වක්තෘ වරයා ඉපදෙයි

වරක් මක්කාවාසීන් පිරිසක් උතුරු දෙසට ගමන් කරමින් සිටියදී කාන්තාරයේ දැනුමැති තාපසයෙකු මුණ ගැසුනි. මෙම ප්‍රසිද්ධ තාපසයා මුණගැසුනු විට ඔහුගෙන් අවවාද ගැනීමට ඔවුන් පුරුදු වී සිටියෝය. ඔබලා කොහේ සිට පැමිණියේදැයි ඇසූවිට අප මක්කා නගරයේ සිට පැමිණියෙමුයි පිළිතුරු දිය. එවිට එම තාපසයා අල්ලාහ් විසින් නොබෝ දිනකින් නුඹලා අතුරින් බලවත් වක්තෘවරයකු එවනු ඇතැයි පැවසුවේය. මෙවිට ඔවුන් එම වක්තෘවරයාගේ නම කුමක්දැයි ඇසූ විට ඔහු මුහම්මද් නම් වනු ඇත. ඔහු නුඹලාව නව ජීවන මාර්ගයකට ප්‍රවිශ්ඨ කරනු ඇත යන්නෙන් පැවසුවේය.

මෙම කාළයේ ආමිනාට ඇයට ලැ‌බෙන්නට සිටි දරුවා පිළිබඳ නොයෙක් සිහින දුටු අතර, දිනක් ඇයට අමතක නොවන හඬකින් ඇයට පිරිමි දරුවකු ලැබෙන්නට යන බවත් ඔහුට මුහම්මද් හෙවත් පැසසුමට ලක්වූ තැනැත්තා යන නම තබන ලෙසටත් සිහිනයක් දුටුවාය. මේ අනුව ඇත් වසර ලෙස හඳුන්වන ක්‍රි.ව 570 දී ආමිනාට දාව පිරිමි දරුවකු උපන්නේය.

කවරය |පටුන |පෙර පිටුව | ඊළඟ පිටුව

1 2 3 4 5 6 7 8 9 10