ආගම් පිළිබඳව අධ්‍යයනය කිරීම ලොව උපන් සෑම මිනිසකුගේම වගකීම වන්නේ ඇයි?

  1. මිනිසකුට ඇසිය හැකි අවසාන ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීම කළ හැක්කේ ආගම් මගින් පමණි. උදාහරණ ලෙස අප ඉපදුනේ ඇයි? අප මැරුණායින් පසු අපට කුමක් වේද? අපගේ ක්‍රියාවන්හි ප්‍රථිඵල තිබේද? ලෝකය සියළු දෑ පාලනය වන්නේ කෙසේද? යන්නාවූ ප්‍රශ්ණ වලට ආගම් වලින් හැර වෙන කිසිදු පිළිතුරක් නැත.
  2. අති බහුතරයක් වන ලෝක වාසීන් කිසියම් වූ ආගමක් සමග සම්බනධතා පවත්වයි. බිලියන ගණනක් වූ ලෝකවාසීන් සම්බන්ධතා පවත්වන්නාවූ ආගම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සැබවින්ම වටී.
  3. යම් සමාජයක් සාර්ථක ලෙස අධ්‍යයනය කර තේරුම් ගැනීමට නම් එම සමාජය අදහන ආගම පිළිබඳව වැටහීමක් තිබිය යුතුය.

මෙවන් හේතු නිසා අවම වශයෙන් ලෝකයේ ප්‍රධාන ආගම් සම්බන්ධයෙන්වත් යම් අවබෝධයක් ලබා ගැනීම මිනිසා නම් උසස් ජීවීන් වන අප සැමගේ වගකීම වේ.

ලෝකයේ සෑම ආගමක්ම විද්‍යාත්මකව විසඳිය නොහැකි යම් විශ්වාසයක් පදනම් කරගෙන බිහිවේ. මේ නිසා අප මුළින්ම ආගම තම දිවියෙන් බැහැර කරගත් අදේවවාදීන් නැතහොත් නිරගාමිකයින් පිළිබඳව මුළින් අධ්‍යයනය කරමු. මොවුන් හට තම තර්කය ගොඩනැගීමට ඇති එකම සහය පරිණාමවාදයයි.

පරිණාමවාදය සහ මැවුම් ‍න‍්‍යාය

ආගම ධර්මය ගැන කථා කරන විට කථා නොකරම බැරි මාතෘකාව පරිණාම වාදය සහ මැවුම් න්‍යායයි. ඊට හේතුව නම් ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලක්ම පාහේ මැවුම් න්‍යාය පදනම් කරගන්නා අතර අදේවවාදීන් සියල්ලෝම ආගම් ජීවිතයෙන් බැහැර කිරීමට පරිණාමවාදය පදනම් කරගන්නා බැවිනි.

evolution

පරිණාම වාදය වනාහි වර්ශ 150 කට අධික කාලයක් ලෝකයේ පවතින මතවාදයක් වන අතර මිනිස් වර්ගයාගේ ආකල්ප කෙරෙහි දැඩි ලෙස බලපා ඇත. පරිණාමවාදය මගින් මිනිස් වර්ගයා ඇතුළු සියළු ජීවීන් ස්වාභාවික අහඹු සංසිද්ධියක් හේතුකොට ගෙන ඉබේ හටගත් යැයි පවසන අතර ජීවීන් ගේ පැවැත්ම ආත්මාර්ථකාමී අරගලයක ප්‍රතිඵලයක් යැයි කියා දෙයි. නමුත් හාස්‍යයට කාරණයක් නම් වර්ශ 150 කටත් වඩා පැරණි මෙම මතවාදය අදටත් විද්‍යාත්මකව තහවුරු වී නොමැති බැවිනි. එනමුත් නවීන ‍විද්‍යාවේ නව සොයා ගැනීම් මගින් පරිණාමවාදය තව තවත් ප්‍රතික්ෂේපවනු දැකිය හැක.

