සෙෙලයේ ප්‍රාතිහාර්යය

ලෝකයේ සියළු ජීවීන්ගේ මූලික සංඝටකය සෙෙලය නම් වේ. එනම් ලෝකයේ සියළු ජීවීන් සෑදී ඇත්තේ සෙෙලයන් ගේ එකතුවකිනි. ඕනෑම ජීවියකුගේ ඔීනෑම අංගයක් බලවත් අන්වික්ෂයකින් නිරීක්ෂණය කිරීමේදී අපට දැඩි ලෙස සක්‍රීය සෙෙලයන් මිලියන ගණනක එකතුවක් දැක ගැනීමට හැකි වනු ඇත.

න්‍යෂ්ඨියක් සහිත සහ න්‍යෂ්ඨියක් රහිත යන්නෙන් සෙෙල වර්ග දෙකකට බෙදිය හැක. බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් නයෂඨියක් රහිත ඒක සෙෙලීය ජීවීන් වන අතර මනුෂ්‍යයින් සහ ශාක ඇතුළු අනෙක් සියළු ජීවීන් සෑදී ඇත්තේ න්‍යෂඨියක් සහිත සෙෙලයන් මගිනි. මිනිස් සිරුර ට්‍රිලියන 100 කටත් අධික සෙෙලයන්ගෙන් සෑදී ඇත. ඇතැම් සෙෙලයන් කෙතරම් කුඩා දැයි කිවහොත් සෙෙල මිලියනයක එකතුවක් ගත්තත් ඉඳිකටු තුඩුවක් පිරවීමට පවා ප්‍රමාණවත් නොවේ. මෙම සෙෙලයන් කෙතරම් කුඩා වුවද මිනිස් සෙෙලය වැනි සංකීර්ණ පද්ධතියක් අද වන තුරු කිසිවකු දැක නැති බව විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. මිනිස් සෙෙලයේ විශේෂාංග බොහෝමයක් අදටත් රහසක්ව පැවතියද මෙම සෙෙලය පිළිබඳව හෙලි වන තොරතුරු සියල්ලම පරිණාමවාදයට දැඩි ප්‍රහාරයක් එල්ල කරති. මෙවන් සාධක හේතුකොටගෙන රුසියානු ජාතික පරිණාමවාදියකු වන ඇලෙක්සැන්ඩර අයි ඔපරින් මෙසේ පවසයි.

"ජීවියාගේ පරිණාමය පිළිබඳව කරන අධ්‍යයනයේ ඛේදජනකතම ගැටළුව වන්නේ සෙෙලයේ මුළාරම්භයයි."

තවද ජොහැන්ස් ගුටන්බර්ග් විශ්වවිද්‍යාලයේ ජෛව රසායන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ක්ලෝස් ඩෝස් මෙසේ පවසයි.

"පසුගිය වර්ෂ 30ක කාලය තුළ අප විසින් මෙතරම් විශාල ප්‍රයත්නයක් දැරුවද තවමත් සෙෙලයේ කෛරාටිකයේ මුළාරම්භය පිළිබඳව විස්තර කිරීමට අද වන තුරු කිසිම හෝඩුවාවක් නොලැබුණු වගයි."

ඉහත පැහැදිළි කර ඇති අයුරින් ඕනෑම ජීවියකුගේ මූලික සංඝටකය සෙෙලයයි. මෙනිසා මෙම මූලික සංඝටකය වන සෙෙලයේ හෝ මෙම සෙෙලය සැදුම් ලත් ප්‍රෝටීන හෝ මෙම ප්‍රෝටීන සැදුම් ලත් ඇමයිනෝ අම්ලයන් කෙසේ සෑදුනා දැයි විස්තර කිරීමට නොහැකිවන න්‍යායක්වන පරිණාමවාදය කිසිවිටෙක ලෝකයේ සියළුම ජීවීන්ගේ මුළාරම්භය ඔප්පු කිරීමට නොහැක. මෙම කරුණු හේතුකොටගෙන පරිණාමවාදය පළමු අදියරයේම බිඳ වැටෙන බව පැහැදිළිය.

