිහිපයක් ගෙන සාකච්ඡා කිරීම වැදගත් යැයි සිතමි.
ෂරියා නීතිය තුළ පොළී සහිත ගනුදෙනු සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මේ හේතුවෙන් මුස්ලිම්වරු පොළියෙන් මිදීම පිණිස පොළී රහිත බැංකු සාදා ගැනීමට පෙළඹී ඇත.
අන්දොලනයකට තුඩු දී ඇති තවත් මාතෘකාවකි හලාල්. ෂරියා නීතියට අනුව මුස්ලිම්වරු අනුභව කළ යුත්තේ හලාල් හෙවත් අනුමත ආහාර පමණි. ඌරු මස්, ඌරු තෙල්, අරක්කු ආදී තහනම් ආහාර කළවම් කර සාදා ඇති ආහාර කිසිවක් අනුභව කිරීම ඉස්ලාම් බැතිමතුන්ට තහනම් හෙයින් මුස්ලිම්වරු ආහාර වලට හලාල් සහතික නිකුත් කිරීමට පෙළඹී සිටී. මේ සම්බන්ධයෙන් වැඩි දුර කියවීමට මෙම ලිංක් එකෙන් ක්ලික් කරන්න.
ෂරියා නීතියට අනුව මුස්ලිම් පුරුෂයකුට එකවර භාර්යාවන් සිවු දෙනෙකු දක්වා තබා ගැනීමට ඉඩ සලසා ඇත. ඉස්ලාම් දහමට පෙර අරාබියේ පුරුෂයින්හට තබා ගත හැකිව තිබුණු භාර්යාවන් සංඛ්‍යාවෙහි සීමාවක් නොතිබුණි. නමුත් එවක පහළ වූ ඉස්ලාම් දහම මගින් පුරුෂයින්ට තබාගත හැකි භාර්යාවන් සංඛ්‍යාව හතරකට සීමා කර ඔවුන් සියලු දෙනාටම සමානව සැලකීමට නොහැකියැයි බියවන්නේ නම් එක් අයකු පමණක් විවාහ කරගන්නා ලෙසට උපදෙස් දී තිබේ. එනම් ඉස්ලාම් දහම මගින් බහු භාර්යා විවාහය අධෛර්යමත් කර ඇත. නමුත් තහනම් කර නැත.
බහු භාර්යා විවාහ තහනම් නොකිරීමට බොහෝ හේතු අපට අවබෝධ කරගත හැක. එවක පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය රාජ්‍යයේ බොහෝ පිරිමින් මරණයට පත් වී ඔවුන්ගේ භාර්යාවන් වැන්දඹුවන් බවට පත් විය. මේ හේතුවෙන් සමාජයේ කාන්තා ජනගහනයෙහි අතිරික්තයක් පැවතුණි. වැන්දඹුවන් බවට පත් වී අසරණ වූ කාන්තාවන් සහ ඔවුනගේ දූ දරුවන් රැක බලා ගෙන ආරක්ෂාව සැලසීමට වඩාත්ම සුදුසු ක්‍රමය බහු භාර්යා විවාහය අනුමත කිරීම පමණි. මෙපමණක් නොව අද ලොව පුරා උපදින දරුවන්ගේ ගැහැණු පිරිමි අනුපාතය නිරීක්ෂණය කිරීමේ දී පෙණී යන්නේ සෑම රටකම පාහේ උපදින පිරිමි දරුවන්ට සාපේක්ෂව ගැහැණු දරුවන් වැඩි බවය. ශ්‍රී ලංකාවේ ද කාන්තා ජනගහනය පිරිමින්ට සාපේක්ෂව සියයට හතරකින් වැඩි බව අප දනිමු. වෙනත් අයුරකින් කියන්නේ නම් ශ්‍රී ලංකාවේ මිලියන විස්සක ජනගහනයෙන් සියයට හතරක් හෙවත් ලක්ෂ අටක කාන්තාවන් අතිරික්තයක් සිටිති. සියලු පිරිමින් එක් කාන්තාවක් පමණක් විවාහ කරගත්තේ නම්, මෙම ලක්ෂ අටක කාන්තා අතිරික්තය ගණිකාවන් බවට පත්වීමට හෝ අනාචාරයේ යෙදීමට සිදු වනු ඇත. මෙම තත්ත්වය අරෝග්යමත් සමාජයකට දැඩි තර්ජනයකි.