පරිණාමවාදයේ ඉතිහාසය

යම් කෙනෙකු කිසියම් ස්ථානයක හෝ දෙයක යම් ක්‍රමානුකූල තත්ත්වයක් දකිනවිට එම තත්ත්වයට කිසිවකු හේතුකාරකයක් වන බව පිළිගනිති. මෙය මිනිස් වර්ගයාගේ මනසේ ලක්ෂණයකි. උදාහරණයක් ලෙස ගත්විට ඔබ කිසිම මනුෂ්‍යයකු මීට කළින් පා නොතැබූ ස්ථානයකට ගිය විට එම ස්ථානයේ ඔබ මීට පෙර අත්නොවිඳි අයුරින් ඉතාමත්ම සුඛෝපභෝගී ලෙස නිමකරන ලද කාමරයක් හෝ නිවසක් ඔබට ගිමන් හැරීමට දක්නට ලැබුණහොත් අනිවාර්යයෙන් ඔබේ මනසට පතිත වන මුල්ම කාරණය නම් මෙම ස්ථානය කිසිවකු විසින් කරන ලද්දක් බවය. මිනිසාගේ මනස තුළ පවතින මෙම මූලික ලක්ෂණයට විරුද්ධ මතයක් ප්‍රකාශ කරණ භෞතිකවාදීන් මගින් 19 වන සියවසේ මැද භාගයේදී පරිණාමවාදය හඳුන්වා දිය.

තව කියවන්න..

ක්‍රිස්තියානි

ක්‍රිස්තියානි වනාහි ඒක දේව වාදී ආගම් වලින් එකකි. මෙම ආගම නසරත්හි ජේසුස් ක්‍රිස්තුස්වහන්ස ගේ ජීවිතය, ඉගැන්වීම් සහ ප්‍රාතිහාර්යයන් පදනම් කොටගත් ධර්මයකි. මෙය මිනිසුන් බිලියන 2.4ක් සමග ලෝකයේ වැඩිම පිරිසක් අදහන ආගම ලෙසද සැලකේ. මෙය සමස්ථ ලෝක ජනගහනයෙන් 3/1ක් වේ. මෙම ආගමේ මූලික ඉගැන්වීම වනුයේ ජේසුස් වහන්ස යනු සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ එකම පුත් වන අතර ඔහු ලොකයේ මනුෂ්‍යයින්ගේ පාප ක්‍රියාවන් වලට තම ජීවිතය පූජා කළ බවත්ය.

ක්‍රිස්තියානි ආගම ආබ්‍රහම් ආගම් ලෙස හැඳින්වෙන ආගම් 3න් එකකි. එනම් මුතුන් මිත්තකු වන ආබ්‍රහාම් අදහන ලද දෙවියන් අදහන ආගම් 3න් එකකි. මීට හේතුව වනුයේ ක්‍රිස්තියානි, යුදෙව් මෙන්ම ඉස්ලාම් ආගමේ සඳහන් මූලික පුද්ගලයින් ආබ්‍රහම් හෙවත් ඒබ්‍රහම් නැතහොත් ඉබ්‍රාහීම් ලෙස හඳුන්වන තැනැත්තාගේ පරම්පරාවෙන් පැමිණි අය වීමය.

ඒබ්‍රහම්ගේ පරම්පරාවෙන් පැවත ආ අය

Abrahams-family-tree

තව කියවන්න...

ඉස්ලාම් හැඳින්වීම

ඉස්ලාම් යනු ඒක දේව වාදී ආගමකි. එනම් ඉස්ලාම් ආගම අදහන්නවුන් එකම එක දෙවියකු අදහන්නවුන්ය. ලෝකයේ තිබෙන්නාවූ එකම ඒක දේව වාදී ආගම ඉස්ලාම් ආගම පමණක් නොවේ. ක්‍රිස්තියානි, යුදෙව් මෙන්ම හින්දු සහ සීක් නම් ආගම්ද ගැඹුරින් අධ්‍යයනය කළ විට ඒවාද ඒක දේව වාදී ආගම් බව වැටහේ. නමුත් ප්‍රායෝගිකව බලන කළ ලෝකයේ ප්‍රධානතම ඒක දේව වාදී ආගම් 3කි. මේවායින්, ඉස්ලාම් සහ යුදෙව් ආගම් බොහෝ අතින් එක සමාන වන අතර, ක්‍රිස්තියානි භක්තිකයින් එක් දෙවියකු පමණක් ඇදහුවද මෙම දෙවියා මුහුණුවර තුනකින් විසින බව ඔවුන් පිළිගනිති.

