පරිණාමවාදය සහ මැවුම් ‍න‍්‍යාය

ආගම ධර්මය ගැන කථා කරන විට කථා නොකරම බැරි මාතෘකාව පරිණාම වාදය සහ මැවුම් න්‍යායයි. ඊට හේතුව නම් ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලක්ම පාහේ මැවුම් න්‍යාය පදනම් කරගන්නා අතර අදේවවාදීන් සියල්ලෝම ආගම් ජීවිතයෙන් බැහැර කිරීමට පරිණාමවාදය පදනම් කරගන්නා බැවිනි.

evolution

පරිණාම වාදය වනාහි වර්ශ 150 කට අධික කාලයක් ලෝකයේ පවතින මතවාදයක් වන අතර මිනිස් වර්ගයාගේ ආකල්ප කෙරෙහි දැඩි ලෙස බලපා ඇත. පරිණාමවාදය මගින් මිනිස් වර්ගයා ඇතුළු සියළු ජීවීන් ස්වාභාවික අහඹු සංසිද්ධියක් හේතුකොට ගෙන ඉබේ හටගත් යැයි පවසන අතර ජීවීන් ගේ පැවැත්ම ආත්මාර්ථකාමී අරගලයක ප්‍රතිඵලයක් යැයි කියා දෙයි. නමුත් හාස්‍යයට කාරණයක් නම් වර්ශ 150 කටත් වඩා පැරණි මෙම මතවාදය අදටත් විද්‍යාත්මකව තහවුරු වී නොමැති බැවිනි. එනමුත් නවීන ‍විද්‍යාවේ නව සොයා ගැනීම් මගින් පරිණාමවාදය තව තවත් ප්‍රතික්ෂේපවනු දැකිය හැක.

පරිණාමවාදයේ ඉතිහාසය

යම් කෙනෙකු කිසියම් ස්ථානයක හෝ දෙයක යම් ක්‍රමානුකූල තත්ත්වයක් දකිනවිට එම තත්ත්වයට කිසිවකු හේතුකාරකයක් වන බව පිළිගනිති. මෙය මිනිස් වර්ගයාගේ මනසේ ලක්ෂණයකි. උදාහරණයක් ලෙස ගත්විට ඔබ කිසිම මනුෂ්‍යයකු මීට කළින් පා නොතැබූ ස්ථානයකට ගිය විට එම ස්ථානයේ ඔබ මීට පෙර අත්නොවිඳි අයුරින් ඉතාමත්ම සුඛෝපභෝගී ලෙස නිමකරන ලද කාමරයක් හෝ නිවසක් ඔබට ගිමන් හැරීමට දක්නට ලැබුණහොත් අනිවාර්යයෙන් ඔබේ මනසට පතිත වන මුල්ම කාරණය නම් මෙම ස්ථානය කිසිවකු විසින් කරන ලද්දක් බවය. මිනිසාගේ මනස තුළ පවතින මෙම මූලික ලක්ෂණයට විරුද්ධ මතයක් ප්‍රකාශ කරණ භෞතිකවාදීන් මගින් 19 වන සියවසේ මැද භාගයේදී පරිණාමවාදය හඳුන්වා දිය.

ඩාවින්ගේ පරිකල්පනය

පරිණාමවාදය අද දවසේ කථාවන අයුරින් මුලින්ම ලොවට හඳුන්වා දුනනේ ඉංග්‍රීසි ජාතික ස්වභාවධර්මය පිළිබඳව නිරීක්ෂකයකු වන චාල්ස් රොබර්ට් ඩාවීන්ය.

dawin
චාර්ල්ස් ඩාවින්

ඩාවින් කිසි දිනක භෞතික විද්‍යාව පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් නොලැබූහ. නමුත් ඔහු ස්වාභාවධර්මය සහ ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීමට දැඩි කැමැත්තක් දැක්වූහ. ඔහුට මෙම විෂය කෙරෙහි ඇති දැඩි කැමැත්ත නිසා දිනක් ඔහු ස්වේච්චාවෙන් එච් එම් එස් බීගල් නම් නෞකාවේ නැග 1832 දී වර්ෂ 5ක් තිස්සේ විවිධ දේශ ගවේෂණය කිරීමට පිටත් විය. තරුණ ඩාවින් සත්ත්ව විශේෂ වල විවිධත්වය දැක බෙහෙවින් කුල්මත් වූහ. විශේෂයෙන් ගැලපගස් දූපතේ ෆින්ච් නම් කුරුළු විශේෂයක් කෙරෙහි දැඩි ඇල්මක් ඇතිවිය. ඔහු මෙම කුරුල්ලන්ගේ හොටවල් වල විවිධත්වයට හේතුව මෙම කුරුල්ලන්ගේ වාසස්ථානය හා හුරුපුරුදුකම් නිසා විය යුතු බව හැඟී ගියහ. මේ හේතුවෙන් මොහු ජීවීන්ගේ විවිධත්වය සහ උන්ගේ ආරම්භයේ රහස පරිසරයට හුරුවීම නම් සංකල්පය මත රඳා පවතින බවට විශ්වාස කළහ. ඒ අනුව මොහු සෑම ජීවියකුම මුළදී එක් ජීවියකුගෙන් ආරම්භ වූ අතර පසු කළෙක පරිසරයට හැඩගැසීම පිණිස විවිධත්වයට පත් වූ බවට විශ්වාස කළහ. මේ අනුව මොහු සියළු ජීවීන් කිසිවකු විසින් මවන ලද යන විශ්වාසය සහමුලින්ම බැහැර කරන ලදි.

