මුහම්මද් නබිතුමාගේ අනුගාමකයින් වර්ධනය වෙමින් පැවතුණි. නමුත් අළුතින් එකතු වූ අනුගාමිකයින් බොහෝ දෙනා වහළුන්, නිදහස් වන ලද වහළුන්, නගරයට පිටින් විසූ පුද්ගලයින් සහ සමාජයේ එතරම් පිළිගැනීමක් නොතිබූ පුද්ගලයින් ආදිය වූහ. මේ හේතුවෙන් කුරෙයිෂි නායකයින් තුළ මෙම ආගම සම්බන්ධයෙන් වෛරය තවත් වැඩි වන්නට වූහ. මේ හේතුවෙන් මුහම්මද් නබිතුමා කුරෙයිෂි නායකින්ව ඉස්ලාම් ආගමට ආරාධනා කිරීමට ඉමහත් උත්සාහයක් දැරුව ද කිසිදු සාර්ථකත්වයක් නොලැබිණි. කොටින්ම කිවහොත් ඔහුගේ ආදරණීය මාමා වන අබූ තාලිබ් පවා ඉස්ලාම් ආගම වැළඳනොගත්තේය.
නමුත් උත්සාහය අත් නොහැරි මුහම්මද් නබිතුමා දිනක් කුරෙයිෂි වංශයේ මක්සුම් කුළයේ නායකයා, මක්කාවේ බලවත් පුද්ගලයකු ද වූ අබූ ජහ්ල්ගේ මමා වලිද් සමග තනිවම සංවාදයක යෙදෙන්නට උත්සාහ කළේය. ඔවුන් මෙසේ සංවාදයේ යෙදී සිටි අවස්ථාවේ අන්ධ මනුස්සයකු ඔවුන් අතරට පැමිණ මුහම්මද් නබිතුමාගේ කට හඬ ඇසුණු විගස ඔහුගෙන් කුරාණ වාක්‍ය කිහිපයක් පාරායණා කරන ලෙසට ආයාචනා කළේය. වැදගත් පුද්ගලයකු සමග වැදගත් සංවාදයක යෙදී සිටි මුහම්මද් නබිතුමාට මෙය කරදරයක් වූ හෙයින් මුහම්මද් නබිතුමා ඔහුට ඉවසා සිටින්න, වෙනත් වෙලාවක පාරායනා කරන්නම් යනුවෙන් ඔහුට පැවසූ නමුත් එම අන්ධ පුද්ගලයා නැවත නැවත ආයාචනා කරත්ම මුහම්මද් නබි තුමා ඔහු දෙස ඔරවා අහක බලාගත්තේය. මේ හේතුවෙන් වලිද් සමග සංවාදය බිඳ වැටුණි.
මෙම අවස්ථාවේ අල්ලාහ් විසින් පහත කුරාණ වාක්‍ය කිහිපය පහළ කළේය.
ඔහු ඔරවා අහක බලාගත්තේය.
අන්ධ මිනිසා ඔහු වෙත පැමිණි හේතුවෙන්ය.
නමුත් නුඹ කෙසේ දැනගන්නේද? ඔහු (අන්ධ මිනිසා) පවිත්‍ර විය හැක.
නැතහොත් ඔහු උපදෙස් ලබන්නට ඉඩ ඇත. තවද එම උපදෙස් ඔහුට ප්‍රයෝජනවත් වන්නට හැක.
දහම දැනගැනීමට අවශ්‍යතාවකින් තොරව සිටින්නා පිළිබඳව සඳහන් කරන්නේ නම්. නුඹ ඔහු වෙත අවධානය යොමු කරන්නෙහිය.” (අල්කුරාණ් 80:1-6)
මෙම සම්භවය සිදුවී ටික දිනකට පසුව වලිද් විසින් මා කුරෙයිෂි නායකයාව සිටන විට ඇයි මුහම්මද්ට කුරාණය අනාවරණය වූයේ? මා හෝ තායිෆ් හි නායකයා වන අබූ මසූද් මෙම දිව්‍ය වාක්‍ය ලබන්නට වඩාත් සුදුසු පුද්ගලයින් නොවේ ද? යන්නෙන් පැවසූ බව වාර්ථා වේ.