වර්තමානයේ ශ්‍රීලංකාවේ මෙන්ව ලෝකයේද ඉස්ලාම් භීතිය ශ්රීඝ්ර ලෙස වර්ධනය වෙමින් තිබේ. මෙම ඉස්ලාම් භීතියේ වර්ධනයත් සමග කරලියට පැමිණ ඇති මාතෘකා කිහිපයකි මූලධර්ම වාදය, අන්තවාදය, වහාබ් වාදය සහ ත්‍රස්තවාදය. මෙම මාතෘකා විටින් විට නිතර අසන්නට ලැබුණද, මේවායෙහි තේරුම් බොහෝ දෙනෙකුට හරි හැටි තේරුමක් නැත. ස්වාභාවිකවම මනුෂ්‍යයා නොදන්නා දේ කෙරෙහි බිය නිසා, මෙම වචන ඇසූ සැනින් ඉස්ලාම් භීතිය වැඩි වනු ඇත. මේ නිසා මෙම වචන කිහිපය විග්රහ කර විචාරය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.
වර්තමානයේ අන්තවාදය නම් වචනය විශේෂයෙන්ම ඉස්ලාම් දහම ඍනාත්මක ලෙස හුවා දැක්වීමට ලොව පුරා භාවිතා කරයි. නමුත් අන්තවාදය යන්න ඇත්තටම භයානක දෙයක්ද? මෙය දැනගැනීමට අන්තවාදය නම් වචනය න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව විග්රහ කරමු.
අන්තවාදය යන වචනය පරිසමාප්ත අර්ථයෙන් ගත් කළ යම් දේශපාලනයමය හෝ ආගමික මතවාදයක අන්තයකට යාම යැයි අර්ථකතනය කළ හැක. උදාහරණයක් වශයෙන් කිසියම් ආගමක බොරු කීම අයහපත් නිසා මධ්‍යම මතධාරියකු හැකි පමණ බොරු කීමෙන් වැලකී සිටීමට උත්සාහ කරයි. නමුත් අන්තවාදියකු තම ජීවිතය අනතුරක පැවතියද බොරු නොකියයි. යම් ආගමක කරුණාභරිත වීම යහපත් ගතිගුණයක් යැයි පවසයි නම්, මධ්‍යස්ත මතධාරියකු තම පවුල, අසල්වැසියන් සහ සතුන්හට කරුණාව දයාව දැක්විය හැක. නමුත් අන්තවාදීන් මිතුරන්හට, සතුන්හට මෙන්ම සතුරන් හටද කරුණාව දයාව දක්වන්නට පුළුවන. ආගමක කාන්තාවන්ට විරුද්ධ ලිංගිකයින් ආකර්ෂණය නොවීම පිණිස අලංකාරය වසාගන්නා ලෙස අවවාද කර ඇති විට මධ්‍යස්ථ මතධාරීන් හිසකෙස් වසාගනිමින් දිගට අඳිමින් සංවරව හැසිරෙන අතර අන්තවාදීන් විසින් තම මුහුණ සහ දෑස්ද වසාගනිමින් පාරේ යයි. මෙවන් අන්තවාදයකට වුවද ඉස්ලාම් දහම අනුමත නොකරන නමුත් ඉහත මාදිලියේ අන්තවාදයකින් සමාජයට කිසිදු හාණියක් සිදු නොවන අතර තමුන් හට හාණි පමුණුවාගැනීමට ඉඩ ඇත.
නමුත් ප්‍රශ්ණය තිබෙන්නේ ඇතැම් අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයන් ත්රස්තවාදයට නැඹුරුවූ විටය. උදාහරණයක් ලෙස අල්ලාහ් විසින් අල්කුරාණයේ 2:244 වාක්‍යයේ “නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරවු” යැයි පවසා තිබීම හේතුවෙන් ඇමරිකාව විසින් ඉරාකයේ මුස්ලිම් වරුන් ඝාතනය කළ පලියට ශ්‍රීලංකාව වැනි සාමකාමී රටක ක්රිස්තියාණි පල්ලි සහ හෝටල් වලට බෝම්බ ගසා මරාගෙන මැරීම යනු අන්තවාදී ක්‍රියාවකි. මෙය ඉස්ලාම් දහමින් තහනම් කර ඇත
ඉස්ලාම් දහමට අනුව අන්තවාදය යනු ආගමේ ඇතැම් කොන්දේසි වලට අවනත වී ඇතැම් කොන්දේසි උල්ංඝනය කිරීමයි. උදාහරණයක් ලෙස යුදමය වාතාවරණයකදී යුද කිරීමට අණ කරමින් පහල වූ ඉහත කුරාණ පාඨයට ඔවුන් සන්දර්භයෙන් තොරව අවනත වුවද සාමය ස්ථාපිත කිරීමට පහළ වූ පහත අනෙක් කුරාණ පාඨ සියල්ලක්ම ඔවුන් උල්ලංඝනය කර ඇත.
