ක්‍රිස්තියානි වනාහි ඒක දේව වාදී ආගම් වලින් එකකි. මෙම ආගම නසරත්හි ජේසුස් ක්රිස්තුස්වහන්ස ගේ ජීවිතය, ඉගැන්වීම් සහ ප්රාතිහාර්යයන් පදනම් කොටගත් ධර්මයකි. මෙය මිනිසුන් බිලියන 2.4ක් සමග ලෝකයේ වැඩිම පිරිසක් අදහන ආගම ලෙසද සැලකේ. මෙය සමස්ථ ලෝක ජනගහනයෙන් 3/1ක් වේ. මෙම ආගමේ මූලික ඉගැන්වීම වනුයේ ජේසුස් වහන්ස යනු සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ එකම පුත් වන අතර ඔහු ලොකයේ මනුෂ්‍යයින්ගේ පාප ක්‍රියාවන් වලට තම ජීවිතය පූජා කළ බවත්ය.
ක්‍රිස්තියානි ආගම ආබ්‍රහම් ආගම් ලෙස හැඳින්වෙන ආගම් 3න් එකකි. එනම් මුතුන් මිත්තකු වන ආබ්රහාම් අදහන ලද දෙවියන් අදහන ආගම් 3න් එකකි. මීට හේතුව වනුයේ ක්‍රිස්තියානි, යුදෙව් මෙන්ම ඉස්ලාම් ආගමේ සඳහන් මූලික පුද්ගලයින් ආබ්‍රහම් හෙවත් ඒබ්‍රහම් නැතහොත් ඉබ්රාහීම් ලෙස හඳුන්වන තැනැත්තාගේ පරම්පරාවෙන් පැමිණි අය වීමය.
මේ නිසා යම් කෙනෙකු ක්‍රිස්තියානි, යුදෙව් හෝ ඉස්ලාම් ආගම ගැන අවබෝධ කරගැනීමට උත්සාහ කරන්නේ නම්, ඔහු මුලින්ම ඒබ්‍රහම් නම් පුද්ගලයා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුය.
ඒබ්‍රහම් පිළිබඳව බයිබලයේ මෙන්ම කුරාණයේද බොහෝ කාරණා අඩංගුව ඇත. බයිබලයට අනුව ඒබ්රහම්ගේ පියා ටේරා නම් වන අතර කුරාණයේ ඔහුගේ පියා අසාර් ලෙස හඳුන්වයි. ඒබ්රහම්ට නාහොර් සහ හාරන් නමින් සහොදරයින් දෙදෙනෙකි. මොවුන් ජේසුස් ඉපදීමට වර්ෂ 2166 ක පමණ කාළයකට පෙර පුරාණ මෙසපොටේමියාවේ නව බග්ඩාඩ් නගරයට ගිනිකොන දෙසින් පිහිටි උර් නම් ප්‍රාන්තයේ ජීවත් වූ බව ඇසත්මේන්තු කර ඇත. හාරන්ගේ පුත් ලොට් සහ ඒබ්‍රහම් ඉතාමත් සමීප හිතවතුන් බව වැටහේ. මෙම කාළයේ උර් ප්‍රන්තයේ ජනතාව බහුදේවවාදීන් වූ බව පුරා විද්‍යාත්මක සාධක මගින් තහවුරු වී ඇත. මෙම ස්ථානයේ මෙම කාළ වකවානුවේ නිර්මාණය කරන ලද විශාල පන්සලක් අදටත් දැකිය හැක.
ක්‍රිස්තියානි ආගමේ මූලාශ්‍ර ග්‍රන්ථය බයිබලය නම් වේ. මෙම බයිබලය කොටස් 2කින් සමන්විතය.
පැරණි සහ නව ගිවිසුම් වල සියළු ග්රන්ථ වල එකතුව බයිබලය ලෙස හඳුන්වයි. බයිබලය යනු ග්‍රීක වචනයක් වන අතර එහි තේරුම ග්‍රන්ථය නම් වේ. මෙම නව සහ පැරණි ගිවිසුම් දෙකම තවත් කොටස් දෙකකට වෙන් කළ හැක. එනම් සත්‍ය යැයි පිළිගැනෙන ග්රන්ථ සහ සත්‍යතාවය පිළිබඳව සැක සහිත ග්රන්ථ නම් වේ.