ඉස්ලාම් යනු අරාබි වචනයක් වන අතර එහි තේරුම සරලව ප්‍රකාශ කරන්නේ නම්, නැමදීමට සුදුස්සා ලොව මවා පරිපෝෂණය කර, පරිපාලනය කරන්නාවූ එකම දෙවියන් වන අල්ලාහ් බව පිළිගෙන ඔහුට කීකරු වී අවනත වීමයි. මෙසේ ඉස්ලාම් ආගම අදහන තැනැත්තා මුස්ලිම් නම් වේ.

අල්ලාහ් යන්නද අරාබි වචනයක් වන අතර එහි තේරු එකම දෙවියා ලෙස සරලව සිංහලට පරිවර්තනය කළ හැක. එනමුත් දෙවියා යන වචනය අල්ලාහ් නම් අරාබි වචනයේ පරිපූර්ණ පරිවර්තනයක් නොවේ. ඊට හේතුව අල්ලාහ් නම් අරාබි වචනය තුළ ලොව මැවුම් කරු සහ සකළ ලෝකයේම හිමිකරු ලෙස නොයෙක් ගැඹුරු අර්ථයන් රඳා පවතී. තවද දෙවියන් නම් වචනය බොහෝ විට භාවිතාවන්නේ කතරගම දෙවියන්, අයියනායක දෙවියන්, දෙදිමුණ්ඩ දෙවියන්, පට්ටිනි දෙවියන්, සමන් දෙවියන් මෙන් නම් දැරූ මිනිසුන්ටය. නමුත් අල්ලාහ් යනු මිනිසකු නොවේ. ඔහු මිනිසා අතුළු සමස්ථ විශ්වයේම මැවුම් කරුය. ඔහුට සමාන කිසි කෙනෙකු කිසිම තැනක නොමැත. මේ හේතූන් නිසා, මුස්ලිම්වරු දෙවියන් යන වචනයට වඩා අල්ලාහ් නම් වචනය භාවිතා කිරීමට ප්‍රිය කරයි.

බොහෝ දෙනාගේ ආකල්පයට අනුව ඉස්ලාම් යනු මුහම්මද් නබිතුමා ලොවට හඳුන්වා දුන් ආගමයි. නමුත් ඉස්ලාම් ආගම ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙකුට ඊට වෙනස් අදහසක් අවබෝධ වනු ඇත. ඒ කුමක්ද යත් මිනිස් වර්ගයාගේ පළමු ආගම ඉස්ලාම් ආගම යන්නයි.

තව කියවන්න..

