ක්‍රිස්තියානි ආගමේ මූලාශ්‍ර ග්‍රන්ථය බයිබලය නම් වේ. මෙම බයිබලය කොටස් 2කින් සමන්විතය.
පැරණි සහ නව ගිවිසුම් වල සියළු ග්‍රන්ථ වල එකතුව බයිබලය ලෙස හඳුන්වයි. බයිබලය යනු ග්‍රීක වචනයක් වන අතර එහි තේරුම ග්‍රන්ථය නම් වේ. මෙම නව සහ පැරණි ගිවිසුම් දෙකම තවත් කොටස් දෙකකට වෙන් කළ හැක. එනම් සත්‍ය යැයි පිළිගැනෙන ග්‍රන්ථ සහ සත්‍යතාවය පිළිබඳව සැක සහිත ග්‍රන්ථ නම් වේ.
මෙහි පොත් 38කින් සමන්විත වන අතර මේවායේ සත්‍යතාවට පිළිබඳව කිතුණු බැතිමතුන් පිළිගනිති.
පැරණි ගිවිසුමේ 2වන කොටස පොත් 9කින් සමන්විතය. මෙම පොත්වල සත්‍යතාවය පිළිබඳව ක්‍රිස්තියානි ආගම අදහන්නවුන් අතර ගැටළුවක් පවතී. ප්‍රොතෙස්තන්ත නිකාය විසින් මෙම පොත් වල දිව්‍යත්වය පිළිනොගන්නා අතර මෙය ජේම්ස් රජුගේ බයිබල් සංස්කරණය තුළද අන්තර්ගත නොවේ. මෙම පොත නවය ඇතුළු තවත් පොත් 5ක් සමස්ථයක් ලෙස ඇපොක්‍රිෆා හෙවත් සත්‍යතාවය තහවුරු නොවූ පොත් ලෙස නම්කර ඇත.
මෙම කොටසේ පොත් 20ක් අන්තර්ගතය. මේවා සත්‍යයැයි කිතුණු බැතිමතුන් පිළිගනිති
මෙම කොටසේ පොත් 7ක් අන්තර්ගතය. මෙම පොත්වල සත්‍යතාවය පිළිබඳව කිතුණුවන් අතර බොහෝ ගැටළු පවතී. මෙම පොත් මෙසේය.
ක්‍රි.ව 325 දී නිකායි නුවර දී කොන්ස්තන්තයින් අධිරාජ්‍යයාගේ අණකට මෙම බයිබලයේ අඩංගු පොත්වල තත්ත්වය නිරීක්ෂණය කිරීමට අති දැවැන්ත සමුළුවක් පැවැත්වුණි. නොයෙකුත් ආගම් පිළිබඳ විශාරදයින් සහභාගී වූ මෙම සමුළුවේ දැඩි නිරීක්ෂණයකින් පසුව යූද්ගේ පොත සත්‍ය බව පිළිගැනිනි. මෙහි අනෙක් පොත් සියල්ල සැක සහිත බව නිගමනය කෙරිනි. මේ බව ශාන්ත ජෙරෝම් විසින් ඔහුගේ ග්‍රන්ථයේ හැඳින්වීම යටතේ අනාවරණය කරයි.
ක්‍රි.ව 364 දී මෙවැනිම තවත් සමුළුවක් ලියෝඩිසියාහි පැවැත්වින. මෙම සමුළුවේදී නිකායි නුවර පැවති සමුළුවේ තීරණය අනුමත කරනවාත් සමඟ එස්තර්, ජේම්ස්, පේතෘස් 2, යොහන් 2 සහ 3, හේබ්‍රව් යන පොත් ද දිව්‍ය ග්‍රන්ථ ලැයිස්තුයට ඇතුළත් කරන ලදි. එළිදරව්ව නම් පොත තවමත් මෙම සත්‍ය යැයි පළිගැණුනු ලැයිස්තුව තුළට ඇතුලත් නොකෙරුනි.