ඩාවින්ගේ මෙම උපකල්පනය කිසිම විද්‍යාත්මක පදනමක් මත කරන ලද්දක් නොවේ. නමුත් මොහුට මෙම උපකල්පනය බොහෝ භෞතිකවාදීන්ගේ මැදිහත්වීමෙන් ඉතාමත් බලවත් න්‍යායක් ලෙසට ව්‍යාජ ලෙස හුවා දැක්වීමට හැකි විය. මොහුගේ අදහස වූයේ තම වටාපිටාවට ඉතාමත් සාර්ථක ලෙස හැඩගැසුනු ජීවීන් තම නව ලක්ෂණයන් නව පරපුරට ප්‍රදානය කරනු ලබන අතර, නව පරපුර විසින් තම මුතුන්මිත්තන්ගෙන් ලද මෙම ගතිගුණ සියල්ල ඒකරාශී කරගත් පසුව ඔවුන් තම මුතුන්මිත්තන්ගෙන් හාත්පසින්ම වෙනස්වූ නව ජීවි විශේෂයක් බවට පරිණාමය වන බවයි. ඒ අනුව මෙම පරිණාමයෙන් අතිශයින්ම සාර්ථක වූ ජීවියා මිනිසා බව ඩාවින්ගේ මතය විය.

මෙම සමස්ථ ක්‍රියාවලියට ඩාවින් ස්වාභාවික වරණය මගින් පරිණාමය (Evolution by natural selection) ලෙස හැඳින්විය. ඒ අනුව ඔහු ජීවයේ මුලාරම්භය අනාවරණය කරගත්තේ යැයි විශ්වාස කළේය. ඒ කවරක්ද යත් එක් ජීවියකුගේ මුලාරම්භය තවත් ජීවියකු යන්නයි. ඔහුගේ මෙම සිතුවිලි සියල්ල වර්ෂ 1859 දී ඔහ්ගේ "The Origin of Species, By Means of Natural Selection" නම් ග්‍රන්ථයේ රචනා කරනු ලැබීය.

කෙසේ වෙතත් ඩාවින්ට ඔහුගේ න්‍යාය පිළිබඳව ගැටළු රාශියක් තිබෙන බවට පිළිගැනීය. මේ බව ඔහු මෙම ග්‍රන්ථයේ න්‍යාය සම්බන්ධ ගැටළු (Difficulties of Theory) නම් පරිච්ඡේදයේ පාපොච්චාරණය කර ඇත. මෙම ගැටළු අතුරින් මූලික ගැටළු කිහිපයක් ලෙස සඳහන් කරන ලද්දේ මෙම න්‍යාය සනාථ කිරීම පිණිස පොසිල දත්ත වල ඇති හිඟය, ජීවීන්ගේ සිරුරු වල ඇති සංකීර්ණ බව නිසා මේවා හුදෙක් අහඹු සිදධියක් හේතුකොටගෙන නිර්මාණය වූ බවට ඔප්පු කිරීමට ඇති අපහසුව, ඇතැම් ජීවීන් සතුව ඇතැම් පුදුමාකාර ක්‍රියා සිදුකිරීමට ඇති ඉව (උදාහරණයක් ලෙසට සංචාරක කුරුල්ලන් තම ගමනාන්තය සොයාගන්නා අයුරු) වැනි දෑ විස්තර කිරීමට ඇති අපහසුවය. නමුත් නව සොයාගැනීම් හමුවේ මෙම ගැටළු සියල්ල එකිනෙක අනාගතයේදී විසඳෙනු ඇති බව ඩාවින් විශ්වාස කළේය. ඇමරිකානු ජාතික භෞතික විද්‍යාඥයකු වන ලිප්සන්, ඩාවීන්ගේ පරිණාමවාදය පිළිබඳ ඇති ගැටළු සම්බන්ධයෙන් මෙසේ පැවසූහ.

ජීවීන්ගේ මුලාරම්භය (Origin of Species) නම් ග්‍රන්ථය කියවීමේදී ඩාවින්ටම ඩාවීන්ගේ මතය පිළිබඳව සැකයක් තිබුණු බවට මට හැඟුනි. ඩාවීන්ගේ මෙම ග්‍රන්ථයේ ජීවීන්ගේ ඇස බිහිවූ අයුරු ගැන විස්තර කර ඇති සැටි දකින විට භෞතික විද්‍යාඥයකු හැටියට මට බෙහෙවින් චකිතයක් ඇතිවිය.