හින්දු ධර්මය සහ ඉස්ලාම් ධර්මය අතර සමානකම්

හින්දු ධර්මය හැඳින්වීම

ඈත අතීතයේදී හින්දු යන වචනය පළමුව ප්‍රදේශයක් අර්ථ දැක්වීමට යොදාගත් වචනයකි. අතීතයේ හින්දු යන වචනය සින්දු නදිය ආශ්‍රිතව හෝ ඉනදු නදියෙන් පෝෂණය වූ ප්‍රදේශයන් අවට ජීවත්වූ ජනතාව ආමන්ත්‍රනය කිරීමට යොදාගත් යෙදුමකි. ඉතිහාසඥයින් පවසන ආකාරයට හින්දු යන වචනය පළමුය වයඹ දිගින් ඉන්දියාවට පැමිණි පර්ශියානු ජාතිකයින් විසින් භාවිතා කරන ලදි. හින්දු යන වචන අරාබි වරුන් විසින්ද භාවිතා කරන ලදි. Encyclopedia of Religions and Ethics (6:690) ග්‍රන්ථයට අනුව මුස්ලිම් වරුන් ඉන්දියාවට පැමිණෙන්නට පෙර හින්දු ආගමික මූලාශ්‍ර වල කිසි තැනක හින්දු නම් වචනය භාවිතා වී නැත. ශ්‍රීමත් ජවහර්ලාල් නේරු විසින් රචිත ‘Discovery of India’ නම් ග්‍රන්ථයේ පිටු අංක 74 සහ 75 සඳහන් කර ඇති පරිදි හින්දු නම් වචන භාවිතාකළ පැරණිම ලියවිල්ල වනුයේ 8 වන සියවසේ තාන්ත්‍රිකයකි. එහි හන්දු යනු යම් මනුෂ්‍ය කොට්ඨාෂයක් යන්නෙන් අර්ථ දක්වා ඇති අතර ආගමක් පිළිබඳ සඳහනක් නොමැත.

හින්දු ධර්මය පිළිබඳ විශේෂඥයින් පවසන ආකාරයට හින්දු ධර්මයේ සත්‍ය නාමය සනතන ධර්මය හෙවත් සදාකාලික ධර්මය හෝ වේද ධර්මය ලෙස හැඳින්විය යුතු බවයි. ස්වාමි විවේකානන්ද සඳහන් කරන පරිදි මෙම ධර්මය අදහන පිරිස වේදන්තිකයින් යන්නෙන් හැඳින්විය යුතු බවයි.

හින්දු ආගමට අනුව දෙවියන් අර්ථදැක්වීම

යම් හින්දු භක්තිකයකුගෙන් නුඹලා දෙවියන් කීදෙනෙකු අදහන්නේදැයි ඇසූවිට සමහරු 3ක් යැයි කියති. අතැම්හු 33ක් යැයි කියති. තවත් සමහරු 1000ක් යැයි කියන අතර බොහෝ දෙනා 33 කෝටියක් යැයි කියති. නමුත් මෙම ප්‍රශ්ණය හින්දු ආගමේ මූලාශ්‍ර පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයෙකුගෙන් අසුවහොත් ඔහු පවසන්නෙ හින්දු භක්තිකයින් ඇදහිය යුත්තේ එක් දෙවියකුට පමණක් බවය.

තව කියවන්න..

ඉස්ලාම් සහ ක්‍රිස්තියාණි අතර සමානකම්

ඉස්ලාම් ආගමට අනුව

ක්‍රිස්තියාණි ආගමට අනුව

ඉස්ලාම් ආගමට අනුව දෙවියන් අර්ථ දැක්වීම

(අල්කුරාණ් 112 :1 සිට 4)

"පවසවු. ඇත්ත වශයෙන්ම අල්ලාහ් එක්කෙනෙකි.
අල්ලාහ් ඔහු කිසිදු අවශ්‍යතාවයක් නොමැත්තාය. සියල්ලෝම ඔහුගෙන් යැපෙති.
ඔහු කිසිවෙකු ජනිත නොකළේය. ඔහු කිසිවෙකුගෙන් ජනිත කරනුද නොලැබූවේය.
‍ තවද ඔහුට සමාන කිසිවකු නොවූයේමය."

ක්‍රිස්තියාණි ආගමට අනුව දෙවියන් අර්ථ දැක්වීම

(ද්විතීය කථාව 6: 4)

"එම්බා, ඉශ්‍රායෙල්, අසාපන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය."

(මාර්ක්:12:29)

"යේසුස්වහන්සේ උත්තරදෙමින්: ප්‍රධාන එක නම්-අහෝ ඉශ්‍රායෙල්, අසාපන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය උන්වහන්සේ එකම (දෙවියන්වහන්සේ)ය. "

ඉස්ලාම් ආගමට අනුව විශාලම පාපය අල්ලාහ් හැර වෙනත් දෙවිකෙනෙක් නැමදීමයි

(අල්කුරාණ් 4:48)

