උම්රා වන්දනාවෙන් පසුව ටික දිනකින් මුහම්මද් නබිතුමාගේ දියණිය වූ සෙයිනබ්ගේ මරණය සිදු විය. මේ වන විට මුහම්මද් නබිතුමාට සිටි භාර්යාවන් අතුරින් ඔහුට දරුවකු ලබා දී තිබුනේ කතීජා පමණි. මේ හේතුවෙන් මුහම්මද් නබිතුමාගේ සියලු නව විවාහයකින් පසුවම ජනයා විසින් මුහම්මද් නබිතුමාට දරුවකු ලැබෙතියි නව අපේක්ෂාවන් බිහි කරගත් අතර කල් ගතවෙත්ම මෙම අපේක්ෂාවන් නිවී ගියහ.
උම්රා වන්දනාවෙන් මාස තුනකට පමණ පසුව මුහම්මද් නබිතුමා පුද්ගලයින් පහළොවක පිරිසක් ඉස්ලාම් දහමේ සාමකාමී දූතයින් ලෙස සිරියාවේ මායිම් පෙදෙසක ජීවත් වූ යම් වාංශිකයින් පිරිසක් වෙතට යවන ලදි. නමුත් මෙම පිරිසට වෙනත් පිරිසකගෙන් විශාල ඊතල් ප්‍රහාරයක් එල්ල වූ අතර පසුව එක් අයකු හැර අනෙක් සියලු දෙනාම මරණයට ලක් විය.
තවත් අවස්ථාවක නබිතුමා දිහ්යා අල් කල්බි නම් පුද්ගලයකු සමග බස්රාවේ සීසර් වෙත ලිපියක් යවන ලදි. මෙම ලිපියට තවමත් ප්‍රතිචාරයක් නොලැබුනු කල්හි ඔහු තවත් දූතයකු මේ සඳහා යවන ලදි. නමුත් මෙම දූතයාව ගස්සාන් නම් වංශයේ ක්‍රිස්තියාණින් පිරිසක් විසින් මරණයට පත් කළෝය. මුහම්මද් නබිතුමා තුන් දහසක පමණ හමුදාවක් එක්රැස් කොට සෙයිද්ගේ නායකත්වය යටතේ සතුරන් වෙත යවන ලදි. තව ද සෙයිද් මෙයින් මරණයට පත් වුවහොත් ජාෆර් නායකත්වය ඉසිලිය යුතු බවත් ජාෆර් ද මරණයට පත් වුවහොත් අබ්දල්ලා ඉබනූ රව්හා නායකත්වට හෙබවිය යුතුබවත් මෙම තිදෙනාම මරණයට පත් වුවහොත් පිරිස එක්රැස් වී යම් පුද්ගලයකු නායකයා ලෙස තෝරා පත්කරගත යුතු බවත් උපදෙස් දුන්නේය.
ඔවුන් සිරියා මායිමට සමීප වූ විට ඔවුනට ඔවුන්ගේ සතුරන් සෑහෙන පිරිසක් ඔවුනට එරෙහිව සටනට ලැහැස්ති වී සිටි බවත් සීසර්ගේ නියෝජිතයින් විසින් ඔවුනට සෑහෙන යුද උපකරණ සහ හේවායන්ගෙන් උපකාර කර ඇති බවත් අසන්නට ලැබිණි. මෙම සතුරු හමුදාව ලක්ෂයක පමණ පිරිසකගෙන් සමන්විත බව පැවසේ. මෙම ආරංචියෙන් පසුව සයිද් රැස්වීමක් තබා සාකච්ඡා කළ අතර බොහෝ දෙනා වහාම මුහම්මද් නබිතුමාට මෙම තත්ත්වය පිළිබඳව දන්වා උපකාර ලබා ගැනීමට යෝජනා කළෝය. නමුත් අබ්දල්ලා මෙයට විරුද්ධ වී අප ඉදිරියේ ජයග්‍රහණය හෝ අල්ලාහ්ට ප්‍රාණත්‍යාග කොට ස්වර්ගයේ අපගේ සහෝදරයින් මුණගැසීම යන යහපත් දෑ දෙකෙන් එකක් ඇත. මේ නිසා සටනට යමු යන්නෙන් සෑම යුද්ධයකදීම මතක් කරන ප්‍රකාශය ප්‍රකාශ කළේය. මීට කිසිවකු එරෙහි නොවූ හෙයින් ඔවුන් සටනට යන්නට තීරණය කළෝය.