එවකට පරිණාමවාදය ගැන කථාකළ අය අතුරින් ලැමාක්ටද වැදගත් තැනක් හිමි වේ. ඩාවීන් පරිණාමවාදය සම්බන්ධයෙන් කියූ දෑ අතුරින් සමහර දෑ ලැමාක් ගෙන් ලද ආභාෂය හේතුවෙන් පවසන ලදි.

නමුත් ඩාවීන් සහ ලැමාක් දෙදෙනාටම වැරදීමට හේතුව නම් එවකට ජීවය පිළිබඳව නිරීක්ෂණය කිරීමට තිබූ උපාංග බෙහෙවින් සරල ඒවා වූ අතර එවකට මෙම විෂය පිළිබඳව එතරම් ගැඹුරින් අධ්‍යයන් කර නොතිබූ නිසාය. ජාන විද්‍යාව සහ ජෙෙව විද්‍යාව නම් ක්ෂේත්‍ර නාමිකව හෝ එවකට නොපැවතීය. මේ නිසා ඔවුන්ගේ න්‍යායන් සියල්ල හුදෙක්ම ඔවුනොවුන්ගේ පරිකල්පන ශක්තිය මත රඳා පැවතීය.

gregormendel
ග්‍රෙගර් මෙන්ඩල්

ඩාවින්ගේ පරිණාමවාදය බෙහෙවින් කථාවූ යුගයක උද්හිද විද්‍යාඥයකු වන ග්‍රෙගර් මෙන්ඩල්, උරුමය පිළිබඳ න්‍යාය 1865 දී ලොවට හෙළි කළේය. මෙම න්‍යාය 1900 කාළ වකවානුව වන විට ඉතාමත් වැදගත් ස්ථානයක් ඉසිලීය. ඊට හේතුව වූයේ ජාන විද්‍යාව නම් නව ක්ෂේත්‍රයක මුලාරම්භයට මෙම සොයාගැනීම හේතු වූ නිසාය. පසුකළෙක ජාන සහ ක්රොමොසෝම වැනි දැයෙහි ආකෘතීන් ලොවට අනාවරණය විය. 1950 දශකයේ ජාන වල ජීවය පිළිබඳ දත්තයන් ඇති බව සොයගැනීමත් සමඟ පරිණාමවාදය බෙහෙවින් අගාධයකට තල්ලු විය.

මෙම නව සොයාගැනීම් හමුවේ නොගැලපීම හේතුවෙන් පරිණාමවාදය අභාවයට යාමක් අපේක්ෂා කරන ලද නමුත් ඇතැමුන්ගේ බලපෑම මත පරිණාමවාදයට විද්‍යාත්මක පදනමක් ගෙන ඒමට නොයෙක් ක්‍රම මගින් උත්සාහ කරන ලදි. මෙවන් බොරුවක් සාධාරණීය කිරීමට මෙතරම් උත්සාහයක් දැරීමට එකම හේතුව ලෙස දැක්විය හැක්කේ පරිණාමවාදයේ විද්‍යාත්මක වැදගත්කමකට වඩා සමාජයේ මතවාදයට බලපෑමක් කරීම කෙරෙහි වැදගත්කමක් උසුලන හෙයිනි.

නියෝ ඩාවින්වාදීන්ගේ දැඩි ප්‍රයත්නය

20 වන සියවසේ මුල් කාලයේ ජාන විද්‍යාවේ ආරම්භය නිසා පරිණාමවාදය දැඩි අගාධයකට තල්ලු විය. කෙසේ වෙතත් ඩාවින්ගේ පරිණාමවාදයට ආදරය කළ විද්‍යාඥයින් පිරිසක් පරිණාමවාදය ආරක්ෂා කිරීම පිණිස විවිධ උපාය මාර්ග යොදමින් ඉදිරියට පැමිණියහ. මෙම විද්‍යාඥයින් පිරිස 1941 දී ඇමරිකාවේ ජෙෙව විද්‍යා සමාජය විසින් සංවිධානය කළ රැස්වීමකදී ඒකරාශී විය. ජෙෙන විද්‍යාඥ ජී ලෙඩ්යාඩ් ස්ටෙබින්ස්, රොනල්ඩ් ෆිෂර්, සෙවාල් රයිට් සහ දියොඩොසියස් ඩොබ්සාන්ස්කි, සත්ත්ව විද්‍යාඥ අර්නස්ට මෙයර් සහ ජූලියන් හෝක්ස්ලි, පොසිල විද්‍යාඥ ජෝජ් ගේලෝඩ් සිම්ප්සන් සහ ග්ලෙන් එල් ජෙප්සන් යන අය දීරඝ ලෙස සාකච්ඡා පැවැත්වීමෙන් පසු ඩාවින්ගේ පරිණාමවාදයේ ගැටළු වලට විසඳුම් සොයන ක්‍රම පිළිබඳව එකඟතාවයකට පැමිණියහ.