ක්‍රි.ව 397 දී කාර්තගී සමුළුව නමින් තවත් දැවැන්ත සමුළුවක් පැවැත්වුණු අතර මෙම සමුළුවෙහි ශාන්ත ඕගස්තීන් නම් නම ගිය විශාරදයෙකු ඇතුළු තවත් විශාරදයින් 125ක් සහභාගී විය. මෙම සමුළුව විසින් කළින් පැවති සමුළු 2කෙහිම තීරණ සමඟ එකඟවනවාත් සමඟ තවත් ග්‍රන්ථ කිහිපයක් මෙම දිව්‍ය ග්‍රන්ථ ලැයිස්තුවට එකතු කරන ලදි. එනම් සොලමන්ගේ ගීතිකා, තෝබියස්, බාරුච්, එක්ලසියස්ටිකස් (දේශනාකාරයා), මකාබිස් 1 සහ 2. තවද බාරුච් නම් පොත යෙරෙමියා පොත තුළ අන්තර්ගත විය යුතු බවත් පිළිගැණිනි.
මෙම සමුළුවෙන් පසු ටෘල්ලෝ, ෆලෝරන්ස්, සහ ට්‍රෙන්ට් නුවරයන්හි තවත් සමුළු 3ක් පැවැත්විණි. මෙම සමුළු මඟින් පසුගිය සමුළුවල තීරණ අනුමත කළ අතර බාරුච් නම් පොත යෙරෙමියාගෙන් වෙන් වී වෙනම පොතක් විය යුතු බව තීරණය කෙරින.
මෙම සමුළුවලින් පසුව සැක සහිත යැයි තීරණය කෙරුණු සියළුම පොත් සත්‍ය දිව්‍ය ග්‍රන්ථ යැයි තීරණය විය.
මෙම පොත්වල තත්ත්වය ප්‍රොතෙස්තන්ත නිකාය බිහිවනතුරු නොවෙනස්ව පැවතීය. ප්‍රොතෙස්තන්ත නිකාය බිහි වූයේ රෝමානු කතෝලික නිකාය බිහි වී බොහෝ කලකට පසුවයි. ප්‍රොතෙස්තන්ත නිකායේ නිර්මාතෘවරයා වූ මාටින් ලූතර් ද මුලදී රෝමානු කතෝලික පූජක සභාවේ සාමාජිකයෙක් විය. ඔහු එයින් ඉවත් වී ප්‍රොතෙස්තන්ත නිකාය පිහිටෙව්වේ 16 වන සිය වසේදීය. එනම් ප්‍රොතෙස්තන්ත නිකාය බිහි වූයේ යේසුස් වහන්සේට අවුරුදු 1600කට පසුවයි. යේසුස් වහන්සේට සියවස් 16කට පසු බිහි වූ මෙම නිකාය බයිබලයේ වාක්‍ය 4652ක් දේව වාක්‍ය නොවේ යැයි තර්ක කරයි.
ප්‍රොතෙස්තන්ත බයිබල් පරිවර්ථනය AV(Authorised Version) අනුමත සංස්කරණය යැයි හඳුන්වනු ලැබේ. KJV (King James Version) පළමු ජේම්ස් රජුගේ අනුවාදය යන නමින් ද මෙය හඳුන්යනු ලැබේ. එංගලන්තයේ පළමු ජේම්ස් රජුගේ උපදෙස් මත මෙම අනුවාදය ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. අදටත් එය ඔහුගේ නමින්ම හඳුන්වනු ලැබේ.
මෙම අනුවාදය ලෝකයේ බොහෝ රටවල්වල භාෂා 1500කට ආසන්න ප‍්‍රමාණයකින් ලබාගත හැකි ය. එම නිසා කතෝලිකයින් පවා (කතෝලික පරිවර්ථනය නොලැබෙන ස්ථානවල) මෙම පරිවර්ථනයම භාවිතා කරති.
මෙම අනුවාදය 1611දී ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. නැවතත් 1881දී සංශෝධනය කිරීමෙන් පසු RV (Revised Version) සංශෝධිත සංස්කරණය යැයි හඳුන්වනු ලැබීය. 1952 දී යළිත් සංශෝධනය කරනු ලැබ, RSV (Revised Standard Version) සංශෝධිත උසස් තත්වයේ සංස්කරණය යැයි හඳුන්වනු ලැබීය. 1971 දී නැවතත් සංශෝධනය කරනු ලැබූ නමුත් නමෙහි වෙනසක් නොකර RSV ලෙසම හඳුන්වනු ලැබීය.