අද අප රටේ ආන්දොලනයකට තුඩු දී ඇති තවත් මාතෘකාවකි ළමා විවාහ. ෂරියා නීතියට අනුව විවාහ වීමට අවම වයස් සීමාවක් නොපැණවීම මීට හේතුවයි. මෙම තත්ත්වයට විරෝධය පළ කරන්නන් පවසන්නේ වයස අවුරුදු දහ අටට අඩු දරුවන් විවාහ වී වගකීම් දැරීමට තරම් වයස ප්‍රමාණවත් නොවන වගයි.
කාරණය එසේ නම් සෑම දෙයකටම නීති පණවා ඇති ෂරියා නීතිය විවාහ වීමට අවම වයසක් නොපැණවීමට හේතුව කුමක් විය හැකි ද? ෂරියා නීතියට අනුව දරුවන් වැඩි වියට පත් වී තිබීම විවාහ වීමට ප්‍රමාණවත් ය. මීට හේතුව වන්නේ ෂරියා නීතියේ අරමුණ සමාජයක් යහ මාර්ගයට ගැනීමට මිස වැරදි මාර්ගයට යොමු කිරීම නොවේ. මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරීම වඩාත් යෝග්‍යය.
අද බොහෝ දරුවන් පාසැල් වයසෙහිම එනම් වයස අවරුදු දහය පමණ සිටම විරුද්ධ ලිංගිකයින් සමග ආදර සම්බන්ධතා පවත්වා ගන්නා බව රහසක් නොවේ. මෙලෙස දෙමවුපියන්ගේ අනුමැතිය ඇතිව හෝ නොමැතිව ආදර සම්බන්ධතා පවත්වා ගැනීමට නීතියෙන් ද කිසිදු අවහිරයක් නැත. මෙය නීතියෙන් තහනම් කළ ද සමාජයක් තුළ මෙවන් ආදර සම්බන්ධතා නැවැත්වීමට කිසිදු හැකියාවක් ද නොමැත. මෙහි ප්‍රතිඵලය අද ඉස්පිරිතාලවල දරුවන් පිළිසිඳගැනීමට පැමිණෙන ළමා මවුවරුන් ගණන දෙස අවධානය යොමු කළේ නම් මනා ලෙස වැටහේ. අද ලොව පුරා වයස දහ නවයට අඩු දැරියන්ගෙන් සියයට දෙකක් ගර්භනීය වන බව සංගණනය කර ඇත. නමුත් මෙහි ඇති භයානක තත්ත්වය කුමක් ද නම්, යම් රටක විවාහ වීමට අවම වයසක් නියම කර ඇති විට මෙලෙස පිළිසිඳ ගන්නා දරුවන්හට නීත්‍යානුකූල පියෙකු නොමැති වීමය. මෙය මෙලෙස උපදින දරුවන්ට වන අසාධාරණයකි.
අඩු වයසෙහි ආදර සම්බන්ධතා පවත්වාගෙන ලිංගික සම්බන්ධතා පවත්වාගැනීම කෙරෙහි කිසිදු විරොධයක් නොදක්වන උදවිය මෙම දරුවන් නීත්‍යානුකූලව ඔවුන් කැමති පුද්ගලයා සමග විවාහ වීමට අනුමැතිය දෙන ෂරියා නීතියට විරෝධය දැක්වීම කිසිසේත්ම අනුමත කළ නොහැක.
උදාහරණයක් ලෙස වයස අවුරුදු දහ හතරක් සහ පහළොවක වයසැති ගැහැනු දරුවකු සහ පිරිමි දරුවකු ලිංගික සම්බන්ධතා පවත්වාගෙන එම ගැහැනු දරුවා ගර්භනීය වුවහොත් මෙම දරුවන් වගකීම් ගැනීමට තරම් වයස ප්‍රමාණවත් නොවන දරුවන් යැයි පවසා වෙන් විය හැකි ද? එලෙස වෙන් නොවුව ද ඔවුන් වයස අවුරුදු දහ අට අත්වන තෙක් විවාහ නොවී සිටින්නට සිදු වේ ද? නැතිනම් විවාහ නොවී විවාහ වුණාක්මෙන් ජීවත් වන්නට සිදු වේ ද? මෙය හුදෙක් එක් උදාහරණයක් පමණි. ෂරියා නීතියක සාධනීයත්වය තහවුරු කරන මෙවන් නිදසුන් ඕනෑ තරම් ලබා දිය හැක.
ෂරියා නීතියේ නිර්මාතෘ වන මනුෂ්‍යයාගේ මැවුම්කරු අල්ලාහ් මෙවන් බෙලහීන නීතියක් නොපැණවීම මවිතයක් නොවේ.
