මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි!
සිංහල කියවන්නන් උදෙසා මාර්ටින් ලිංස් විසින් රචිත "Muhammad based on the earliest sources" හෙවත් "පැරණිතම ලිය කියවිලි වලට අනුව මුහම්මද්" නම් කෘතියෙහි සාරාංශ කරන ලද පරිවර්තනයකි මෙය. ඉහත කෘත්‍රියෙහි මුහම්මද් නබිතුමා පිළිබඳ වැදගත් තොරතුරු සියල්ල මෙම පරිවර්තනයෙහි ඇතුළත් කිරීම පිණිස සෑම උත්සාහයක්ම ගෙන ඇති අතර මුල් කෘත්‍රියෙහි අර්ථය නොවෙනස්ව පවත්වා ගනිමින් පාඨකයා රඳවා තබා ගැනීම පිණිස මුහම්මද් නබිතුමා පිළිබඳ වැදගත් තොරතුරු පමණක් මෙහි අතුළත් කර ඇත.
“අල්ලාහ්” යන වචනයෙහි එකම දෙවියා, මැවුම් කරුවා, එකම පරමාධිපති යන අර්ථයන් ගැබ් ව පවතින අතර මෙයට නිවැරදි සමාන අර්ථයක් ගෙන දෙන සිංහල වචනයක් නොමැති හෙයින් මෙම කෘතිය පුරාවටම “අල්ලාහ්” දෙවියන් ආමන්ත්‍රණය කිරීමට “අල්ලාහ්” යන වචනය භාවිතා කර ඇත.
ඇතැම් බයිබලයේ සඳහන් නම් එහි අරාබි නම සමග බයිබලයේ නම ද වරහන් තුළ යොදා ඇති අතර ඇතැම් විට අරාබි නම පමණක් යොදා ඇත. උදාහරණ ලෙස බයිබලයේ පැමිණෙන “ගේබ්‍රියල්” සුර දූතයා “ජිබ්‍රායිල්” ලෙසත්, “මෝසස්” “මූසා” ලෙසත්, “ඒබ්‍රහම්” “ඉබ්‍රාහීම්” ලෙසත් මෙහි පුරාවට භාවිතා කර ඇත.
අනාගත වක්තෘවරයා යන වචනය වෙනුවට එහි අරාබි වචනය වන “නබි” නම් වචනය මෙහි පුරාවට භාවිතා කර ඇත.
මක්කාවේ සිට මදීනාවට සරණාගතයින් ලෙස ගිය පිරිස එහි අරාබි වචනය වන “මුහාජිරීන්වරු” ලෙස හඳුන්වා ඇත. මෙම සරණාගතයින්ට පිහිට වූ මදීනා වැසියෝ “අන්සාරිවරු” ලෙස හඳුන්වා ඇත. මෙහි සිංහල තේරුම උදව් කරන්නන් වේ.