මෙහිදී කිතුනු ලොව මධ්‍යස්ථව සිය අවධානය යොමු කළ යුතු වන්නේ ශුද්ධ දේව වාක්‍ය නැවත නැවතත් මිනිසුන් අතින් සංශෝධනයට ලක් වීමේ හාස්‍යජනක කරුණටයි. 1971 දී ප‍්‍රකාශයට පත්කරණු ලැබූ RSV අනුවාදයේ පෙරවදන කියවා බැලූවහොත් මෙම දේව හෙලිදරව්ව මුහුණ දී ඇති අන්ත අසරණ තත්වය මොනවටම පැහැදිලි වේ. එහි සබැඳුම පහත දැක්වේ.
http://www.bible-researcher.com/rsvpreface.html
මෙහිදී අප අවධානය කළ යුතු වැදගත් කරුණක් නම් අනුවාදය නිකුත් වීමෙන් පසු මුල් අත්පිටපත් සොයාගනු ලැබීමේ සිද්ධියටයි. මින් පසුත් සංශෝධන, ප‍්‍රති සංශෝධන කියා සංශෝධනවලද අවසානයක් නොමැත.
වොච්ටවර් බයිබලය ගැන ද වචනයක් ඉදිරිපත් කිරීම කාලෝචිත යැයි සිතමු. මෙම බයිබලය යෙහෝවාගේ සාක්‍ෂිකරුවෝ (Jehovah’sWitnesses) නැමැති ක‍්‍රිස්ත‍්‍රියාණියින්ගේ බයිබලය යි. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ WATCHTOWER BIBLE AND TRACT SCOCIETY නැමැති ආයතය විසින් ප‍්‍රකාශිත මෙම බයිබලය සිංහල ඇතුළු භාෂා කිහිපයකින්ම ලබාගත හැකිය. මෙම බයිබලයේ අලූත් ගිවිසුම නව ලොව පරිවර්ථනය යන නමින් හඳුන්වනු ලැබේ. මෙම නව ලොව පරිවර්ථනය පළමු වරට ප‍්‍රකාශ කරන ලද්දේ 1950දී ඉංග‍්‍රීසි බසින් බව මොවුන්ගේ සිංහල පරිවර්ථනයේ සඳහන් වේ.
මෙම යෙහෝවාගේ සාක්‍ෂිකරුවෝ නැමැති සංවිධානය දෙවියන් වහන්සේට අද්විතීය නමක් ඇති බවත් එය යෙහෝවා බවත් ප‍්‍රකාශ කරති. ත‍්‍රිත්වය තදින්ම ප‍්‍රතික්‍ෂේප කරති. එසේම කුරුසයද නො අදහති. ඔවුන් කියන්නේ යේසුස් ව කුර්සයක නොව කනුවක තියා ඇණ ගැසූ බවයි. එම කනුව වධකනුව යැයි මොවුන් හඳුන්වති. යේසුස්ගේ උපන් දිනය දැනගැනීමට තරම් තොරතුරු බයිබලයෙන් සපයා නොමැති බව පවසන මොවුන් යේසුස්ගේ උපත දෙසැම්බර් මාසයේ සිදු නොවූ බව තහවුරු කිරීමට සාක්‍ෂි බයිබලයේ ඇතැයි පවසමින් නත්තල් සැමරීම ප‍්‍රතික්‍ෂේප කරති. මේ ආකාරයට තවත් ප‍්‍රතිපත්ති කිහිපයකින් ද මොවුන් අනිකුත් කිතුනු නිකායන්ගෙන් වෙන් වෙති.
ඉහත සඳහන් කළ ප්‍රොතෙස්තන්ත බයිබලයම මොවුන්ද පිළිගන්නා නමුත් මොවුන්ගේ ප‍්‍රතිපත්තිවලට සමගාමීව එහි යම් යම් වෙනස්කම් මෙම බයිබලයේ සිදුකර ඇත. ශ‍්‍රී ලංකා බයිබල් සංගමය විසින් නිකුත් කරන ලද බයිබලයේ ”සමිඳානන්” යැයි සඳහන් වන තැන්වල මෙම බයිබලයේ යෙහෝවා යැයි සඳහන් වේ. එසේම එම බයිබලයේ ”කුරුසිය” යැයි සඳහන් වන තැන්වල මෙම බයිබලයේ වධකනුව යනුවෙන් සඳහන් වේ. මේ ආකාරයට මොවුන්ගේ බයිබලය හා අනිකුත් බයිබල් අතර සුළු වෙනස්කම් කිහිපයක් පවතී.
