වර්තමානයේ ශ්‍රීලංකාවේ මෙන්ව ලෝකයේද ඉස්ලාම් භීතිය ශ්‍රීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් තිබේ. මෙම ඉස්ලාම් භීතියේ වර්ධනයත් සමග කරලියට පැමිණ ඇති මාතෘකා කිහිපයකි මූලධර්ම වාදය, අන්තවාදය, වහාබ් වාදය සහ ත්‍රස්තවාදය. මෙම මාතෘකා විටින් විට නිතර අසන්නට ලැබුණද, මේවායෙහි තේරුම් බොහෝ දෙනෙකුට හරි හැටි තේරුමක් නැත. ස්වාභාවිකවම මනුෂ්‍යයා නොදන්නා දේ කෙරෙහි බිය නිසා, මෙම වචන ඇසූ සැනින් ඉස්ලාම් භීතිය වැඩි වනු ඇත. මේ නිසා මෙම වචන කිහිපය විග්‍රහ කර විචාරය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව ත්‍රස්තවාදය යනු “දේශපාලනමය අරමුණු උදෙසා විශේෂයෙන්ම සිවිල් ජනතාවට විරුද්ධව ප්‍රචණ්ඩත්වයන් හෝ සාහසික ක්‍රියා සිදු කිරීම."
මේ අනුව ISIS සංවිධානය පහත කාරණා හේතුවෙන් ත්‍රස්තවාදී සංවිධානයක් වනු ඇත.
ත්‍රස්තවාදය යනු ඉතාමත් සංකීර්ණ ප්‍රපංචයකි. මෙය නීත්‍යානුකූල හමුදාවක් නොමැති කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන විශේෂ ඝනයේ දේශපාලනික ප්‍රචණ්ඩත්වයකි. මෙම පුද්ගලයින් ප්‍රචණ්ඩත්වය කෙරෙහි තල්ලු වීමට ඔවුන් තුළ කිසිදු විශේෂ ගුණාංග අවශ්‍ය නොවේ. නමුත් වටාපිටාවේ පවතින්නාවූ යම් යම් තත්ත්වයන් වෙනස් කිරීම පිණිස සිවිල් පුරවැසියන්ට හාණි කිරීම සාධාරණීය කරයි.
ශ්‍රීලංකාව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇති රටකි. වසර 30ක් රටට සාපයක් වූ LTTE ත්‍රස්තවාදයේ සුලමුල 1960-70 දශකයේ ඇතිවූ දෙමළ විරෝධි ගැටුම් තෙක් දිව යන අතර, මෙම ත්‍රස්තවාදී සංවිධානය අති ප්‍රභල වන්නට පටන්ගත්තේ 1983 කළු ජූලියෙන් පසුවය. එලෙසම ISIS සංවිධානයේ සුලමුල සොයා බැලූ විට එය ඇමරිකාව විසින් අෆ්ගනිස්ථානය ආක්‍රමනය කළ අවස්ථාව තෙක් දිව යන අතර, ඉරාක ආක්‍රමනයත් සමග ශ්‍රීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය. ISIS සංවිධානයේ ආරම්භය සහ වර්ධනය ගැන කියවීමට මෙතනින් ක්ලික් කරන්න.
එසේම ශ්‍රීලංකාව තුළද ISIS ත්‍රස්තවාදී සංවිධානය බිහිවීමට සහ වර්ධනය වීමට හේතුව කළක් තිස්සේ දේශපාලනමය අරමුණු උදෙසා රට තුළ ඇති වු මුස්ලිම් විරෝධී මතවාද සහ අළුත්ගම, දිගන ආදී ප්‍රදේශ වල ඉස්ලාම් භක්තිකයින්ට විරුද්ධව සිදු වූ ප්‍රචණ්ඩත්වයයි. ශ්‍රී ලංකාවේ, පලස්තීනයේ, ඉරාකයේ, සිරියාවේ, අෆ්ගනිස්තානයේ, මියන්මාරය ඇතුළු ලෝකයේ බොහෝ රටවල මුස්ලිම් ජනතාවට වන අසාධාරණයන් සමාජ මාධ්‍ය ඔස්සේ දකින මුස්ලිම් තරුණයින් ආවේගයට පත්වී තම ආත්ම තෘප්තිය පිණිස මෙම තත්ත්වයන්ට එරෙහිව යමක් කළ යුතුයි යන අවශ්‍යතාවය පැන නගියි. මෙවැනි තරුණයින් ISIS සංවිධානය වැනි සංවිධාන වල න්‍යායපත්‍රවලට පහසු ලෙස ගොදුරු වී ලෝකයේ පවතින මේ සියළුම ප්‍රශ්න වලට එකම විසඳුම නැවතත් ඉස්ලාමීය අධිරාජ්‍යය ස්ථාපිත කිරීම යන මතවාදයට එළඹෙයි. හරි හැටි ඉස්ලාම් දහම පිළිබඳ අවබෝධයක් නොමැති මොවුන් ජාත්‍යන්තර සංවිධානවල න්‍යායපත්‍රවලට අනුව නැටවී මෑතකදී වුනාක් මෙන් සාහසික අපරාධ සිදුකර ඒවා අන්තවාදී අයුරින් සාධාරණියකරනය කරයි.
එනමුත් ඇතැමුන් සියලු ත්‍රස්තවාදීන් මුස්ලිම් රටවල සිටින්නන් බවට තර්ක කරයි. නමුත් මෙම සංකල්පය ඉතාමත් අසාධාරණ සංකල්පයක් බව අප රටේ ඉතිහාසය බැලූ විටම පැහැදිලි වේ. ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු වැනි අප රටේ ජාතික වීරයින් ඉංග්‍රීසීන් විසින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අයුරු ඔවුන් නොදන්නවා විය හැක. ඔවුන් උපයෝගී කරගන්නා උදාහරණ ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, යෙමනව, සිරියාව සහ පලස්තීනය නම් රටවල් ය. නමුත් මෙසේ පවසන පුද්ගලයින් කිසි විටක මෙම රටවල මෙවන් ත්‍රස්තවාදී වාතාවරනයක් බිහි වීමට හේතුව හෝ එහි ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමට කිසිදු උනන්දුවක් නැත. මෙයට හේතුව මොවුන්ගේ මනස් බටහිර අධිරාජ්‍යවාදයට වහල් වී තිබීම හෝ ඉස්ලාම් ආගම කෙරෙහි ඇති වෛරයක් විය හැක.
කෙසේ වෙතත් ත්‍රස්තවාදී න්‍යායපත්‍රයකට ආගම සම්බන්ධ කිරීම කෙතරම් භයානක දැයි කියා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා සාමය පෙරදැරි කරගත් ඉස්ලාම් දහමේ මූලධර්ම පිළිබඳ නිවැරදි අවබෝධයක් තරුණයින්ට ලබාදිය යුතුය. මෙය එම තරුණයින් වෙනත් දේශපාලනික න්‍යායපත්‍රයන් සඳහා ආගම උපයෝගී කරගන්නා අවසථාවාදීන්හට ගොදුරු වීමෙ අවදානමින් ආරක්ෂා වීමට බෛහවින් වැදගත් වේ. මේ පිළිබඳව ඉස්ලාමීය මූලධර්මවාදය සහ ඉස්ලාමීය අන්තවාදය යන ලිපි වල වැඩි දුර සාකච්ඡා කර ඇත.