මෙම ගැටළුවලට පිලියම ලෙස ඔවුන් සොයාගත් විසඳුම අහඹු ජාන විකෘතිවීම නම් විය. ඔවුන් මෙම නව අදහසට නව සංස්ලේෂක පරිණාමවාදය ("The Modern Synthetic Evolution Theory") ලෙස නම් තැබීය. මෙම මතවාදයේ මූලික ලක්ෂණය වූයේ ඩාවින්ගේ ස්වාභාවික වරණය සංකල්පයට ජාන විකෘත්තිය නම් සංකල්පය එකතු කිරීමය. කෙටි කාළයක් තුළ මෙම සංකල්පය නියෝ ඩාවින් ලෙස හැඳින්විය. මෙම න්‍යාය හඳුන්වා දුන් පුද්ගලයින් නියෝ ඩාවින්වාදීන් ලෙස හැඳින්විය.

neodawinists

ජාන විකෘති කිරීමෙන් හෝ ජාන වලට අනතුරකින් සිදුවන විකෘති වීම් මගින් ජීවීන්ට සිදුවන්නේ අනතුරක් මිස හොඳක් නොවන බව සියල්ලෝම දන්නා කාරණයක් වුවද නියෝ ඩාවීන් විසින් ජාන විකෘති වීම මගින් යහපත් ප්‍රතිඵල ගෙන දීමට හැකිවන බව ඔප්පු කිරීම පිණිස පරීක්ෂණ දහස් ගණනක් සිදුකරමින් ඊළඟ දශක කිහිපය තුළ දැඩි ප්‍රයත්නයක නියැළී සිටියහ. එනමුත් ඔවුන්ගේ සියළු ප්‍රයත්නයන් අසාර්ථක විය.

තවද ඔවුන් ඔප්පු කිරීමට උත්සාහ කළ තවත් කාරණයක් නම් ජීවීන් බිහිවීමට පෘථිවියේ ප්‍රාථමික අවධියේ දේශගුණ තත්ත්වයද හෙතුවක් වන්නට ඇති බවය. මෙම තර්කය ඔප්පු කිරීමටද ඔවුන් බොහෝ පරීක්ෂණ දියත් කළහ. මේ සියළු පරීක්ෂණ අසාර්ථක විය. පෘථිවියේ ප්‍රාථමික අවධියේ පාලනයකින් තොර දේශගුණික තත්ත්වය නිසා අහඹු ලෙස බිහිවූ බව ඔප්පුකිරීමට උත්සාහ කළ පරීක්ෂණ මගින් ඔප්පු කරණ ලද්දේ ඉතාමත්ම සූක්ෂම උපකරණ සහිත රසායනාගාරයක් වුවද ජීව සෙෙලයක් නොව සෙෙලය සැදුම් ලත් ප්‍රෝටීන අනුවක් හෝ බිහිකිරීමට හෝ වෙනස් කරීමට හෝ නොහැකි බවය.

තවද නියෝ ඩාවින්වාදය පොසිල වාර්ථා සමගද නොගැලපිනි. එනම් ප්‍රාථමික අවධියේ ජීවීන් අද දින උසස් ජීවි තත්ත්වයට පරිණාමය වන කාළය අතරතුර කාළයේ ජීවීන් පිළිබඳ කිසිම පොසිල හෝඩුවාවවක් හමු නොවීමයි. තවද මෙම විවිධ ජීවීන්ගේ විවිධ ශරීර ව්‍යුහයන් නිරීක්ෂණය කිරීමේදී මෙම සිරුරු සියල්ල එකිනෙකට හාත්පසින් වෙනස් ව්‍යුහයන් බව තහවුරු වුණු අතර, එක් ජීව විශේෂයක් තවත් ජීව විශේෂයකගේ මුතුන් මිත්තන් හෝ පැවත එන්නන් යැයි ප්‍රකාශ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව තහවුරුවිය.

කැනේඩියානු ජාතික දාරශනිකවාදියකු සහ පරිණාමවාදියකු වන මයිකල් රූස් 1993 වර්ශයේ රැස්වීමකදී මෙසේ පාපොච්චාරණය කළේය.

"සැකයකින් තොරවම පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේ ද බොහෝ පරිණාමවාදීන් හට පරිණාමවාදය යන්න අනාගමික දර්ශනයක් ලෙස කටයුතු කර තිබෙන අතර පරිණාමවාදය විද්‍යාත්මක න්‍යායක් ලෙස ගැඹුරින් බලන කළ මෙය භෞතිකවාදයට බොහෝ නැඹුරු බව මට ඉතාමත්ම පැහැදිලිය."