“යම් ආත්මයක් ඝාතනය කිරීම නිසා දඬුවමක් වශයෙන් හෝ මිහිතලයෙහි ඇතිවන කලහකාරකමක් වැළැක්වීම පණිස හෝ හැරෙන්නට යමෙකු අයුක්ති සහගත ලෙස තවත් ආත්මයක් ඝාතනය කළේද, ඔහු මිනිස් සංහතියම ඝාතනය කළා හා සමානය යන්නෙන්ද, කවරෙකු යම් ආත්මයක් ඝාතනයෙන් බේරාගනීද, ඔහු මිනිස් සංහතියම බේරාගත්තා මෙන්ය යනුවෙන් ඊස්රායිල්ගේ දරුවන්ට අප නියම කළෙමු. සැබවින්ම අපගේ පණිවුඩකරුවන් ඔවුන් වෙත පැහැදිලි සාධක රැගෙන පැමිණියෝය. පසුව සැබැවින්ම ඔවුන් අතුරින් බොහෝ දෙනා පසුව මිහිතලයෙහි සීමාව ඉක්මවා ගියෝය.” (අල්කුරාණ් 5:32)
“වැරදීමකින් මිස විශ්වාසකරන්නෙකු ඝාතනය කිරීමට තවත් විශ්වාසකරන්නෙකුට අයිතියක් නැත. කවරෙකු විශ්වාසකරන්නෙකුව වැරදීමකින් ඝාතනය කළේද එවිට වන්දියක් ලෙස ඔහු විශ්වාසික වහලෙකු නිදහස් කර ඝාතනය වූ අයගේ උරුමක්කාරයින්ට ඔවුන් දාන පරිත්‍යාගයක් වශයෙන් අත්හැරියානම් හැරෙන්න ඔවුන්ට වන්දි මුදල් ගෙවිය යුතුය.” (අල්කුරාණ් 4:92)
“නුඹලා නුඹලාවම ඝාතනය නොකරවු. සැබවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි පරම කරුණාභරිත වන්නේය.” (අල්කුරාණ් 4:29)
“කවරෙකු නුඹලා සමග යුද වදින්නේද ඔවුන් සමග පමණක් අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. තවද නුඹලා සීමාව ඉක්මවා නොයවු. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරයි.” (අල්කුරාණ් 4:190)
“මෙසේ කටයුතු කරන නුඹලා ධර්ම පුස්තකයේ ඇතැම් දෑ විශ්වාස කර ඇතැම් දෑ ප්‍රතික්ෂේප කරන්නෙහුද? නුඹලාගෙන් කවුරුන් එසේ කරන්නේද ඔවුනට මෙලොව ජීවිතයේ නින්දාව හැර අන් කිසි විපාකයක් නැත. තවද මළවුන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු දැඩි දඬුවම් දෙසට යොමු කරනු ලබන්නෝය. තවද නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අනවධානියෙකු නොවේ.” (අල්කුරාණ් 2:85)
ඉහත කුරාණ වාක්‍යයන්ට අනුව අන්තවාදය සහ ත්‍රස්තවාදය ඇතිවන්නට හේතුව ලෙස පෙන්වා දෙන්නේ අල්ලාහ් පහළ කරන ලද ධර්ම පුස්තකයේ එනම් කුරාණයේ තමන්ට වාසිදායක හෝ තමන්ගේ අරමුණ ඉටුවන වාක්‍යයන් පමණක් තෝරා බේරා ඒවාට අවනත වී තමන්ට අවාසිදායක හෝ අකමැති කොන්දේසි වලට අවනත නොවීමයි. මෙය භයානක තත්ත්වයකි. මෙවන් තත්ත්වයක් ඇතිවන්නට හේතුව ත්‍රස්තවාදය යන මාතෘකාව යටතේ සාකච්ඡා කර ඇත.
අනෙක් මාතෘකා පහත ලින්ක් ඔස්සේ කියවන්න