සෙෙලයක් ක්‍රියාත්මක වීම සඳහා සෙෙලය තුළ පවතින මිළියන ගණක අංග සියල්ලෝම එක වර නිසි පටිපාටියකට එක්රැස් වී ක්‍රියාත්මක විය යුතුය. මෙනිසා යම් කෙනෙකු සෙෙලය පරිණාමයක හේතුවෙන් හටගත්තා යැයි පවසයි නම් සෙෙලය තුළ තිබෙන්නාවූ මිළියන ගණනක විවිධ අංගයන් අහඹු සිදුවීමකින් කෙසේ මෙසේ එකවර ක්‍රියාත්මක වන අයුරින් එක්රැස් වුණාදැයි පැහැදිළි කළ යුතුය. නිසැකවම මෙවන් සංකීර්ණ පද්ධතියක් අහම්බෙන් එක්රැස් වීමට හැකියාවක් නැත. මෙනිසා සෙෙලය වැනි සංකීර්ණ පද්ධතියක් පැවතීම මැවුම් න්‍යායේ සත්‍යතාවය පිළිබඳව සාක්ෂි දරයි.

පරිණාමවාදය කෙතරම් තර්කාණුකූල නොවේදැයි කිවහොත් එය බෝම්බයක් පිපිරීම හේතුවෙන් විශ්වකෝෂයක් නිර්මාණය වුණා කීවා සේය. තත්ත්වය මෙසේ පැවතියද පරිණාමවාදීන් තවමත් ජීවීන් අහඹු සිදුවීමකින් පෘතුවියේ පළමු කාළයේ හටගත් බව විශ්වාස කරයි.

සෙෙලයේ කොටස්

cell

තනි සෙෙලයක් ගත්කළ එය ඉතාමත්ම සක්‍රීය අතිවිශාල නගරයක ක්‍රියාකාරීත්වය හා සමාන ක්‍රියාකාරීත්වයක් පෙන්ණුම් කරයි. සෙෙලය තුළ ඇති සන්නිවේදන සහ ප්‍රවාහන සැලැස්ම අතිවිශිෂ්ඨය. තවද මෙම සෙෙලය තුළ ඇති තවත් සංකීර්ණ අංශ නම් සෙෙලයට අවශ්‍ය බලශක්ති නිපදවන අංශය එන්සයිම සහ හෝමෝන නිපදවන කර්මාන්ත ශාලා මෙන්ම මේ සියළු දෑ නිපදවීමට අවශ්‍ය දත්ත තොරතුරු සහ දැනුම ගබඩා කර තැබීමට දැනුම් ගබඩාවක්, විවිධ අමුද්‍රව්‍ය වෙන්කර හඳුනාගෙන පාලනය කිරීමට රසායනාගාරයක් සහ පිරිපහදුවක් උදාහරණ කිහිපයකි.

යම් සිරුරක සෙෙල සියල්ල ගත් කළ එම සියළු සෙෙල එකිනෙකා නිරූපණය කරන්නාවූ සමාන ලක්ෂණයන්ගෙන් සමන්විත වන අතර එකම ශරීරයක විවිධ පද්ධතීන් වෙන්කර හඳුනාගැනීමට විශේෂ වූ ලක්ෂණයන්ගෙන්ද සමන්විතය. සෙෙලය සමන්විත විවිධවූ පද්ධතිවල ව්‍යුහය සහ ඒවායේ කාර්යභාරය මත සෙෙලයන් විවිධ හැඩයන්ගෙන් සහ හැකියාවන්ගෙන්ද යුක්තය.

මිනිස් ශරීරයක පැවැත්ම සඳහා, මෙම සියළු විවිධවූ සෙෙලයන් එකිනෙකා හා සම්බන්ධ වී එක් පද්ධතියක් සේ එකාමෙන් කටයුතු කළයුතුය. සෙෙලය නම් වූ මෙම ඉතාමත්ම කුඩා ජීව අංශුව මෙවන් ඉතාමත්ම විශාල කාර්‍යභාරයක් කිරීම ඇත්තෙන්ම විශාල හාස්කමකි.

ඩී එන් ඒ (DNA)