මොහු ඉහත කියූ වදන් වලින් පෙණී යන්නේ පරිණාමවාදය යන්න විද්‍යාත්මක මතයකට වඩා අනාගමික මතවාදයක් බවය. සියළු සාධක පරිණාමවාදයට පටහැනිව පැවතියද පරිණාමවාදයේ ශූරයන් තවමත් පරිණාමවාදය ආරක්ෂාකිරීමට මෙතරම් ප්‍රයත්නයක් දැරීමට හේතුව මෙයයි. නමුත් ඔවුනට තිබෙන්නාවූ විශාලතම ගැටළුව කුමක්ද නම් මෙම ඉදිරිපත්වී ඇති පරිණාමවාදය පිළිබඳ න්‍යායන් අතුරින් කුමන න්‍යාය නිවැරදිදැයි ඔවුනට තීරණය කිරීමට ඇති නොහැකියාවයි. එවැනි තවත් එක් වැදගත් සහ විශිෂ්ඨ ඝනයේ පරිනාමවාදය පිළිබඳ න්‍යායකි විරාමිත සමතුලිතතාවය නම් න්‍යාය.

විරාමිත සමතුලිතතාවය

පරිණාමවාදය අදහන බොහෝ දෙනා නියෝ ඩාවිටන්වාදය පිළිගන්නා අයයි. එනම් ජීවීන් කාළයක් තිස්සේ ජාන වල වෙනස්වීම් හේතුවෙන් සෙමින් පරිණාමය වූ බවයි. මෙම න්‍යාය පොසිල වාර්ථා වලට පටහැනි නිසා, මෑතකදී නව පරිණාමවාදී ආකෘතියක් ගොඩනැගිනි. එනම් විරාමිත සමතුලිතතාවයි. මෙම මතවාදයෙන් ප්‍රකාශ කරන්නේ ඩාවින් පැවසූ ආකාරයට ජාන වල කුඩා වෙනස්වීම් හේතුවෙන් දිගු කාළයක් තුළ ජීවීන් සෙමෙන් පරිණාමය නොවූ අතර හදිසි විශාල වෙනස්වීම් මගින් පරිණාමය වූ බවයි.

මෙම න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවේ 1970 දශකයේ පොසිල විද්‍යාඥයින් දෙදෙනෙකු වන නයිල්ස් එල්ඩ්‍රෙජ් සහ ස්ටීෆන් ජේ ගුඩ් යන අයයි. කිමද කිවහොත් නියෝ ඩාවින් වාදය පොසිල වාර්ථා මගින් නිෂ්ප්‍රභාවනබවට ඔවුනට තේරුන නිසාය. පොසිල වාර්ථාවලට අනුව කුමක් පැහැදිළි වන්නේද යත්, ජීවීන් සියල්ල එකිනෙකාට සහමුලින්ම වෙනස් ස්වරූපයක් ගන්නා නිසා එක් ජීවියකු තවත් ජීවියකු බවට එකවර පත්වූ නමුත් කුඩා වෙනස්වීම් මගින් පරිණාමය වී තිබීමට හැකියාවක් නොමැති බවය. උදාහරණයක් ලෙස යුරෝප ජාතික විද්‍යාඥයකු වන ඕ එච් ශින්ඩ්වුල්ෆ් විසින් ලෝකයේ පළමු පක්ෂියා යම් උරඟයකුගේ බිත්තරයකින් ජාන විකෘතියක් නිසා බිහිවන්නට ඇති බව ප්‍රකාශ කළේය. එම න්‍යායට අනුවම යම් ක්ෂීරපායි සත්ත්වයකු එකවරම ජාන විකෘති වීමක් හේතුවෙන් මහා තල්මසකු බවටද පත්වන්නට පුළුවන. කෙසේ වෙතත් මෙම තර්ක මගින් ජාන විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවේ සියළු නීතීන් උල්ලංගනය වේ. මෙය හුදෙක් මැඩියකු කුමාරයකු බවට පත්වන බව කියන සුරංගනා කථාවක් බඳු කියමනකි. කිමද කිවහොත් පක්ෂියකු උරඟ බිත්තරයකින් බිහිවීමට නම් උරඟයාගේ ජාන වල විශාල විකෘතිවීමකින් යහපත් ප්‍රථිඵලයක් ඇති විය යුතුය. මෙවන් ප්‍රථිඵලයක් ජාන විකෘති වීමක් මගින් ඇතිවීමට කිසිදු හැකියාවක් නොමැති බව සෑම විද්‍යා අංශයකින්ම සනාථ වී ඇත. කෙසේ වෙතත් නියෝ ඩාවින්වාදයට අත් වී ඇති තත්ත්වය ගැන කම්පා වුනු ඇතැම් පොසිල විද්‍යාඥයන් නියෝ ඩාවින්වාදයටත් වඩා හාස්‍යජනක තර්කයක් වන විරාමිත සමතුලිතතාවය නම් මතවාදය වැලඳගෙන ඇත.