ටික දිනක ගමනකින් පසුව ඔවුන්ට සතුරන් දිස් විය. අරාබි සහ රෝම අධිරාජ්‍ය හමුදා එකතුව අති විශාල බව ඔවුනට වැටහිණි. මෙවන් සුවිශාල හමුදාවක් ඔවුන් මින් පෙර කිසි දිනක දැක නැති සේය. තව ද ඔවුන් සතුව තිබූ බලවත් ආයුද ද අතිවිශිෂ්ඨය. තව ද ඔවුන් සතුරන්ට මුහුණ දීමට ලැහැස්ති වී සිටි බව පෙනුණි. භූමියේ බෑවුම මුස්ලිම් හමුදාවට අවාසිදායකව පැවතීම හේතුවෙන් සයිද් දකුණු දෙසට ගමන් කර මුතා නම් ප්‍රදේශයේ රැස් වන්නට තීරණය කළේය. සතුරන් ඔවුන්ව මුතා ප්‍රදේශයට ලුහුබැඳ ගියහ. සයිද් මෙම ප්‍රදේශයේ සතුරන්ට පහර දීමට නියෝග කළේය. මෙම අවස්ථාව මුහම්මද් නබිතුමාට මදීනාවෙහි සිට ප්‍රාතිහාර්යයකින් දිස් විය. සයිද් හට මාරාන්ති තුවාල රාශියක් සිදු වී අවසානයේදී ඇද වැටෙනු ඔහු දුටුවේය. පසුව ජාෆර් ධජය රැගෙන මරණයට පත් වනතෙක් සටන් කරනු ඔහු දුටුවේය. පසුව අබ්දල්ලා ද ධජය රැගෙන සටන් කර මරණයට පත් වනු ඔහු දුටුවේය. මෙයින් පසුබෑමකට ලක් වූ මුස්ලිම් හමුදාව තරමක් විසිරී ගියහ. පසුව තාබිත් ඉබ්නූ අර්කාම් විසින් ධජය රැගෙන කාලිද්ට ලබා දිය. යම් පැකිලීමකින් ධජය රැගත් කාලිද් හමුදාව නැවතත් ඒකරාශි කළේය. මේ හේතුවෙන් නැවතත් ප්‍රහාරයක් එල්ල කිරීම පිණිස සතුරන් ප්‍රමාණවත් දුරකට පසු පසට ගිය විට කාලිද් තම හමුදාව රැගෙන පසු බසින්නට නියෝග කළේය. මේ වන විට මුස්ලිම් හමුදාවෙහි නායකයින් තිදෙනා සමග තවත් පස් දෙනෙකු මරණයට පත් ව සිටියෝය.
මේ සියල්ල මදීනාවෙහි සිට බලා සිටි මුහම්මද් නබිතුමා ඔහුගේ පිරිසට සටන පිළිබඳව විස්තර කළේය. සයිද්, ජාෆර් සහ අබ්දල්ලාගේ මරණය සිදු වූ අයුරු විස්තර කරත්ම ඔහුගේ නෙත් වලින් කඳුලු ගලන්නට විය. අවසානයේදී අල්ලාහ්ගේ කඩුවක් කොඩිය අතට ගත් අතර අල්ලාහ් විසින් මුස්ලිම් හමුදාව බෙරී පලා යාමට මග විවෘත කර දෙන ලදි යන්නෙන් අවසන් කළේය. මෙදින ඔහු තුළ තිබුණු දැඩි ශෝකය හේතුවෙන් සෑම නැමදුමකින් පසුවම ඔහු පිරිස දෙස නොබලා වහාම නිවසට පිටත් විය. ඔහු ජාෆර්ගේ නිවසට ගොස් ජාෆර්ගේ පුතුන් සිපගෙන ඔහුගේ ශෝකට ඔවුන් සමග බෙදාගත්තේය.
හමුදාව මදීනාවට පැමිණි කල්හි මිනිසුන් ඔවුනට වැලි ගසා බිය ගුල්ලො යන්නෙන් කෑ ගැසූහ. නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොකර පසු බැස්සේ දැයි ඔවුන් ප්‍රශ්න කළෝය. එවිට මුහමම්ද් නබිතුමා නැත. අල්ලාහ් කැමති වුවහොත් ඔවුන් නැවතත් සටනට අවතීර්ණ වන්නන් යැයි පැවසුවේය.
ඉන් පසුව මුහම්මද් නබිතුමා අම්ර්ගේ නායකත්වයෙන් සිරියානු මායිමෙහි බාලි සහ කුදා නම් සතුරු වාංශිකයින් පිරිසක් වෙත තුන්සියයක හමුදාවක් පිටත් කර හරින ලදි. මෙම හමුදාව ප්‍රමාණවත් නොවන බව ආරංචි වීමෙන් තවත් දෙසියයක හමුදාවක් ඔවුන් වෙතට යවන ලදි. අම්ර් මෙම පන්සියයක හමුදාව රැගෙන සතුරන් වෙතට ගිය අවස්ථාවේදී කෙටි ඊතල් හුවමාරුවකින් පසුව සතුරන් සටනක් නොමැතිවම පසු බසින ලදි. මේ අනුව නැවතත් මුස්ලිම්වරු සිරියානු මායිමත් සමග සතුරන් අඩපණ කොට සම්බන්ධතා තහවුරු කරන ලදි. මෙම සම්බන්ධතා මදීනාවෙහි සෑම දිශාවකටම ශ්‍රීඝ්‍රයෙන් විහිදෙන්නට විය. මීට හේතුව හුදෙක්ම ධාර්මික හේතු පමණක් නොව. මුහමම්ද් නබිතුමාව අනෙකුත් පාර්ෂවන් සමග සංසන්දනය කළ විට සතුරකු ලෙස ඉතාමත්ම භයානක සතුරකු බවත් මිතුරකු ලෙස ඉතාමත්ම බලවත් විශ්වාසවන්ත සහ ත්‍යාගශීලී මිතුරකු බවත් ප්‍රචලිත වෙමින් තිබුණි. මේ සියල්ලටම අමතරව මුස්ලිම්වරු තනි තනිවම ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත කිරීමට දරණ ලද ප්‍රයත්නය අන් සියලු කාරණා වලට වඩා බලවත් විය.