යේසු නොහොත් නාසරෙත් හි යේසුස් හෙවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ (ක්‍රි පූ 7-2 සිට ක්‍රි ව 26-36*) කිතුනු දහමේ කේන්ද්‍ර ලක්ෂණය වන අතර බොහෝ කිතුනුවන් විසින් දෙවියන්ගේ නැවත පැමිණීමක් ලෙස වන්දනා කරනු ලබයි. එසේම එතුමා වෙනත් ආගම් කිහිපයකද වැදගත් චරිතයකි.
යේසුස් යන නම හීබෲ අරමෙයික් භාෂා වල ඇති, යෙෂුවා හෙවත් "යොහෝවා ගලවා ගනියි" යන වදනින් බිඳී ආවකි. කි‍්‍රස්තු යන්න ග්‍රීක ක්රිස්ටොස් යන වදනින් පැවතෙන අතර එහි අර්ථය "අභිෂේක ලත් තැනැත්තා" ලෙසින් වේ. මෙය හීබෲ භාෂාවේ මෙසායා වදනට සමාන වේ.
යේසුස් වහන්සේ ගේ ඉගැන්වීම් හා ජීවිතය අරභයා ඇති ප්‍රධානතම දත්ත වන්නේ ශුභාරංචි ය. බොහෝ ඉතිහාසඥයන් හා බයිබල් හදාරන්නන් යේසුස් ගලීල යුදෙව්වෙක් යන්නටත්, උපදේශකයෙක් හා සුවකරන්නෙක් යන්නටත්, ස්නාවක යොහාන් ගෙන් බෞතීස්ම ලැබීමටත්, රෝමානු ආණ්ඩුකාර පොන්ති පිලාත් ගේ අණ පරිදි රෝම අධිරාජ්‍යයට එරෙහි වීමේ වරදට යෙරුසලමේ දී කුරුසිපත් වීය යන්නටත් එකඟ වෙති. බොහෝ විචාරාත්මක විද්‍යාර්ථීහු පවසන්නේ යේසුස් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති ඉපැරණි ලිය කියවිලි බොහොමයක් ප්‍රායෝගිකව නිරවද්‍ය නොවන බවයි.
යේසුස් වහන්සේ පිළිබඳ කිතුනු විශ්වාස ප්‍රධාන කරුණු තුනක් මත පදනම් වෙයි. එනම් එතුමාගේ දිව්‍යමය භාවයත්, එතුමා පැරණි ගිවිසුමේ අනාගත වාක්‍ය වල සඳහන් මෙසායා බවත්, එතුමා කුරුසිපත් වූ පසු නැවත උත්ථානය වූ බවත් ය. කිතුනුවෝ සියල්ලෝම පාහේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා හෙවත් ත්‍රිත්වයේ දෙවැන්නා ලෙස විශ්වාස කරන අතර එතුමා විමුක්තිය ලබා දීම සඳහා පැමිණ නැවත දෙවියන් හා එක්වූ බව අදහති. අනෙකුත් කිතුනු විශ්වාස අතර කන්‍ය ඉපදීම, ප්රාතිහාර්ය පෑම, ස්වර්ගය කරා නික්මීම සහ අනාගතයේදී නැවත පැමිණීම වේ. ත්‍රිත්වය පිළිබඳව සමස්ත කිතුනු ජනතාවම පාහේ විශ්වාස කළද විවිධ අත‍්‍රිත්වවාදීන් සුළු පිරිසක් යේසුස් වහන්සේගේ දිව්‍යමය භාවය පිළිබඳ සැක පළ කරති.
ඉස්ලාම් ධර්මයේ යේසුස් වහන්සේව ඊසා තුමා ලෙස හඳුන්වන අතර දෙවියන්වහන්සේගේ වැදගත් ඨූතයෙක් ලෙසත් ශුද්ධ වචනය ගෙන එන්නෙක් ලෙසත්, ප්රාතිහාර්ය පාන්නෙක් ලෙසත්, මෙසායා ලෙසත් ශරීරයෙන්ම දෙව්ලොව වැඩම කළ බවත් පිළිගනිති. කෙසේවුවද මුස්ලිම් වරු යේසුස් වහන්සේ දිව්‍යමය ලෙස විශ්වාස නොකරන අතර එතුමා කුරුසිපත් කළ බවද විශ්වාස නොකරති.
ජේසු තමා බිළිබඳව තව කියවන්න...