නව සොයාගැනීම් හමුවේ දිගින් දිගටම නිෂ්ප්‍රභාවන පරිණාමවාදය විසින් මිනිස් වර්ගයාව වර්ෂ 150ක් තිස්සේ රවටා ඇතිබව අපට වැටහේ.

අද වන විට ඇමරිකාව යුරෝපය ඇතුළු බොහෝ රටවල පොත් දහස් ගණනක් පරිණාමවාදයට එරෙහිව එලිදැක්වී ඇත.

තවද මෙම ආකෘතිය මගින් ජීව සෙෙලයේ ආරම්භය ගැන කිසිදු මතවාදයක් ඉදිරිපත් කර නොමැති හෙයින් මෙම මතවාදය පළමු අදියරයේම බිඳ වැටේ. එනම් එක් ප්‍රෝටීන අනුවක් හෝ අහඹු ලෙස ජනිත වීමට නොහැකි වීම හේතුවෙන්, මෙවැනි අනු ට්‍රිලියන ගණනකින් සැදුම් ලත් අති සංකීර්ණ පද්ධතීන් එකවර පරිණාමය වුණාද නැතහොත් කාළයක් තිස්සේ පරිණාමය වුනාද යන්න ගැන වාද කිරීම තාර්කික නොවේ.

සෙෙලයේ ප්‍රාතිහාර්යය

ලෝකයේ සියළු ජීවීන්ගේ මූලික සංඝටකය සෙෙලය නම් වේ. එනම් ලෝකයේ සියළු ජීවීන් සෑදී ඇත්තේ සෙෙලයන් ගේ එකතුවකිනි. ඕනෑම ජීවියකුගේ ඔීනෑම අංගයක් බලවත් අන්වික්ෂයකින් නිරීක්ෂණය කිරීමේදී අපට දැඩි ලෙස සක්‍රීය සෙෙලයන් මිලියන ගණනක එකතුවක් දැක ගැනීමට හැකි වනු ඇත.

න්‍යෂ්ඨියක් සහිත සහ න්‍යෂ්ඨියක් රහිත යන්නෙන් සෙෙල වර්ග දෙකකට බෙදිය හැක. බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් නයෂඨියක් රහිත ඒක සෙෙලීය ජීවීන් වන අතර මනුෂ්‍යයින් සහ ශාක ඇතුළු අනෙක් සියළු ජීවීන් සෑදී ඇත්තේ න්‍යෂඨියක් සහිත සෙෙලයන් මගිනි. මිනිස් සිරුර ට්‍රිලියන 100 කටත් අධික සෙෙලයන්ගෙන් සෑදී ඇත. ඇතැම් සෙෙලයන් කෙතරම් කුඩා දැයි කිවහොත් සෙෙල මිලියනයක එකතුවක් ගත්තත් ඉඳිකටු තුඩුවක් පිරවීමට පවා ප්‍රමාණවත් නොවේ. මෙම සෙෙලයන් කෙතරම් කුඩා වුවද මිනිස් සෙෙලය වැනි සංකීර්ණ පද්ධතියක් අද වන තුරු කිසිවකු දැක නැති බව විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. මිනිස් සෙෙලයේ විශේෂාංග බොහෝමයක් අදටත් රහසක්ව පැවතියද මෙම සෙෙලය පිළිබඳව හෙලි වන තොරතුරු සියල්ලම පරිණාමවාදයට දැඩි ප්‍රහාරයක් එල්ල කරති. මෙවන් සාධක හේතුකොටගෙන රුසියානු ජාතික පරිණාමවාදියකු වන ඇලෙක්සැන්ඩර අයි ඔපරින් මෙසේ පවසයි.

"ජීවියාගේ පරිණාමය පිළිබඳව කරන අධ්‍යයනයේ ඛේදජනකතම ගැටළුව වන්නේ සෙෙලයේ මුළාරම්භයයි."

තවද ජොහැන්ස් ගුටන්බර්ග් විශ්වවිද්‍යාලයේ ජෛව රසායන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ක්ලෝස් ඩෝස් මෙසේ පවසයි.

"පසුගිය වර්ෂ 30ක කාලය තුළ අප විසින් මෙතරම් විශාල ප්‍රයත්නයක් දැරුවද තවමත් සෙෙලයේ කෛරාටිකයේ මුළාරම්භය පිළිබඳව විස්තර කිරීමට අද වන තුරු කිසිම හෝඩුවාවක් නොලැබුණු වගයි."