ඉහත සඳහන් පරිදි, සෙෙලය වනාහි ලෝකයේ අදවනතුරු කිසි තැනක දක්නට නැති අති විශිෂ්ඨතම තාක්ෂණයෙන් පිරිපුන් කරමාන්තයක් බඳුය. සමස්ථ කර්මාන්තයම එන්සයිම ලෙස හඳුන්වන ප්‍රෝටීන අනු මගින් රොබෝ සහ යන්ත්‍ර ලෙස ක්‍රයා කරයි. මෙම අතිසංකීර්ණ සමස්ථ ක්‍රියාවලියම පටිගතවී ඇත්තේ ඩී එන් ඒ DNA නම් හෙලික්සීය අණුව තුළය. DNA ඉතාමත්ම ආරක්ෂිත ලෙස සෙෙලයේ න්‍යෂ්ඨිය තුල තැන්පත්ව ඇත. ජාන විද්‍යාව යනු මෙම අරුම පුදුම අණුවේ රහස් සොයාගැනීම පිණිසම කැපවූ නව ක්ෂේත්‍රයකි. 21ක් වන සියවසේ සියළුම නව සොයාගැනීම් අතර ප්‍රමුඛතම ස්ථානය හිමිවන්නේ ජාන විද්‍යාවටය. නමුත් අද තවමත් ජාන විද්‍යාව ලෝකයේ ඉතාමත්ම ප්‍රාථමික අවධියක පවතී.

පුද්ගලයකුගේ සිරුර පිළිබඳ සියළු දත්තයන් මෙම DNA තුළ පටිගතව ඇත. උදාහරණයක් ලෙස ගතහොත් යම් පුද්ගලයකු වයස අවුරුදු 30දී ඔහුගේ උස, වර්ණය, ලේ වර්ගය, මුහුණේ ලක්ෂණ යනාදී සියළු කාරණා අවුරුදු 30ක් සහ මාස 9කට කළින්ම එම පුද්ගලයා මවුකුස තුළ හටගත් වහාම ජාන තුල පටිගතවී හමාරය. ජානමය තොරතුරු අතර මෙවන් ශාරීරික ලක්ෂණ පමණක් නොව, ශරීරය තුළ කාලෙන් කාලෙට හටගන්නා සිදුවීම් දහස් ගණනක් අඩංගුය.

ඇසට නොපෙණෙන මෙම ජානයක තොරතුරු සියල්ල ග්‍රන්ථාරූඪ කිරීමට තැත්කළේනම්, එම ග්‍රන්ථය පිටු මිලියන ගණනකින් සමන්විත වනු ඇත. එනම් මෙය විශාල පුස්ථකාලයක් පිරීමට පවා හැකිවන තරම් විශාල තොරතුරු සම්භාරයකි. මෙවන් තොරතුරු සම්භාරයක් කිසිදු මිනිසෙකුට වුවද මතක තබාගත නොහැක. මේ අනුව බලන කළ, අපේ සිරුරු වල තිබෙන්නාවූ එක් අණුවක් ගත්තත් අපට වඩා බොහෝ සෙයින් බුද්ධිමත්ය.

ප්‍රෝටීන, ජලය සහ මේද අම්ල අණු කිහිපයකින් සැදුම්ලත් මෙම මිලිමීටරයකින් බිලියනයකින් එකක් තරම් කුඩා මෙම ජාන අණුව තුළ මෙතරම් විශාල තොරතුරු සම්භාරයක් තැන්පත්කිරීමට හැකිවීම ඉතාමත්ම විශ්මජනකය. මෙවන් තාක්ෂණයක් යම් අහඹු සිදුවීමක් හේතුවෙන් ඉබේ හටගත්තා යැයි පවසන පරිණාමවාදීන්ගේ කියමන කෙතරම් දුරට සාධාරණද?

කිසිදු විඤ්ඤාණයක් නොමැති ශරීරය සැදුම්ල් මෙම කුඩා අණු වලට මෙතරම් සුවිශාල දැනුම් සම්භාරයක් ලබා දුන්නේ කවුරුන්ද? මිනිසුන් කිසියම් දවසක විවිධ පරමාණු වර්ග කිහිපයක් එකතුකොට සෙෙල අණුවක් නිෂ්පාදනය කළද මෙවන් දැනුම් සම්භාරයක් කෙසේ නිපදවිය හැකිද? මෙවන් බුද්ධිමත් අණුවක් දවසක නිපදවුවද, මෙවන් අණු ට්‍රිලියන ගණනක් එකතු කොට සිතීමේ සහ බොහෝ දෑ කළ හැකි මනුෂ්‍යයකු බිහි කරන්නේ කෙසේද? මේ සියළු ප්‍රශ්ණ වලට ඇති එකම පිළිතුර මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන විඥානය සෙෙලය තුළ හෝ ජීවය තුළින් පැමිණි දෙයක් නොවේ. මෙම විඥාණය පැමිණියේ මෙම ජාන, සෙෙල, ජීවීන් සහ සමස්ථ විශ්වය නිර්මාණය කළ නිරමාණකරුවාගෙනි.

ඔබේ අදහස කොමෙන්ට් කරන්න.