මෙම යෙහෝවාගේ සාක්‍ෂි කරුවෝ නැමැති ක‍්‍රිස්තායාණියින්ගේ වැදගත් තර්තයක් ගැන සලකා බලමු. මොවුන් පවසන්නේ දෙවියන් වහන්සේට අද්විතීය නාමයක් ඇති බවත්, එම දිව්‍ය නාමය යෙහෝවා (නොහොත් ජෙහෝවා) බවත් ය. මුල් ග‍්‍රීක කෘතියෙහි දැනට තිබෙන අත්පිටපත්වල පමණක් නොව, පැරණි හා නූතන සංස්කරණ බොහෝමයකින් දිව්‍ය නාමය දක්නට නොතිබීම පුදුමයට කරුණක් බව මොවුන් පවසති. මෙම දිව්‍ය නාමයේ නිවැරදි උච්චාරණය බොහෝ දෙනා නොදන්නා බව මොවුන්ගේම බයිබලයේ උපග‍්‍රන්ථ 1 හි සඳහන් වන අතර හේබ්‍රෙව් වලින් (ය්හ්ව්හ්) යන අකුරු හතරෙන් නියෝජනය කරනු ලැබූ ඒ නාමය හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ 7000 වතාවක් පමණ දක්නට ලැබූ බවත් සාමාන්‍යයෙන් මෙය ටෙට‍්‍රග‍්‍රැමටනය යනුවෙන් හඳින්වන බවත්, ඉංග‍්‍රීසීයෙන් එය YHWH (නැත්නම් JHVH) යන අකුරු වලින් දැක්වෙන බවත් සඳහන් වේ. මොවුන්ගේ මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලිවන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නාමය නිවැරදිව උච්චාරණය කිරීමට කිසිවෙක් නොදන්නා තරමටම කිතුනු ලොව අන්ත අසරණ වී ඇති බවයි.
යම් ග‍්‍රන්ථයක් දේව භාෂිතයක් ලෙස, එනම් දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරනු ලැබූ, උන්වහන්සේගේ අදහස් පමණක් අන්තර්ගත ග‍්‍රන්ථයක් ලෙස පිළිගැනීමට නම් එය විශේෂිත ගුණාංග කිහිපයකින් සමන්විත විය යුතු වේ. ඒවා නම්:
ඉහත සඳහන් කළ කරුණුවලින් එකක් හෝ යම් ග‍්‍රන්ථයක් බැහැර කරයි නම් එය දේව භාෂිතයක් ලෙස පිළිගත නොහැක. මෙම කරුණු පදනම් කරගෙන බයිබලය මදක් විමසා බැලූවහොත් එය දේව භාෂිතයක් නොවේ යන්න පහසුවෙන්ම වටහාගත හැකිය. නමුත් බයිබලය දේව භාෂිතයක් නොවන බවට පවතින වැදගත්ම සාක්ෂිය බයිබලයමය. හේතුව බයිබලය තුළ කිසිදු වගන්තියක් දෙවියන් විසින් පවසන අයුරින් ප්‍රථම පුරුෂ බසින් ලියවී නොමැත. තවද දෙවියන්ගේ වක්තෘෘ වරයකු විසින් ලියන ලද බවට පැවසීමට කිසිදු වගන්තියක් දෙවන පුරුෂයෙන්ද ලියවී නොමැත. එනම් සමස්ථ බයිබලම තෙවන පුරුෂ ව්‍යාකරන භාවිතයෙන් හෙවත් බයිබලයේ කථා පුවත් වලට කිසිදු සම්න්ධයක් නොමැති පුද්ගලයින් විසින් කතාන්තරයක් පවසන අයුරින් රචනා කර තිබේ.