ඉහත පැහැදිළි කර ඇති අයුරින් ඕනෑම ජීවියකුගේ මූලික සංඝටකය සෙෙලයයි. මෙනිසා මෙම මූලික සංඝටකය වන සෙෙලයේ හෝ මෙම සෙෙලය සැදුම් ලත් ප්‍රෝටීන හෝ මෙම ප්‍රෝටීන සැදුම් ලත් ඇමයිනෝ අම්ලයන් කෙසේ සෑදුනා දැයි විස්තර කිරීමට නොහැකිවන න්‍යායක්වන පරිණාමවාදය කිසිවිටෙක ලෝකයේ සියළුම ජීවීන්ගේ මුළාරම්භය ඔප්පු කිරීමට නොහැක. මෙම කරුණු හේතුකොටගෙන පරිණාමවාදය පළමු අදියරයේම බිඳ වැටෙන බව පැහැදිළිය.

සෙෙලයක් ක්‍රියාත්මක වීම සඳහා සෙෙලය තුළ පවතින මිළියන ගණක අංග සියල්ලෝම එක වර නිසි පටිපාටියකට එක්රැස් වී ක්‍රියාත්මක විය යුතුය. මෙනිසා යම් කෙනෙකු සෙෙලය පරිණාමයක හේතුවෙන් හටගත්තා යැයි පවසයි නම් සෙෙලය තුළ තිබෙන්නාවූ මිළියන ගණනක විවිධ අංගයන් අහඹු සිදුවීමකින් කෙසේ මෙසේ එකවර ක්‍රියාත්මක වන අයුරින් එක්රැස් වුණාදැයි පැහැදිළි කළ යුතුය. නිසැකවම මෙවන් සංකීර්ණ පද්ධතියක් අහම්බෙන් එක්රැස් වීමට හැකියාවක් නැත. මෙනිසා සෙෙලය වැනි සංකීර්ණ පද්ධතියක් පැවතීම මැවුම් න්‍යායේ සත්‍යතාවය පිළිබඳව සාක්ෂි දරයි.

පරිණාමවාදය කෙතරම් තර්කාණුකූල නොවේදැයි කිවහොත් එය බෝම්බයක් පිපිරීම හේතුවෙන් විශ්වකෝෂයක් නිර්මාණය වුණා කීවා සේය. තත්ත්වය මෙසේ පැවතියද පරිණාමවාදීන් තවමත් ජීවීන් අහඹු සිදුවීමකින් පෘතුවියේ පළමු කාළයේ හටගත් බව විශ්වාස කරයි.

සෙෙලයේ කොටස්

cell

තනි සෙෙලයක් ගත්කළ එය ඉතාමත්ම සක්‍රීය අතිවිශාල නගරයක ක්‍රියාකාරීත්වය හා සමාන ක්‍රියාකාරීත්වයක් පෙන්ණුම් කරයි. සෙෙලය තුළ ඇති සන්නිවේදන සහ ප්‍රවාහන සැලැස්ම අතිවිශිෂ්ඨය. තවද මෙම සෙෙලය තුළ ඇති තවත් සංකීර්ණ අංශ නම් සෙෙලයට අවශ්‍ය බලශක්ති නිපදවන අංශය එන්සයිම සහ හෝමෝන නිපදවන කර්මාන්ත ශාලා මෙන්ම මේ සියළු දෑ නිපදවීමට අවශ්‍ය දත්ත තොරතුරු සහ දැනුම ගබඩා කර තැබීමට දැනුම් ගබඩාවක්, විවිධ අමුද්‍රව්‍ය වෙන්කර හඳුනාගෙන පාලනය කිරීමට රසායනාගාරයක් සහ පිරිපහදුවක් උදාහරණ කිහිපයකි.

යම් සිරුරක සෙෙල සියල්ල ගත් කළ එම සියළු සෙෙල එකිනෙකා නිරූපණය කරන්නාවූ සමාන ලක්ෂණයන්ගෙන් සමන්විත වන අතර එකම ශරීරයක විවිධ පද්ධතීන් වෙන්කර හඳුනාගැනීමට විශේෂ වූ ලක්ෂණයන්ගෙන්ද සමන්විතය. සෙෙලය සමන්විත විවිධවූ පද්ධතිවල ව්‍යුහය සහ ඒවායේ කාර්යභාරය මත සෙෙලයන් විවිධ හැඩයන්ගෙන් සහ හැකියාවන්ගෙන්ද යුක්තය.

මිනිස් ශරීරයක පැවැත්ම සඳහා, මෙම සියළු විවිධවූ සෙෙලයන් එකිනෙකා හා සම්බන්ධ වී එක් පද්ධතියක් සේ එකාමෙන් කටයුතු කළයුතුය. සෙෙලය නම් වූ මෙම ඉතාමත්ම කුඩා ජීව අංශුව මෙවන් ඉතාමත්ම විශාල කාර්‍යභාරයක් කිරීම ඇත්තෙන්ම විශාල හාස්කමකි.