"සැබැවින්ම අල්ලාහ් තමන්ට ආදේශ තබනු ලැබීමට සමාව නොදෙන්නේමය. එය නොවන දෑ සඳහා ඔහු කාහට අභිමත කරන්නේද ඔහුට සමාව දෙන්නේය. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේද ඔහු මහත් වූ පාපයක් ඇති කළෙහිය. "

ක්‍රිස්තියාණි ආගමට අනුව විශාලම පාපය අල්ලාහ් හැර වෙනත් දෙවිකෙනෙක් නැමදීමයි

(නික්මයාම 20: 1 සිට 5)

"දෙවියන්වහන්සේ කථාකොට මේ සියලු වචන වදාරනසේක්: මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් තා පිටතට ගෙනාවාවූ තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. මා හැර අන් දෙවිවරුන් තට නොසිටුවවු. කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පහත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදානොගනු. ඊට නමස්කාර නොකරවු, සේවය නොකරවු. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්තීන් නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නෙහුය.

ඉස්ලාම් ආගමට අනුව ජ‌ේසුස් වහන්සේ දෙවියන් නොවේ

(අල්කුරාණ් 5:72)

"සැබවින්මය අල්ලාහ්, ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යන්නෙන් පැවසූ අය සැබවින්ම ප්‍රතික්ෂෙප කළවුන්ය. ඊස්‍රායිල්ගේ දරුවනි! මාගේද නුඹලාගේද පරමාධිපති වන අල්ලාහ්ට නුඹලා නමදිවු යැයි මසීහ් පැවසුවේය. සැබවින්ම කවරෙකු අල්ලාහ්ට ආදේශ තැබුවේද ඔහු කෙරෙහි අල්ලාහ් ස්වර්ගය තහනම් කර ඇත. තවද ඔහු ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. තවද අපරාධකරුවන්ට උදව් කරන්නන්ගෙන් කිසිවෙකු නැත. "

ක්‍රිස්තියාණි ආගමට අනුව ජ‌ේසුස් වහන්සේ දෙවියන් නොවේ

(යොහාන් 14 :28)

"මම අහක්ව ගොස් නුඹලා ළඟට නැවත එමියි මා නුඹලාට කී බව නුඹලා ඇසුවහුය. නුඹලා මට ප්‍රේමකළහු නම්, පියාණන්වහන්සේ ළඟට මා යන බැවින් නුඹලා සන්තෝෂවන්නහුය. මක්නිසාද පියාණන්වහන්සේ මට වඩා උතුම්ය."

(යොහාන් 10: 29)

"ඔවුන්(ජේසුස්වහන්සේගේ අනුගාමිකයින්) මට දුන්නාවූ මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය. "

.

"යොහාන් 10: 30 පදයෙහි මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක " යන්න බොහෝ දෙනා ජේසුස් වහන්ස සහ දෙවියන් වහන්ස දෙදෙනාම එක්කෙනෙක් බව වැරදියට තේරුම් ගෙන තිබේ. නමුත් මෙයින් ඇත්තෙන්ම ජේසුස් වහන්සේ අදහස්කළේ ඔහු මෙන්ම දෙවියන්වහන්සේගේද අරමුණ එකමයි යන්නයි. එනම් ඔවුන් දෙදෙනාගේම අරමුණ ජේසුස්වහන්සේගේ අනුගාමිකයින්ට සදාකාලික ජීවිතය ලබාදීමයි. මෙම පරිච්ඡේදයේ 25 වන වාක්‍යයේ සිට කියවන විට මේ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.

(මතිවු 12:28)

"නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ. "

(ලූක් 11:20)

"නුමුත් මම දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරුකරම් නම්, සැබවින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කෙරෙහි පැමිණ තිබේ. "

(යොහාන් 5: 30-32)

"මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි. මම මා ගැනම සාක්ෂිදෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ. මා ගැන සාක්ෂිදෙන්නේ වෙන කෙනෙක්ය; උන්වහන්සේ විසින් මා ගැන දෙන සාක්ෂිය සැබෑ බව දනිමි. "

ඉස්ලාම් භක්තිකයින් දෙවියන් අල්ලාහ් නමින් අමතති.