පොදු නීතියක් වන ෂරියා අපරාධ නීතිය ඉස්ලාමීය රාජ්‍යයන්වල ක්‍රියාත්මකවේ. ෂරියා නීතිය ගත් කළ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල පාලනය වන අපරාධ නීති වලට සාපේක්ෂව බෙහෙවින් දැඩි ස්වභාවයක් ගනී. මේ හේතුවෙන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරති යනාදී චෝදනා මගින් ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී බටහිර රටවල් මෙම ෂරියා නීති වලට දක්වන දැඩි විරෝධතාවය හේතුවෙන් වර්තමානයේ ෂරියා නීතිය නිවැරදි අයුරින් ක්‍රියාත්මක කරන රටවල් කිසිවක් නැති තරම් ය. සවුදි අරාබියාව ගත් කළ මෑතක වන තුරු ෂරියා නීතිය සාපේක්ෂව හොඳින් ක්‍රියාත්මක වුව ද වර්තමානයේ එහි ද ඇතැම් දැඩි දඬුවම් ලිහිල් කර ඇත.
මේ නිසා අප මෙහි දී සමාජයේ මෙතරම් විරෝධතාවයකට ලක් වන ලද ඇතැම් දඬුවම් පිළිබඳව අවධානය යොමු කිරීම වටී.
ෂරියා නීතියට අනුව සොරකම් කළ පුද්ගලයකුට දඬුවම ඔහුගේ අත කැපීමය. මෙම නීතිය ක්‍රියාත්මක කිරීම පිණිස සොරකමෙහි සපුරා තිබිය යුතු අවශ්‍යතා කිහිපයක් පහතින් දැක්වේ.
ඉහත දැක්වෙන්නේ සොරකමට අදාල දඬුවම ලබා දීමට සපුරා තිබිය යුතු කොන්දේසි කිහිපයක් පමණි. මේ අනුව පැහැදිලි වන්නේ මෙම සියලු කොන්දේසි සම්පූර්ණ වීම ඉතාමත්ම දුර්ලභ බවය. කෙසේ වෙතත් මෙවන් නීතියක් ෂරියා නීතිය මගින් පැණවීමට මූලික හේතුව වන්නේ වැරදි කරුවන්ට දඬුවම් දීම නොව. සමාජය තුල සොරකම මර්ධනය කිරීම පිණිසය. සොරකම් කිරීමේ වරදට දඬුවම අත කැපීම යන වග දන්නා ඕනෑම සිහි ඇති පුද්ගලයකු සොරකමක් කිරීමට පෙර කිහිප වරක් සිතන්නට පෙළඹෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් අත කැපීමෙන් මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙතියි පවසන උදවිය මෙයින් මිනිසකු සොරකමට ලක් නොවී සිටීමට තිබෙන මානව අයිතිවාසිකම උල්ලංගනය වන බව නොසිතති.
ෂරියා නීතියට අනුව පුද්ගලයකු අනාචාරයේ හැසිරීමේ වරදට දඬුවම කස පහරවල් සියයකි. නමුත් මුහම්මද් නබිතුමාගේ කාලයේ මදීනා නගරයේ ජීවත්වූ යුදෙව්වන්ගේ සංස්කෘත්‍රියට අනුව විවාහක පුද්ගලයකු අනාචාරයේ යෙදුනහොත් ගල් ගසා මරා දැමීමේ දඬුවම ක්‍රියාත්මක වූ හෙයින් එම සංස්කෘත්‍රිය අදටත් ඉස්ලාමීය රාජ්‍යයක් වන ඉරානයේ දක්නට ලැබේ. කෙසේ වෙතත් අල් කුරාණය ගල් ගසා මරා දැමීමට කිසිදු ස්ථානයක නියම කොට නොමැති නමුත් ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ විවාහක පුද්ගලයින් අනාචාරයේ යෑමෙන් සිදුවන සමාජ හාණිය අවිවාහක පුද්ගලයින් අනාචාරයේ යෑමෙන් සිදුවන හාණියට වඩා වැඩි හෙයින් විවාහක පුද්ගලයින් අනාචාරයේ යෑමේ දඬුවම මරණ දඬුවම විය යුතු බවය.
කෙසේ වෙතත් යම් පුද්ගලයකු හෝ කාන්තාවක් අනාචාරය යන චෝදනාවට ලක් කිරීම පිණිස මෙම චෝදනාව ඔප්පු කිරීමට එම පුද්ගලයා හෝ කාන්තාව ලිංගිකව එක් වන අයුරු දුටු සාක්ෂිකරුවන් සිවු දෙනෙකු සිටිය යුතුය. තව ද යම් පුද්ගලයකු හෝ පුද්ගලයින් කිහිපදෙනෙකු කාන්තාවක් මෙලෙස අනාචාරයේ හැසිරුනු බවට චෝදනාවක් නගා සාක්ෂිකරුවන් සිවුදෙනෙකු සොයාගැනීමට අපොහොසත් වුවහොත් එම කාන්තාවගේ ගරුත්වයට හාණි කිරීම හේතුවෙන් මෙලෙස පදනම් විරහිත චෝදනාව කළ සියලු දෙනාට කස පහරවල් අසූව බැගින් දඬුවම් කළ යුතුය.