ඩී එන් ඒ (DNA)

ඉහත සඳහන් පරිදි, සෙෙලය වනාහි ලෝකයේ අදවනතුරු කිසි තැනක දක්නට නැති අති විශිෂ්ඨතම තාක්ෂණයෙන් පිරිපුන් කරමාන්තයක් බඳුය. සමස්ථ කර්මාන්තයම එන්සයිම ලෙස හඳුන්වන ප්‍රෝටීන අනු මගින් රොබෝ සහ යන්ත්‍ර ලෙස ක්‍රයා කරයි. මෙම අතිසංකීර්ණ සමස්ථ ක්‍රියාවලියම පටිගතවී ඇත්තේ ඩී එන් ඒ DNA නම් හෙලික්සීය අණුව තුළය. DNA ඉතාමත්ම ආරක්ෂිත ලෙස සෙෙලයේ න්‍යෂ්ඨිය තුල තැන්පත්ව ඇත. ජාන විද්‍යාව යනු මෙම අරුම පුදුම අණුවේ රහස් සොයාගැනීම පිණිසම කැපවූ නව ක්ෂේත්‍රයකි. 21ක් වන සියවසේ සියළුම නව සොයාගැනීම් අතර ප්‍රමුඛතම ස්ථානය හිමිවන්නේ ජාන විද්‍යාවටය. නමුත් අද තවමත් ජාන විද්‍යාව ලෝකයේ ඉතාමත්ම ප්‍රාථමික අවධියක පවතී.

පුද්ගලයකුගේ සිරුර පිළිබඳ සියළු දත්තයන් මෙම DNA තුළ පටිගතව ඇත. උදාහරණයක් ලෙස ගතහොත් යම් පුද්ගලයකු වයස අවුරුදු 30දී ඔහුගේ උස, වර්ණය, ලේ වර්ගය, මුහුණේ ලක්ෂණ යනාදී සියළු කාරණා අවුරුදු 30ක් සහ මාස 9කට කළින්ම එම පුද්ගලයා මවුකුස තුළ හටගත් වහාම ජාන තුල පටිගතවී හමාරය. ජානමය තොරතුරු අතර මෙවන් ශාරීරික ලක්ෂණ පමණක් නොව, ශරීරය තුළ කාලෙන් කාලෙට හටගන්නා සිදුවීම් දහස් ගණනක් අඩංගුය.

ඇසට නොපෙණෙන මෙම ජානයක තොරතුරු සියල්ල ග්‍රන්ථාරූඪ කිරීමට තැත්කළේනම්, එම ග්‍රන්ථය පිටු මිලියන ගණනකින් සමන්විත වනු ඇත. එනම් මෙය විශාල පුස්ථකාලයක් පිරීමට පවා හැකිවන තරම් විශාල තොරතුරු සම්භාරයකි. මෙවන් තොරතුරු සම්භාරයක් කිසිදු මිනිසෙකුට වුවද මතක තබාගත නොහැක. මේ අනුව බලන කළ, අපේ සිරුරු වල තිබෙන්නාවූ එක් අණුවක් ගත්තත් අපට වඩා බොහෝ සෙයින් බුද්ධිමත්ය.

ප්‍රෝටීන, ජලය සහ මේද අම්ල අණු කිහිපයකින් සැදුම්ලත් මෙම මිලිමීටරයකින් බිලියනයකින් එකක් තරම් කුඩා මෙම ජාන අණුව තුළ මෙතරම් විශාල තොරතුරු සම්භාරයක් තැන්පත්කිරීමට හැකිවීම ඉතාමත්ම විශ්මජනකය. මෙවන් තාක්ෂණයක් යම් අහඹු සිදුවීමක් හේතුවෙන් ඉබේ හටගත්තා යැයි පවසන පරිණාමවාදීන්ගේ කියමන කෙතරම් දුරට සාධාරණද?

කිසිදු විඥාණයක් නොමැති ශරීරය සැදුම්ල් මෙම කුඩා අණු වලට මෙතරම් සුවිශාල දැනුම් සම්භාරයක් ලබා දුන්නේ කවුරුන්ද? මිනිසුන් කිසියම් දවසක විවිධ පරමාණු වර්ග කිහිපයක් එකතුකොට සෙෙල අණුවක් නිෂ්පාදනය කළද මෙවන් දැනුම් සම්භාරයක් කෙසේ නිපදවිය හැකිද? මෙවන් බුද්ධිමත් අණුවක් දවසක නිපදවුවද, මෙවන් අණු ට්‍රිලියන ගණනක් එකතු කොට සිතීමේ සහ බොහෝ දෑ කළ හැකි මනුෂ්‍යයකු බිහි කරන්නේ කෙසේද? මේ සියළු ප්‍රශ්ණ වලට ඇති එකම පිළිතුර මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන විඥානය සෙෙලය තුළ හෝ ජීවය තුළින් පැමිණි දෙයක් නොවේ. මෙම විඥාණය පැමිණියේ මෙම ජාන, සෙෙල, ජීවීන් සහ සමස්ථ විශ්වය නිර්මාණය කළ නිරමාණකරුවාගෙනි.

ඔබේ අදහස කොමෙන්ට් කරන්න.