ජේසුස් වහන්සේ විසින් දෙවියන් ඇමතීමට අල්ලාහ් නම් වචනය භාවිතා කර තිබුණි

(මාර්ක් 15:34) (මතිවු 27:46)

"එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. "

ඉස්ලාම් ආගමේ සලාතය හෙවත් දෙවියන් නැමදීම අනිවාර්ය වේ. මුස්ලිම්වරු මෙන් මුහුණින් වැටී දෙවියන් වඳිති.

බයිබලයට අනුවද වක්තෘවරුන් මුහුණින් වැටී සලාතයේ යෙදී ඇත.

(උත්පත්ති 17 3)

"මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය. "

(ගණන් කථාව 20: 6)

"එවිට ආබ්‍රම් මුහුණින් වැටුණේය. "

(යොෂුවා 5:14)

"එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාර කොට "

(මතිවු 26: 39)

"උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: "

ඉස්ලාම් ආගමේ උපවාසයෙහි යෙදීම අනිවාර්යවේ.

බයිබලයට අනුවද උපවාසයෙහි යෙදිය යුතුය

(මාර්ක් 9 :29)

"යාච්ඤාවෙන් සහ නිරාහාරයෙන් සිටීම මිස වෙන ආකාරයකින් මේ ජාතිය දුරුකරන්ට නුපුළුවනැයි ඔවුන්ට කීසේක. "

ඉස්ලාම් ආගමේ ඌරුමස් අනුභව කිරීම තහනම් වේ

බයිබලයට අනුවද ඌරුමස් තහනම්

(ලෙවී කථාව 11 7-8) (ද්වීතීය කථාව 14 : 8-9)

"ඌරා, කුරය බෙදී වෙන්ව තිබෙන නුමුත් වමාරානොකන නිසා ඌ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මාංස නොකල්ලා, උන්ගේ මළකුණු ස්පර්ශනොකරල්ලා; උන් නුඹලාට අපවිත්‍රය. "

ඉස්ලාම් ආගමේ කාන්තාවන් හිසකෙස් ආවරණය කළ යුතුය

බයිබලයට අනුවද කාන්තාවන් හිසකෙස් ආවරණය කළ යුතුය

(1 කොරින්ති 11 5:-6)

"නුමුත් හිස නොවසා යාච්ඤා කරන්නාවූ නොහොත් ධර්මවාක්‍ය පවසන්නාවූ ස්ත්‍රී තමාගේ හිසට අගෞරව කරන්නීය. මක්නිසාද ඈ මුඩුකළ හිස ඇත්තියකට සමානය. මක්නිසාද ස්ත්‍රියෙක් හිස වසා නොගනිතොත් හිසකේ කපාගනීවා. නුමුත් ස්ත්‍රියකට හිසකේ කැපීමවත් මුඩුකිරීමවත් ලජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇතුව සිටීවා. "

ඉස්ලාම් ආගමට අනුව පිරිමින් චර්මඡෙදනය කළ යුතුය

බයිබලයට අනුවද පිරිමින් චර්මච්ඡේදනය කළ යුතුය

(ක්‍රියා 7:8)

"උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජ්‍යෙෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය "

(යොහාන් 7:22)

"මෝසෙස් චර්මඡේදනය නුඹලාට දී තිබේ; (නුමුත් ඒක මෝසෙස්ගෙන් නොව පියවරුන්ගෙන්ය.) නුඹලා සබත් දවසේදී මනුෂ්‍යයෙකු චර්මඡේදනයකරති. "

(ලූක් 2: 21)

"උන්වහන්සේ චර්මඡේදනයකිරීමට අට දවස සම්පූර්ණවූ කල, උන්වහන්සේ කුසෙහි පිළිසිඳෙන්ට පළමුවෙන් දේවදූතයා විසින් කියනලද යේසුස් යන නාමය උන්වහන්සේට තබනලද්දේය. "

ඔබේ අදහස කොමෙන්ට් කරන්න.