සාමාන්‍යයෙන් අති රහස්‍ය ලෙස සිදු වන අනාචරය වැනි සිදුවීමකට එම සිදුවීම ඇසින් දුටු සාක්ෂි කරුවන් සිවු දෙනෙකු සොයාගැනීම කෙතරම් අපහසු කාර්යයක් ද යන වග ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ මෙම දඬුවම පැනවීමේ අරමුණ අනාචාරය සමාජය තුල මර්ධනය කරීම පමණක් බවය.
මේ සම්බන්ධයෙන් මුහම්මද් නබිතුමාගේ කාලයේ සිදුවුණු ඓතිහාසික සිදුවීමක් පහත දැක්වේ.
දිනක් මුහම්මද් නබිතුමාගේ සහචරයකු මුහම්මද් නිබිතුමා වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ බිරිඳ අනාචාරයේ යෙදුනෙහිය යන්නෙන් චෝදනා කළේය. එවිට මුහම්මද් නබිතුමා ඔහුට සිද්ධිය දුටු සාක්ෂිකරුවන් සිවුදෙනෙකු රැගෙන පැමිණෙන ලෙසට උපදෙස් දුන්නේය. එවිට එම පුද්ගලයා අල්ලාහ්ගේ දූතයාණනි! යමකු තම බිරිඳ මත තවත් මිනිසකු සිටිනු දුටු විට ඔහු සාක්ෂිකරුවන් සිවු දෙනෙකු සොයා යත හැකි දැයි ප්‍රශ්න කළේය. නමුත් මුහම්මද් නබිතුමා නැවතත් සාක්ෂිකරුවන් සිවුදෙනෙකු ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවේ දී අල්ලාහ් විසින් මුහම්මද් නබිතුමාට පහත කුරාණ වාක්‍යයන් කිහිපය පහළ කරන ලදි.
“යම් කෙනෙකු තම භාර්යාව අනාචාරයෙහි යෙදුණු බවට චෝදනා කර කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරන්නේ ද, ඔහුගේ සාක්ෂිය වන්නේ ඔහු සිවු වරක් අල්ලාහ් මත තමන් සත්‍යය ප්‍රකාශ කළ බවට දිවුරා සාක්ෂි දරා පස්වන වතාවෙහි දී තමන් බොරුකාරයකු නම් තමන්ට අල්ලාහ්ගේ ශාපය අත්වේවා! යන්නෙන් දිවුරා ප්‍රකාශ කළ යුතුය.
පසුව එම භාර්යාව එම චෝදනාව පතික්ෂේප කරන්නේ නම් ඇය ද සිව් වරක් අල්ලාහ් මත තමන් සත්‍යය ප්‍රකාශ කළ බවට දිවුරා සාක්ෂි දරා පස්වන වතාවෙහි දී තමන් බොරුකාරියකු නම් තමන්ට අල්ලාහ්ගේ ශාපය අත්වේවා! යන්නෙන් දිවුරා ප්‍රකාශ කළ යුතුය.” (අල් කුරාණ් 24:6 – 24:8)
ෂරියා නීතියට විරොධය පාන බොහෝදෙනාගේ මතය වන්නේ කාන්තාවක් සහ පුරුෂයකු ස්ව කැමැත්තෙන් ලිංගිකව එකතු වීමෙහි කිසිදු වරදක් නොමැති බවය. මීට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මෙමගින් කිසිදු පාර්ෂවයකට අසාධාරණයක් සිදු නොවන බවය. මේ සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය වන්නේ කාන්තාවක් සහ පුරුෂයකු ලිංගිකව එකතු වීමෙහි කිසිදු වරදක් නොමැති නමුත් එය නීත්‍යානුකූලව විවාහ වී සිදු කළ යුතු බවය. පුරුෂයින්ට එක් කාන්තාවකින් සෑහීමට පත් විය නොහැකි නම් සිවු දෙනෙකු දක්වා විවාහ කරගැනීමට ද අවකාශය ලබා දී තිබේ. මෙලෙස විවාහ නොවී ලිංගිකව එක් වීමෙන් අද සමාජය නිරීක්ෂණය කිරීමේ දී දක්නට ලැබෙන හාණි කිහිපයක් පහත දැක්වේ.